Irritable Bowel Syndrome (IBS) තියෙන අය ඉන්නවද?

techhelpme

Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    Irritable Bowel Syndrome (IBS) තියෙන අය ඉන්නවද?

    LmpwZw

    බඩ යන සීන් එක නිසා දවස් ගානක් තිස්සේ එලියටවත් බහින්න බැරිව හිටියේ
    බැරිම තැන අද ඩොකෙක්ට පෙන්නුවා. එයා තමා IBS වෙන්න ඕනේ කියලා කිව්වේ. ඔහොම ලෙඩක් ඇහුවෙත් අදයි.

    මේකට බෙහෙතක් නෑ කියලා කියන්නේ. පාලනය කිරීම තමාලු කරන්න පුළුවන්. මේ ලෙඩේ තියෙන අය ඉන්නවනම් කියන්නකෝ කොහොමද කන්ට්‍රෝල් කලේ කියලා

    ලෙඩේ ගැන කිරියේ කලින් දාලා තිබ්බ විස්තරයක් පල්ලෙහායින් දැම්මා

    Irritable bowel syndrome ගැන දැනගනිමු

    Irritable bowel syndrome යනුවෙන් අදහස් කරන්නේ කුමන තත්වයක්ද?

    මෙය මහා ආන්ත‍්‍රය ආශ‍්‍රිතව ඇතිවන ව්‍යාකූල තත්වයකි.

    උදරයේ ඇතිවන කැක්කුම හා බඩවැල් වල ඇතිවන තද මිරීකීමක් වැනි ස්වභාවය හෝ මල බද්ධය හෝ දිනකට කිහිපවරක් මලපහ පිටකිරීමට සිදුවීම, මෙහිදී ඇතිවන ප‍්‍රධාන ලක්ෂණවේ.

    මෙහිදී ඇති අනෙක් විශේෂ ලක්ෂණය වන්නේ මහා අන්ත‍්‍රයේ බිත්තිවල හෝ ව්‍යුහයේ කිසිම වෙනසක් ඇති නොවී තිබීමයි.

    එන්ඩොස්කොපි පරීක්ෂණයකදී බොහෝවිට කිසිම වෙනසක් හදුනා ගත නොහැක.

    මෙවැනි තත්ව ඇති වීමට හේතු මොනවාද?
    මේ සදහා නිෂ්චිත හේතුවක් සොයාගෙන නැත.

    නමුත් මෙහිදී මහා ආන්ත‍්‍රය ආශ‍්‍රිතව ඇති ස්නායුවල ක‍්‍රියාකාරීත්වයේ වැඩිවීමක් දැකිය හැකි අතර මෙය මොලය හා සෘජුවම සම්භන්ධයක් ඇති තත්වයක් ලෙසද අර්ථකථනය කෙරේ.

    අධික මානසික ආතතිය ඇති අයෙකුගේ මෙම තත්වය ඇති වීමේ සම්භාවිතාව වැඩි අතර
    බඩ වැල් ආශ‍්‍රිතව විෂ බීජ තත්ව ඇතිවීමකට පසුවද මෙම තත්වය ඇති වීමේ අවධානමක් ඇත.

    මෙම තත්වය ඔ්නෑම වයසක අයෙකුගේ දැකිය හැකි අතර සාමාන්‍යයෙන් කාන්තාවන්ගේ බහුලව දැකිය හැකි තත්වයකි.

    රෝගී ලක්ෂණ මොනවාද?
    මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වේ.

    ඇතිවන ප‍්‍රධාන ලක්ෂණවන්නේ උදරයේ ඇතිවන මිරිකන ස්වභාවයෙන් යුත් කැක්කුම උදරය පිපීම , නිතර වාතය පිටවීම ,මල බද්ධය හෝ කිහිපවරක් වැසිකිලි යාමට සිදු වීම වේ.

    උදරයේ ඇතිවන වේදනාව බොහෝවිට මලපහ කිරීමට පසු පහව යයි.

    මල බද්ධය හා මලපහ බුරුලට යාම මාරුවෙන් මාරුවට ඇතිවිය හැකි අතර මලපහ බුරුලට යන තත්වයකදී එය ඉතාමත් දියර ගතියකින් පිටවීම සිදුවන අතර සමහර විට අර්ධවශයෙන් ජීර්ණය වු ආහාර පවා පිටවීම සිදුවේ.

    මල පහ පිටකිරීමට අවශ්‍ය වූ වහාම පිටකිරීමට සිදුවන අතර පාලනය කර ගැනීම ඉතා දුෂ්කර ක‍්‍රියාවලියක් වේ.

