IPL මුලාව

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    පසුගියදා IPL ලෝලීන් බහුතරක් මවිත කරමින්, ඉන්දීය ක්‍රීඩකයන් තිදෙනෙක් IPL තරඟාවලියේ මුදලට තරඟ පාවාදීමේ චෝදනා මත අත් අඩංගුවට ගැනීමත් සමඟ ඇරඹුණු වියවුල, මේ වනවිට තවත් දරුණු අතට හැරී තිබෙනවා. මේ වනවිට අත් අඩංගුවට පත්වඇති ක්‍රීඩකයන් සංඛ්‍යයාව 5ක්. තිදෙනෙල් මෙවර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් වන අතර, අනෙක් දෙදෙනා පෙර වසර වල ක්‍රීඩා කළ මේ වන විට බුකී කරුවන් ලෙස ක්‍රියා කළ අයයි.

    මෙයට අමතරව පාකිස්ථාන ජාතික විනිසුරු අසාද් රාවුෆ් ද IPL තරඟාවලියේදී මුදලට තරඟ පාවා දීම් වලට සම්බන්ධ යැයි සැක මතුවනවා. මුම්බායි පොලිසිය මඟින් මේ පිළිබඳව සැක මතු කිරීමත් සමඟ, ICC ය එළඹෙන Champions Trophy තරඟාවලියේ තරඟ කටයුතු වලින් රාවුෆ් ව ඉවත් කිරීමට කටයුතු කළා. මෙම මුදලට තරඟ පාවාදීමේ සිද්ධීන් පිළිබඳව තරඟයට පරීක්ෂණ පැවැත්වීමට දිල්ලි හා මුම්බායි පොලිසි මේ වනවිට කටයුතු කරනවා. පෙර සඳහන් කළ ක්‍රීඩකයන් 5 දෙනා අත් අඩංගුවට ගනු ලැබුවේ දිල්ලි පොලිසිය මඟින් සිදුකළ පරීක්ෂණ අනුව වන අතර, ඔවුන්ට අනුව ඉදිරියේදී තවත් ක්‍රීඩකයන් සම්බන්ධයෙන් අනාවරණය වීමට ඉඩ තිබේ.

    අසාද් රාවුෆ් පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන්නේ මුම්බායි පොලිසියෙන් වන අතර, ඔවුන්ට අනුව මෙම ඔට්ටු ඇල්ලීම් හා තරඟ පාවාදීම් ක්‍රීඩකයන්ගේ මට්ටමින් ඔඩුදුවා තිබෙන්නට පුළුවන්. ඔවුන්ගේ පරීක්ෂණ අනුව චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම් හිමිකරුවන් සමඟ සමීප ආශ්‍රයක් පවත්වන බොලිවුඩ් නළු වින්දු ධාරා සින්ග් බුකී කරුවන් සමඟ සබඳතා පවත්වා තිබෙනවා. මේ චෝදනාවට ඔහුව මුම්බායි පොලිසිය මඟින් අත් අඩංගුවට ගත් අතර, එහිඳී ඔහු හෙළි කළ කරුණු විශ්මය දනවන සුලුයි.

    වින්දු IPL තරඟාවලියේ චෙන්නායි කණ්ඩායමේ සෑම තරඟයක්ම පාහේ නරඹන්නේ විශේෂ අමුත්තන්ගේ මණ්ඩපයේ සිටයි

    M_Id_387415_Vindoo_Dara_Singh.jpg



    චෙන්නායි සුපර් කින්ග්ස් නායක දෝනි ගේ බිරිඳ සාක්ෂි දෝනි අසල සිට තරඟ නරඹන වින්දු ධාරා සින්ග්


