Instagram: 'තරුණ මනසට අහිතකරම සමාජ මාධ්‍ය ජාලය'

mashh

Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    Instagram: 'තරුණ මනසට අහිතකරම සමාජ මාධ්‍ය ජාලය'

    සමාජ මාධ්‍ය ජාලා අතරින් තරුණ තරුණියන්ගේ මානසික සෞඛ්‍යයට අහිතකර ම සමාජ මාධ්‍ය ජාලය 'ඉන්ස්ටග්‍රෑම්' බව සමීක්ෂණයකින් හෙළිවී වෙයි.

    මහා බ්‍රිතාන්‍යයේ සිදුකළ මෙම සමීක්ෂණය සඳහා වයස අවුරුදු 14ත් 24ත් අතර තරුණ තරුණියන් 1479 දෙනෙකුගේ මතය විමසා තිබේ.
    සාංකාව, විෂාදය, තනිකම සහ මානසික හිරිහැර වැනි ගැටලු ඇතිකරවන ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාලා අනුපිළිවෙලින් දක්වන ලෙස සමීක්ෂකයෝ ඔවුන්ගෙන් ඉල්ලා සිටියහ.

    අන්තර්ජාලය ඔස්සේ කරන ලද මෙම මත විමසුමේ දී සැලකිල්ලට ගෙන ඇත්තේ YouTube, Instagram, Snapchat, Facebook සහ Twitter වැනි සමාජ ජාලා මගින් තරුණ තරුණියන්ට ඇතිවන බලපෑම ය.

    එම සමාජ ජාලා භාවිත කිරීම තුළින් තමන්ගේ සෞඛ්‍යයට හෝ යහපැවැත්මට යම් හානියක් සිදුවී ඇත්දැයි සෞඛ්‍ය ගැටලු 14ක ලැයිස්තුවක් ඉදිරිපත් කරමින් මෙහිදී සමීක්ෂකයෝ විමසා සිටියහ.

    ඊට ලැබුණු ප්‍රතිචාර සහ ඇගයීම් තක්සේරු කළවිට පෙනීගොස් ඇත්තේ මානසික සෞඛ්‍යයට වැඩිම ධනාත්මක බලපෑමක් ඇතිවන්නේ YouTube සමාජ මාධ්‍යය තුළින් බවය. එහි දෙවැනි සහ තුන්වැනි ස්ථානය අනුපිළිවෙලින් Twitter සහ Facebook මාධ්‍ය ජාලාවලට හිමිවී තිබේ.

    ඒ අනුව වැඩිම සෘණාත්මක මානසික බලපෑම සිදුවන සමාජ මාධ්‍ය ජාලය Instagram බව බහුතරයගේ මතය විය. එහි දෙවැනි තැනට Snapchat මාධ්‍ය ජාලය දැක්වෙයි.

    කෙසේ නමුත් Instagram පවසන්නේ තම මාධ්‍යය භාවිතා කරන්නන්ගේ ආරක්‍ෂාව ප්‍රමුඛකොට සලකන බවය.

    Source : http://www.bbc.com/sinhala/world-39977629
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    මාත් Instagram පාවිච්චි කලා. දැනට අවුරුද්දකට විතර උඩදි account එක remove කරල දැම්ම. තේරුමක් නෑ බන් ඉතින්. වැඩිහරියක් ඉන්නේ නොදන්න උන්. එක එකාගෙ photos බලන්නයි ඔවට ලයික් කරන්නයි ඉතින් අපේ කාලෙයි Data යි මොකට නාස්ති කරනවද. අනික ඉතින් දන්න කියන උන් ටික fb හිටියම මදැයි. photo share කරගන්න තව network එකක් මොකටද :nerd:

