මම මේ කියන එක කොහොම වෙයිද දන්නෑ.මේ ත්‍රෙඩ් එක දාපු එකා 2024 දාලා තියෙන්නේ.මේක ඌට නෙමෙයි.කවදාහරි මම වගේ මේ ත්‍රෙඩ් එක සම්පුර්ණයෙන් කියවන එකෙක්ට.මුලින්ම කරේ කැශ් කලෙක්ටින් ජොබක්.යුනි එන්න කලින්.මාව ගන්නකොට බයෙන් ගත්තේ කෙලවගනිද කියලා...මම ෆ්‍රෙශ් නිසා.HR එකේ මට වඩා අවුරුදු 6 වැඩිමල් කෙල්ලෙක් හිටියේ.ඒ බොසාගේ රිලේශන් කෙනෙක්ගේ දුවෙක්ලු.මගෙන් ඇහුවත් එක්ක කිණ්ඩියට ලක්ශ 20ක් දැකලවත් තියේද කියලා.මොකද ඒ කම්පැනි එකේ කලින් හිටපු කෑශ් කලෙක්ටර්ගේ මාසෙක සාමාන්‍ය කලෙක්ශන් එක ලක්ශ 20ලු.මම ඉතින් ඕක ගත්තා.උබලට කියන්න මම මාස තුනක් ඇතුලත් කලෙක්ශන් එක කෝටි 2.5.උබලා කියන්නේ මම කඩේට යනකොට මුදලාලියා ලාච්චුව ඇරලා සල්ලි ගනිනවා.එච්චරටම ෆිට් වෙලා හිටියේ.ඊටපස්සේ බොසා මට බයික් එකක් අරන් දුන්නා.කම්පැනියට ගත්තේ හැබැයි මම පාවිච්චි කරේ.එකපාරක් බොසා ඇක්සිඩන්ට් වුනා wrx 250 එකක ගිහින් මනුස්සයට ලේ ඔනි වුනා ලේ දුන්නෙත් මම.මට අන්තිමට කතා කරේ බොසාගේ අලුත් කම්පැනියේ මැනේජර්ට ගියේ මම රු 35000ට මට ආපු ඔෆර් එක රු 250,000 වාහනයක්,කෑම බීම,ඉන්න තැනක්,පෙට්‍රල්.ඒ කාලෙ මම යුනි ආවා ඔක්කොම දාලා.එන දවසේ Hr එකේ ගැනිගේ මේසේ උඩ මම කලෙට කරපුවගේ සම්පුර්ණ විස්තර තියලා ආවේ.බොසාටත් කියුවා.