ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්න ආසද? මාසෙකට $2000ක් $3500ක් විතර ගෙදර ඉඳන් හොයන්න ආසද? දවසට මිනිත්තු 30ක් විතරක් වැඩ කරලා මාසෙ අන්තිමට ලොකු චෙක් එකක් එනවා නම් ආසද? මේවා සේරම හීන තමයි මචන්ලා. එහෙම කිසිම මහන්සියක් නැතුව සල්ලි හොයන්න බැහැ. හැම එකටම මහන්සි වෙන්න වෙනවා. මහන්සි වෙලා වැඩ කරන තරමට ඉන්ටර්නෙට් එකෙන් හොයන්න පුළුවන්.. ඉන්ටර්නෙට් එකේ දීර්ඝකාලීනව සල්ලි හොයන්න ට්‍රික් නැහැ. ඕන නම් බොරුවක් කරලා $100ක් $200ක් හොයන්න පුළුවන්, ඒත් කෙටි කාලෙකට විතරයි. හැමදාම සල්ලි හොයන්න නම් ගොඩක් මහන්සි වෙන්න වෙනවා. මහන්සි වෙන්න බැරි නම් ඔනලයින් සල්ලි හොයන්න හිතන එකත් ගොං වැඩක්!