පහුගිය අප්‍රේල් මාසයේ පවත්වන්න තිබුණු අයි.පී.එල් තරඟාවලිය දින නියමයක් නැතිව කල්දාන්න හේතුවුණේ ඉන්දියාවට බලපාපු කොරෝනා තත්වය නිසා. අයි.පී.එල් කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට ආසාවක් දක්වන ඕනෑම ප්‍රේක්ෂකයෙක් ඉතා ආශාවෙන් බලන තරඟාවලියක්. තරඟාවලියේ ව්‍යූහය සහ එහි පසුබිම හෝ ලංකාවේ ක්‍රීඩකයන් සහභාගිකරවාගැනීම කියන සේරම සාධක පැත්තකට දැම්මත් ලංකාවේ බොහෝ දෙනෙක් බොහොම උනන්දුවෙන් අයි.පී.එල් බලනවා.
කොහොම වුනත් පහුගිය මාසයේ ඉන්දියානු ක්‍රිකට් ආයතනය වෙනුවෙන් සව්රව් ගංගුලි කියා සිටියේ හදිස්සියේවත් පවතින තත්වය යටතේ ලෝක කුසලාන විස්සයි විස්ස තරඟාවලිය කල්දැම්මොත් අයි.පී.එල් තියන එක ගැන සලකලා බලනවා කියලා. ඒ වගේම ඒ වෙද්දිත් අයි.පී.එල් ඉන්දියාවෙන් පිට පවත්වන්න ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කැමැත්ත පලකරලා තියනවා කියන එක ගංගුලි කිව්වා. මේක ලංකාවේ ප්‍රේක්ෂකයන් පැත්තෙන් හොඳ ආරංචියක් වුනත් මිලියන ගාණක් කොරෝනා ආසාදිතයින් ඉන්න ඉන්දියාවෙන් දහස් ගාණක පිරිසක් අයි.පී.එල් වෙනුවෙන් ලංකාවට එනවනම් එතන අවදානමක් තිබුණා.
කොහොම වුනත් ඊයේ වෙද්දි ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය අයි.පී.එල් පවත්වනවා කියන තීරණයට ඇවිත් සැප්තැම්බර් මාසයේ 26 ඉඳන් පවත්වනවා කියන තොරතුරත්, තරඟාවලිය පවත්වන්නේ ලංකාවේ නෙවෙයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කියන තීරණයටත් ඇවිත් තිබුණා.

ලංකාවේ ක්‍රිකට් වලට හොද වසරක්!!!