Instagram: 'තරුණ මනසට අහිතකරම සමාජ මාධ්‍ය ජාලය'
සමාජ මාධ්‍ය ජාලා අතරින් තරුණ තරුණියන්ගේ මානසික සෞඛ්‍යයට අහිතකර ම සමාජ මාධ්‍ය ජාලය 'ඉන්ස්ටග්‍රෑම්' බව සමීක්ෂණයකින් හෙළිවී වෙයි.
මහා බ්‍රිතාන්‍යයේ සිදුකළ මෙම සමීක්ෂණය සඳහා වයස අවුරුදු 14ත් 24ත් අතර තරුණ තරුණියන් 1479 දෙනෙකුගේ මතය විමසා තිබේ.
සාංකාව, විෂාදය, තනිකම සහ මානසික හිරිහැර වැනි ගැටලු ඇතිකරවන ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාලා අනුපිළිවෙලින් දක්වන ලෙස සමීක්ෂකයෝ ඔවුන්ගෙන් ඉල්ලා සිටියහ.
අන්තර්ජාලය ඔස්සේ කරන ලද මෙම මත විමසුමේ දී සැලකිල්ලට ගෙන ඇත්තේ YouTube, Instagram, Snapchat, Facebook සහ Twitter වැනි සමාජ ජාලා මගින් තරුණ තරුණියන්ට ඇතිවන බලපෑම ය.
එම සමාජ ජාලා භාවිත කිරීම තුළින් තමන්ගේ සෞඛ්‍යයට හෝ යහපැවැත්මට යම් හානියක් සිදුවී ඇත්දැයි සෞඛ්‍ය ගැටලු 14ක ලැයිස්තුවක් ඉදිරිපත් කරමින් මෙහිදී සමීක්ෂකයෝ විමසා සිටියහ.
ඊට ලැබුණු ප්‍රතිචාර සහ ඇගයීම් තක්සේරු කළවිට පෙනීගොස් ඇත්තේ මානසික සෞඛ්‍යයට වැඩිම ධනාත්මක බලපෑමක් ඇතිවන්නේ YouTube සමාජ මාධ්‍යය තුළින් බවය. එහි දෙවැනි සහ තුන්වැනි ස්ථානය අනුපිළිවෙලින් Twitter සහ Facebook මාධ්‍ය ජාලාවලට හිමිවී තිබේ.
ඒ අනුව වැඩිම සෘණාත්මක මානසික බලපෑම සිදුවන සමාජ මාධ්‍ය ජාලය Instagram බව බහුතරයගේ මතය විය. එහි දෙවැනි තැනට Snapchat මාධ්‍ය ජාලය දැක්වෙයි.
කෙසේ නමුත් Instagram පවසන්නේ තම මාධ්‍යය භාවිතා කරන්නන්ගේ ආරක්‍ෂාව ප්‍රමුඛකොට සලකන බවය.
Source : http://www.bbc.com/sinhala/world-39977629