    කෙසේ වුවත් මුම්බායි පොලිසියට අනුව වින්දු බුකී කරුවන් සමඟ සබඳතා පවත්වා තිබේ. වැඩි දුර පරීක්ෂණ මඟින් අනාවරනය වූයේ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමේ හිමිකරු, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති N ශ්‍රීනිවාසන්ගේ බෑනා වන ගුරුනාත් මෙයියප්පන්, වින්දු ධාරා සින්ග් සමඟ දින කිහිපයක් ඇතුලත 30 වතාවකට වඩා දුරකථන ඇමතුම් ලබාගෙන ඇති බවයි. මේ අනුව මුම්බායි පොලිසියට ගුරුනාත් ගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍යය වුවද, අද වනතෙක් එය සිදු කළ හැකි වූයේ නැහැ. මුම්බායි පොලිසිය ගුරුනාත් ගේ නිවසට ගිය විටදී ඔහු එහි නොසිටි බවයි පැවසෙන්නේ. තවද ගුරුනාත් විසින් තමන්ට ලබන සඳුදා වනතෙක් කල් ලබාදෙන ලෙස ඉල්ලීම් කළද, පොලිසිය විසින් ඔහුට පැවසුවේ අද සවස 5ට පෙර පොලිසියට පැමිණෙන ලෙසයි. කෙසේ වුවත් ගුරුනාත්ට සවස 5ට පෙර මුම්බායි වෙත පැමිණිය නොහැකි වූ නමුත් රාත්‍රී 7 පමණ වනවිට පොලිසිය හමු වීමට ඔහුට හැකි විය.

    මේ අතර වින්දු ධාරා සින්ග් පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ තමා, ගුරුනාත් මෙයියප්පන්ගේ නියෝජිතයා වශයෙන් ඔට්ටු ඇල්ලීමේ නිරත වූ බවත්, මේ වනවිට ගුරුනාත් ඉන්දීය රුපියල් කෝටියක පමණ ඔට්ටු පරාජය වී ඇති බවත්ය.

    තවද, N ශ්‍රීනිවාසන්ගේ පුත්‍රයා අද දින ප්‍රකාශ කර සිටියේ, තම මස්සිනා වන ගුරුනාත් මෙයියප්පන් චෙන්නායි, ඩුබායි නගරවල බුකී කරුවන් ඇසුරු කර ඇති බවයි.

    වාර්තාවන කරුණු සත්‍යය නම්, මෙය IPL ගිවිසුම් කඩකිරීමක් වනවා. ඒ අනුව චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම තරඟාවලියෙන් ඉවත් කළයුතු වනවා. නමුත්, ලෝකයම දන්නා පරිදි චෙන්නයි සුපර් කින්ග්ස් කණ්ඩායම යනු, ඉන්දීය පාලක මණ්ඩල සභාපති N ශ්‍රීනිවාසන්ගේ කණ්ඩායමයි. මෙතෙක් ඔහු සම්බන්ධ වූ සිදුවීම් සැලකීමේදී පෙනීයන්නේ ඔහු අත්තනෝමතික පාලකයෙකු බවයි. ඒ අනුව නීතිය ක්‍රියාත්මක වීම සැක සහිතයි. මේ වනවිටත් ඔවුන් මින් ගැලවීමේ සැලැස්මක් ක්‍රියාත්මක කොට ඇති බවක් පෙනේ.

    ඉන්දීය පාලක මණ්ඩලයේ සභාපති ධූරයට N ශ්‍රීනිවාසන් පත් වීමෙන් අනතුරුව සදාචාරාත්මක හේතූන් මත ඔහු ඇතුළු චෙන්නායි කණ්ඩායම නිරන්තරයෙන් ප්‍රකාශ කළේ කණ්ඩායමේ හිමිකාරත්වය ශ්‍රීනිවාසන් සතු නොවන බවත්, හිමිකරු ගුරුනාත් බවත්ය.

    9amg6x.jpg


    2008 වසරේදී චෙන්නායි පිළේ හිමි කරුවන් වෙනුවෙන් නිකුත්කළ අවසර පත්

    නමුත් මෙම ඔට්ටු ඇල්ලීමේ සිද්ධීන් හෙළිවීමත් සමඟ චෙන්නායි කණ්ඩායමට හිමිකරුවකු නැති තත්වයක් පත්වී තිබෙනවා. අද දින විශේෂ නිවේදනයක් නිකුත් කරමින් චෙන්නායි සුපර් කින්ග්ස් කළමනාකාරීත්වය ප්‍රකාෂ කළේ ගුරුනාත් මෙයියප්පන් ඔවුන්ගේ කණ්ඩායමේ හිමිකාරිත්වයක් හෝ කිසිඳු නිල තණතුරක් නොහොඹවන බවයි.

    මෙයට අමතරව අද සවස 5.30 පමණ තෙක් තම twitter අඩවියේ තිබූ හඳුන්වා දීම වෙනස් කිරීමට ගුරුනාත් මෙයියප්පන් කටයුතු කළා.

    fmp44z.jpg

    ගුරුනාත් ගේ twitter ගිනුම - පෙර

    af8qxv.jpg

    ගුරුනාත් ගේ twitter ගිනුම - පසු

    ඒ අතරම චෙන්නායි සුපර් කින්ග්ස් නිල වෙබ් අඩවියේ ගුරුනාත් මෙයියප්පන් සම්බන්ධව ඇති සියලු ලිපි ඉවත් කිරීමට ද කටයුතු කරනු ලැබුවා.

    27yc2s7.jpg
    චෙන්නායි පිළේ නිල වෙබ් අඩවියෙන් ගුරුනාත් පිළිබඳව ඉවත් කළ ලිපිය​

    2s9ozrc.jpg


    2013 පෙබරවාරි 5 වනදා චෙන්නායි සුපර් කින්ග්ස් නිල twitter ගිනුම ගුරුනාත්ව හැඳින්වූ අයුරු​

    මේ අනුව සැලසුම පැහැදිලියි. ශ්‍රීනිවාසන් ඇතුලු කණ්ඩායමේ අරමුණ ගුරුනාත් කණ්ඩායමට සම්බන්ධයක් නොමැති බවක් පෙන්වා මින් පැනයාමයි. මේ වනවිටත් ඉන්දියාව තුළ ශ්‍රීනිවාසන් හට ඉල්ලා අස්වන ලෙස කියමින් ප්‍රකාශ නිකුත් වනවා.

    මෙවන් තත්වයක් තුළ තවදුරටත් IPL තරඟාවලිය පිළිබඳව තැබිය හැකි විශ්වාසය කුමක්ද? පුද්ගලිකව ලියුම්කරු 2009 වසරෙන් පසු IPL තරඟාවලි නැරඹීම අත හැරීම පිළිබඳව සතුටු වෙමි. සාමාන්‍යය ප්‍රේක්ෂකයාට අවශ්‍යය හුදු විනෝදය පමණයි. ඔවුන්ට අවශ්‍යය තම රාජකාරි නිමවී ගෙදරට පැමිනි විට සරල වින්දනයක්. කාන්තාවන්ට නම් මෙය මෙගා ටෙලි විය හැක. පිරිමින්ට මෙය IPL වෙයි. නමුත් මේ සාමාන්යය ප්‍රෙක්ෂකයා නොදන්නා කරුණ නම් තමන් මේ නරඹන්නේ කලින් තීරණය නියම වූ තරඟාවලියක් බවයි. IPL වැනි පුද්ගලික T20 තරඟාවලි මේ වනවිට WWE රෙස්ලින් තරඟාවලිය වැනි තත්වයකට පත්වී ඇත.

    ප.ලි. [25-05-2013 පෙ.ව. 1.00] :- මෙයට සුළු මොහොතකට පෙර ගුරුනාත් මෙයියප්පන්ව මුම්බායි පොලිසිය මඟින් අත් අඩංගුවට ගෙන ඇති බව මාධ්‍යය වාර්තා කරයි.

    http://www.espncricinfo.com/indian-premier-league-2013/content/story/637612.html



    Code:
    [B]Source :Cricturf.com (c) Sidath Sameera (@SidathSam)[/B]
     

    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    Nicely done macho, okkoma details eka place ekakata pahadiliwa add karala tiyanawa. mamath 2nd IPL eken passe oka balana eka nathara kala,
    rep added.
     
    • Like
    Reactions: kmc madushan
    Sep 1, 2009
    2,359
    215
    0
    අනේ මන්දා..මට නන් හිතෙන්නේ මේක CSK team එක මානසිකව වට්ටන්න කරපු වැඩක්..නැත්තන්final එක අත ලග තියෙද්දි මුම්බායි ටීම් එක final ඇවිත් ඉද්දි..මුම්බයි පොලීසියම මුල් වෙලා මේක වුනු එක සැකයි..අනික මුම්බායි අයිතිකාරයා අම්බානි සල්ලිකාරය නිසා මොනවහරි ගේමක් ඇදලද දන්නෙ නෑ..
     
    • Like
    Reactions: kmc madushan

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Nicely done macho, okkoma details eka place ekakata pahadiliwa add karala tiyanawa. mamath 2nd IPL eken passe oka balana eka nathara kala,
    rep added.