    හැබැයි ඉතින් කෑලි වල photo බලනවනම් Instagram තමයි තැන.ඔය modeling / acting පිස්සුව ගහපු උන් ඔ්කෙ තමයි රගන්නේ :lol:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මාත් Instagram පාවිච්චි කලා. දැනට අවුරුද්දකට විතර උඩදි account එක remove කරල දැම්ම. තේරුමක් නෑ බන් ඉතින්. වැඩිහරියක් ඉන්නේ නොදන්න උන්. එක එකාගෙ photos බලන්නයි ඔවට ලයික් කරන්නයි ඉතින් අපේ කාලෙයි Data යි මොකට නාස්ති කරනවද. අනික ඉතින් දන්න කියන උන් ටික fb හිටියම මදැයි. photo share කරගන්න තව network එකක් මොකටද :nerd:

    හැබැයි ඉතින් කෑලි වල photo බලනවනම් Instagram තමයි තැන.ඔය modeling / acting පිස්සුව ගහපු උන් ඔ්කෙ තමයි රගන්නේ :lol:
    :yes: :rofl:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    තරුණ තරුණියන්ගේ කන්න ඔලුවක් දැන් තියෙනවද බන්.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    හැබැයි ඉතින් කෑලි වල photo බලනවනම් Instagram තමයි තැන.ඔය modeling / acting පිස්සුව ගහපු උන් ඔ්කෙ තමයි රගන්නේ :lol:

    සිරාවට මෙකනම් ඇත්ත
    වැඩි හරියක් පින්තුර දාන එවුන් අමුතු ගොබ්බ ඩයල්
     
    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    මාත් Instagram පාවිච්චි කලා. දැනට අවුරුද්දකට විතර උඩදි account එක remove කරල දැම්ම. තේරුමක් නෑ බන් ඉතින්. වැඩිහරියක් ඉන්නේ නොදන්න උන්. එක එකාගෙ photos බලන්නයි ඔවට ලයික් කරන්නයි ඉතින් අපේ කාලෙයි Data යි මොකට නාස්ති කරනවද. අනික ඉතින් දන්න කියන උන් ටික fb හිටියම මදැයි. photo share කරගන්න තව network එකක් මොකටද :nerd:

    හැබැයි ඉතින් කෑලි වල photo බලනවනම් Instagram තමයි තැන.ඔය modeling / acting පිස්සුව ගහපු උන් ඔ්කෙ තමයි රගන්නේ :lol:
    හැම අතින්ම සිරා කතාව
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගැටලු ඇතිකරවන ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාලා අනුපිළිවෙලින් දක්වන ලෙස සමීක්ෂකයෝ ඔවුන්ගෙන් ඉල්ලා සිටියහ.

    සමීක්ශණේට සහභාගී වෙන අය කොහොමද දන්නෙ සමාජ ජාලෙ නිසා මෙහෙම වෙන්නෙ කියල ? බොහෝ විට වෙන්නෙ උන්ට තියෙන ප්‍රශ්න නිසා ඕවට යන එක සහ ප්‍රශ්නයක් ඇති වුනාම වැඩියෙන් පාවිච්චි කරන එක නිසා තමා වැඩියෙන් හානි වෙන්නෙ කියල හිතල වෝට් කරන එක. මෙහෙම කරන සමීක්ශණ වල ප්‍රතිඵල වලිං සමාජ ජාලෙ හානිය තක්සේරු කරන්න බෑ. ඕවගෙන් ගන්න පුලුවන් එකම දේ ඔහොම අය මේ මේ සමාජ ජාල ගැන දරණ ආකල්පය දැනගැනීම විතරයි. මොකකින් හරි වෙන හානිය තක්සේරු කරන්නෙ නියැදි කිහිපයක් වෙන් කල්ල එක එක අයට එක සමාජ ජාලයක් විතරක් පාවිච්චි කරන්න දීල වෙනස් වීම බලන එක. ඒකටත් දැනටම ඔය ප්‍රශ්න තියෙන උන්ව විතරක් අරං හරියන්නෑ පුලුවන් තරම් ලොකු ප්‍රදේශයක් ආවරණය වෙන්න නියැදි තෝරන්න ඕනෙ. උඹල බය නැතුව Instagram පලයල්ල :baffled::baffled: