IPL 2020 ලංකාවේ තියයිද?

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    පහුගිය අප්‍රේල් මාසයේ පවත්වන්න තිබුණු අයි.පී.එල් තරඟාවලිය දින නියමයක් නැතිව කල්දාන්න හේතුවුණේ ඉන්දියාවට බලපාපු කොරෝනා තත්වය නිසා. අයි.පී.එල් කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට ආසාවක් දක්වන ඕනෑම ප්‍රේක්ෂකයෙක් ඉතා ආශාවෙන් බලන තරඟාවලියක්. තරඟාවලියේ ව්‍යූහය සහ එහි පසුබිම හෝ ලංකාවේ ක්‍රීඩකයන් සහභාගිකරවාගැනීම කියන සේරම සාධක පැත්තකට දැම්මත් ලංකාවේ බොහෝ දෙනෙක් බොහොම උනන්දුවෙන් අයි.පී.එල් බලනවා.

    කොහොම වුනත් පහුගිය මාසයේ ඉන්දියානු ක්‍රිකට් ආයතනය වෙනුවෙන් සව්රව් ගංගුලි කියා සිටියේ හදිස්සියේවත් පවතින තත්වය යටතේ ලෝක කුසලාන විස්සයි විස්ස තරඟාවලිය කල්දැම්මොත් අයි.පී.එල් තියන එක ගැන සලකලා බලනවා කියලා. ඒ වගේම ඒ වෙද්දිත් අයි.පී.එල් ඉන්දියාවෙන් පිට පවත්වන්න ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කැමැත්ත පලකරලා තියනවා කියන එක ගංගුලි කිව්වා. මේක ලංකාවේ ප්‍රේක්ෂකයන් පැත්තෙන් හොඳ ආරංචියක් වුනත් මිලියන ගාණක් කොරෝනා ආසාදිතයින් ඉන්න ඉන්දියාවෙන් දහස් ගාණක පිරිසක් අයි.පී.එල් වෙනුවෙන් ලංකාවට එනවනම් එතන අවදානමක් තිබුණා.

    කොහොම වුනත් ඊයේ වෙද්දි ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය අයි.පී.එල් පවත්වනවා කියන තීරණයට ඇවිත් සැප්තැම්බර් මාසයේ 26 ඉඳන් පවත්වනවා කියන තොරතුරත්, තරඟාවලිය පවත්වන්නේ ලංකාවේ නෙවෙයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කියන තීරණයටත් ඇවිත් තිබුණා.

     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔන්න තව වසංගතයක්.. අපේ උන් නම් පැන්න ගමන් හා කියයි කීයඛරි යටි මඩි ගහගන්න පුලුවන් නිසා.. මැච් ටික ඉවර වෙලා යද්දි මෙහෙ කොරෝනා හොදට තියේවි..
     
    • Like
    Reactions: dxx and wijaindu

    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    ඔන්න තව වසංගතයක්.. අපේ උන් නම් පැන්න ගමන් හා කියයි කීයඛරි යටි මඩි ගහගන්න පුලුවන් නිසා.. මැච් ටික ඉවර වෙලා යද්දි මෙහෙ කොරෝනා හොදට තියේවි..
    වෙලාවට උන්ම බෑ කියලා ලංකාවේ තියන්න.. නැත්නම් අපේ බෝඩ් එක දත මැදගෙන හිටියේ කෝටි ගාණක් ගිලින්න..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    ක්‍රිකට් නම් දැන් මතකත් නෑ ..
    මොනව උනත් මේ අවුරුද්දේ අපේ උන් ගිය අවුරුදු වල වගේ මැච් වැඩිය පැරදුනේ නෑ ... :P ලංකාවේ ක්‍රිකට් වලට හොද වසරක්!!!
     
    • Like
    Reactions: wijaindu

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    ඉකිලාම යයි තිබ්බොත්..මුන්ට පිස්සුද මංද..කොරෝන අස්සෙ මොන ක්‍රිකට්ද
     
    • Like
    Reactions: wijaindu

    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    ක්‍රිකට් නම් දැන් මතකත් නෑ ..
    මොනව උනත් මේ අවුරුද්දේ අපේ උන් ගිය අවුරුදු වල වගේ මැච් වැඩිය පැරදුනේ නෑ ... :P ලංකාවේ ක්‍රිකට් වලට හොද වසරක්!!!
    හික්ස් ඒ්ක ඇත්ත..තිබ්බනම් බර ගාණක් කාලා..

    ඉකිලාම යයි තිබ්බොත්..මුන්ට පිස්සුද මංද..කොරෝන අස්සෙ මොන ක්‍රිකට්ද
    තිබ්බනම් කියන්නේ යන්තම් හරි ඉන්දියාව කැමතිවුණා නම් අනිවාර්යයෙන්ම ලංකාවේ තියන තත්වයක් තිබුණේ..වෙලාවට ඉන්දියාවම අකමැති වුනේ අපේ බෝඩ් එකේ යෝජනාවට
     

    Despacito

    Well-known member
  • Oct 15, 2018
    232
    196
    83
    උන් නම් මලාට කැමති වෙන්නේ නැ මෙහෙ තියන්න ...
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ක්‍රිකට් නම් දැන් මතකත් නෑ ..
    මොනව උනත් මේ අවුරුද්දේ අපේ උන් ගිය අවුරුදු වල වගේ මැච් වැඩිය පැරදුනේ නෑ ... :P ලංකාවේ ක්‍රිකට් වලට හොද වසරක්!!!
    Paradinna match thibbe name.India match tika paraduna neda
     
    • Haha
    Reactions: dilann

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ලංකාවේ නොතියන එක හොදයි
    උන් මැච් ගහලා යයි ලංකාවේ උන්ට දෙවියන්ගෙම පිහිටයි කොරෝනා ආවොත්
    අනික ලංකාවේ කාලගුණෙත් සුවර් නැහැ ක්‍රිකට් වලට
     
    • Like
    Reactions: wijaindu