    එල මම නෙමෙයි බන් මේක ලිවේ Cricturf සයිට් එකේ Sidath Sameera ඔහුට සියලුම ‍credit එක යන්න ඕනා :yes:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මාලිංගයගේ ඊයේ ලාස්ට් ඕවර් එක දැක්කම මට හිතුනා මුගෙ ස්පොට් ද මොකක්ද එකත් ෆික්ස් වෙලාද කියලා :lol:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අනේ මන්ද ක්‍රිකට් කියන මහත්වරුන්ගේ ක්‍රීඩාව කනවා මේ ඉන්දියන් උන්.
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ŦĦĔ ƦȆƉǾӾ;15026972 said:
    අනේ මන්දා..මට නන් හිතෙන්නේ මේක CSK team එක මානසිකව වට්ටන්න කරපු වැඩක්..නැත්තන්final එක අත ලග තියෙද්දි මුම්බායි ටීම් එක final ඇවිත් ඉද්දි..මුම්බයි පොලීසියම මුල් වෙලා මේක වුනු එක සැකයි..අනික මුම්බායි අයිතිකාරයා අම්බානි සල්ලිකාරය නිසා මොනවහරි ගේමක් ඇදලද දන්නෙ නෑ..

    එහෙම කියන්නත් බෑ මචං මොකද RR සීන් එකෙන් අහුඋන උන් තමා CSK මේකට සම්බන්දයි කියලා තියෙන්නේ ගුරුනාත් හොර වැඩ කරලා නැත්නම් twitter ගිනුම් වෙනස් කර කර දගලන්නේ නෑ නේ අය CSK ටීම් එකේ ක්‍රිඩකයෝ 3 දෙනේක් මේකට සම්බන්දයි කියලා කලින් අල්ල ගත්ත උන් කියලා තියනවා :yes:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අනේ මන්ද ක්‍රිකට් කියන මහත්වරුන්ගේ ක්‍රීඩාව කනවා මේ ඉන්දියන් උන්.
    සිරාවට. 95% වගේ උන්ගෙ උන් කිසිම වැදගැම්මකට නෑ..ශ්‍රි සාන්ත්, හර්බජන්, ගාම්බීර් etc..
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මාලිංගයගේ ඊයේ ලාස්ට් ඕවර් එක දැක්කම මට හිතුනා මුගෙ ස්පොට් ද මොකක්ද එකත් ෆික්ස් වෙලාද කියලා :lol:

    නෑ බන් අපේ කොල්ලෝ ඕවාට සම්බන්ද වෙන්නේ නෑ :no: මාලිංගට ඊයේ උනේ බෝලේ දාන එක පාලනය කර ගන්න බැරි උන එක මැච් එක පටන් ගන්න කලින් වැස්ස එකත් එකට බලපාන්න ඇති :yes: ඕනාම පාස්ට් බෝල කෙනෙක්ට එහෙම වෙන්න පුලුවන් :yes:



    මේක බලන්න ගිය අවුරුද්දේ එංගලන්තේ දී උන දෙයක් මේ මැච් එකටත් කලින් හොදට වැහැල තිබ්බේ
     
    Last edited:

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    නෑ බන් අපේ කොල්ලෝ ඕවාට සම්බන්ද වෙන්නේ නෑ :no: මාලිංගට ඊයේ උනේ බෝලේ දාන එක පාලනය කර ගන්න බැරි උන එක මැච් එක පටන් ගන්න කලින් වැස්ස එකත් එකට බලපාන්න ඇති :yes: ඕනාම පාස්ට් බෝල කෙනෙක්ට එහෙම වෙන්න පුලුවන් :yes:

    මේක බලන්න ගිය අවුරුද්දේ එංගලන්තේ දී උන දෙයක් මේ මැච් එකටත් කලින් හොදට වැහැල තිබ්බේ
    just kidding man. our players will never ever do these kind of things
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ‍ෙ
    අනේ මන්ද ක්‍රිකට් කියන මහත්වරුන්ගේ ක්‍රීඩාව කනවා මේ ඉන්දියන් උන්.

    ඔව් බන් එක නේ Tony Greig එහෙම කීවේ මේ ලෝකෙන් ක්‍රිකට් නැති කරලා දාන්නේ ඉන්දියාව කියලා :yes:

    ඕකෙ ඇතුලේ පැහැදිලිවම තියෙන්නේ ජාවාරමක්....

    :yes::yes:

    සිරාවට. 95% වගේ උන්ගෙ උන් කිසිම වැදගැම්මකට නෑ..ශ්‍රි සාන්ත්, හර්බජන්, ගාම්බීර් etc..

    :yes::yes: