ඉරාජ්ගේ අලුත් වීඩියෝව ජනපතිට අපහාසයක්.. ජනපති කාර්යාලය අවි ඔසවයි..
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කටහඬ යොදාගනිමින් ගායන ශිල්පී ඉරාජ් වීරරත්න මහතා විසින් නිර්මාණය කර ඇති නවතම ගීත වීඩියෝ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව තිබේ.
එහි ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ ජනාධිපතිවරයා විසින් විවිධ අවස්ථාවල සිදු කරන ලද කතාවන්හි කොටස් කිසිදු අවසරයකින් තොරව ඉරාජ් විසින් තමන්ගේ පුද්ගලික වීඩියෝවක් නිර්මාණය කිරීම සඳහා භාවිතා කර ඇති බවයි.
එය ජනාධිපතිට අපහාසයක් හා අවබාවිතයක් බව ද ඔහු කියා සිටියේය.
නිල් චිත්‍රපට නිළියන් සහ අසංවර දර්ශන සහිත වීඩියෝවක ජනාධිපතිවරයාගේ හඬ ඇතුළත් කිරීම රාජ්‍ය නායකයාට මෙන්ම රටටද සිදු කර ඇති හානියක් යයිද එම ප්‍රකාශකයා තව දුරටත් පැවසීය.
මේ සම්බන්ධයෙන් ගතහැකි ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයිද ඔහු කියා සිටියේය.
ජනාධිපතිවරයා මේ දිනවල සිදුකරමින් ඇති මත්ද්‍රව්‍ය විරෝධී වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඉරාජි විරරත්න මුල සිටම යම් නොසතුටින් සිටි බවත් එම වැඩපිලිවෙල හා එක්වන්නැයි ආරාධනා කළ ද ඔහු එය පිළිනොගත් බව එම ප්‍රකාශකයා වැඩි දුරටත් පැවසීය.