    මලබද්ධය ඇති විටකදී මලපහ කිරීමේ දී වැඩිපුර තැටමීම කල යුතු අතර වරකට ඉතා සුලු ප‍්‍රමාණ වලින් ඝණ මලපහ පිටවේ එසේම මලපහ පිට වීම සිදුවන්නේ දින ගනනකට පසු වීමත් විශේෂ ලක්ෂණයකි.

    රෝගයේ ස්වභාවය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැක

    මෙවැනි තත්වයක් හදුනා ගැනීමට ඇති පරීක්ෂණ මොනවාද?
    මෙම තත්වය නිෂ්චිත වශයෙන් හදුනා ගැනීමට පරීක්ෂණ නොමැති අතර මේ අකාරයට ඇතිවිය හැකි අනෙකුත් රෝග (මහා ආන්ත‍්‍රය ආශ‍්‍රිතව ඇති විය හැකි පිලිකා තත්ව වැනි ) ඇත්දැයි දැන ගැනීමට පරීක්ෂණ කරනු ඇත.

    රුධිර පරීක්ෂණ මලපහ ආශී‍්‍රතව කරනු ලබන පරීක්ෂණ හා එන්ඩොස්කොපි පරීක්ෂණ මේ අතරින් ප‍්‍රධාන වේ.

    මේ සදහා ඇති ප‍්‍රථිකාර මොනවාද?
    මෙවැනි තත්වයන් සදහා විශේෂිත වූ ප‍්‍රථිකාර නොමැති අතර දිය යුතු ප‍්‍රථිකාරද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.

    ජීවන රටාවේ වෙනස්කම් ඇතිකර ගැනීම ,ව්‍යායාම කිරීම, මානසික ආතතිය අඩුකර ගැනීම වැනි ක‍්‍රම මගින් බොහොමයක් රෝගීන්ගේ තත්වය සමනය වේ.

    තන්තු බහුල ආහාර ගැනීම, වරකට විශාල ප‍්‍රමාණයක් ආහාර ගැනීමෙන් වැලකීම ,හා තේ කෝපි හෝ සිසිල් බීම වර්ග ආහාර ගැනීමත් සමග පානය කිරීමෙන් වැලකීම මගින්ද තත්වය සාර්ථක ලෙස පාලනය කල හැක.

    මීට අමතරව වෛද්‍යවරයා විසින් තත්වය උග‍්‍රව ඇති රෝගීන් සදහා ඖෂධ නියම කරනු ඇති අතර ඒවා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.

    මෙමගින් යම් පාලනය වීමක් තිබිය හැක.

    මෙම තත්වය නිට්ටාවට සුව කල හැකිද?

    මෙම තත්වය නිට්ටාවට සුව කල නොහැකි අතර ජීවිත කාලයම වරින් වර මතුවිය හැක.

    ඉහත කී ක‍්‍රම මගින් තත්වයේ උග‍්‍ර බව පාලනය කල හැක.

    මෙම තත්වය කිසිම විටකදී බඩ වැල් ආශ‍්‍රිතව පිලිකා තත්ව ඇති කිරීමට තුඩු දෙන සාධකයක් වන්නේ නැත.

    c20ad4d76fe97759aa27a0c99bff6710.gif

    59b514174bffe4ae402b3d63aad79fe0.jpg

    source: surgery.lk
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,814
    39,759
    113
    Homagama
    Irritable Bowel Syndrome (IBS) තියෙන අය ඉන්නවද?

    LmpwZw

    බඩ යන සීන් එක නිසා දවස් ගානක් තිස්සේ එලියටවත් බහින්න බැරිව හිටියේ
    බැරිම තැන අද ඩොකෙක්ට පෙන්නුවා. එයා තමා IBS වෙන්න ඕනේ කියලා කිව්වේ. ඔහොම ලෙඩක් ඇහුවෙත් අදයි.

    මේකට බෙහෙතක් නෑ කියලා කියන්නේ. පාලනය කිරීම තමාලු කරන්න පුළුවන්. මේ ලෙඩේ තියෙන අය ඉන්නවනම් කියන්නකෝ කොහොමද කන්ට්‍රෝල් කලේ කියලා

    ලෙඩේ ගැන කිරියේ කලින් දාලා තිබ්බ විස්තරයක් පල්ලෙහායින් දැම්මා
    අංක එකටම මට කියන්න ඔයා මේදවස්වල ආතතියෙන්ද ඉන්නේ? වැඩ වැඩිද? නිදිමරනවාද?

    ඔයා කඩචොරු, ගැස් බීම නිතර තේ කෝපි ගහනවාද

    ළඟදි මොනාහරි ලෙඩක් හැදුනාද?
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    අංක එකටම මට කියන්න ඔයා මේදවස්වල ආතතියෙන්ද ඉන්නේ? වැඩ වැඩිද? නිදිමරනවාද?

    ඔයා කඩචොරු, ගැස් බීම නිතර තේ කෝපි ගහනවාද

    ළඟදි මොනාහරි ලෙඩක් හැදුනාද?
    Depression වගේ ටිකක් තිබ්බා. හැබැයි ලොකු කේස් එකක් තිබ්බේ නෑ. ඒ නිසා වෙන්නැති කියලා මටත් හිතෙන්නේ.
    කෑම බිම නම් පරිස්සමින් ගන්නේ. වෙන ලෙඩත් නෑ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,579
    1
    51,273
    113
    ප*යාගල
    sorry.com
    mata podi kale thibuna bada yana seen ekak.
    grade 5 idala grade 9 wage wenan puduma dukak winde hamadama iskoledi kakka danna one.
    hirakaran innath ba kalisame ynwa echchartama amarui.
    Doctors lata pennuwa beheth gatta harigiye na,
    ekama eka doctor knk kiwwa wathura bonna kiala wadipura. kadachoru nawttanna kiyala,
    eetapasse thama hoda une.
    Welawata kama gatta. wathura biwwa. daily routine ekak maintain kara.
    kana time eka miss kare na.

    kal yaddi nikanma mage nm regular una.
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    Mamath godak kalayak eka eka treatment gatta echchara lomuwata hari giye na.
    Awuruddak vithara anti depression ekak gatta doc kenek gen prescribed karala eken manage wela thiyenawa.
    hmm matath psychologist knkgen beheth ganna wei wage ehenam

    mata podi kale thibuna bada yana seen ekak.
    grade 5 idala grade 9 wage wenan puduma dukak winde hamadama iskoledi kakka danna one.
    hirakaran innath ba kalisame ynwa echchartama amarui.
    Doctors lata pennuwa beheth gatta harigiye na,
    ekama eka doctor knk kiwwa wathura bonna kiala wadipura. kadachoru nawttanna kiyala,
    eetapasse thama hoda une.
    Welawata kama gatta. wathura biwwa. daily routine ekak maintain kara.
    kana time eka miss kare na.

    kal yaddi nikanma mage nm regular una.
    Thank you. routine eka wenas karanna one maath.
     
    • Like
    Reactions: RottenCOLT

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,814
    39,759
    113
    Homagama
    Depression වගේ ටිකක් තිබ්බා. හැබැයි ලොකු කේස් එකක් තිබ්බේ නෑ. ඒ නිසා වෙන්නැති කියලා මටත් හිතෙන්නේ.
    කෑම බිම නම් පරිස්සමින් ගන්නේ. වෙන ලෙඩත් නෑ.

    ඔන්න ඕක ප්‍රධාන හේතුවක් බං. ඒකට ට්‍රිට්මන්ට් එකක් කරගන්න. බය නැතුව සායනයනට එන්න. ප්‍රගතියක් පෙනෙයි.

    එතකං පුලුවන් තරම් මානසික නිදහස තියාගන්න.

    ඒ අතර
    කෑම පරිස්සම් වෙන්න දිගයම. තෙල්, මිරිස් හා අධික පිෂ්ඨයෙන් ඈත් වෙන්න. පලතුරු හා තන්තුමය ආහාර කද්දි පවා ගානකට ගන්න. වතුර බොන්න.

    ඩොක්ටර් ඔයාට බඩයැම අඩුවෙන පෙත්තක් ලිව්වාද? L අකුරින් පටන් ගන්න.
    තව ප්‍රෝබයෝටික් එකකුත් ගන්න බලලා.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඔන්න ඕක ප්‍රධාන හේතුවක් බං. ඒකට ට්‍රිට්මන්ට් එකක් කරගන්න. බය නැතුව සායනයනට එන්න. ප්‍රගතියක් පෙනෙයි.

    එතකං පුලුවන් තරම් මානසික නිදහස තියාගන්න.

    ඒ අතර
    කෑම පරිස්සම් වෙන්න දිගයම. තෙල්, මිරිස් හා අධික පිෂ්ඨයෙන් ඈත් වෙන්න. පලතුරු හා තන්තුමය ආහාර කද්දි පවා ගානකට ගන්න. වතුර බොන්න.

    ඩොක්ටර් ඔයාට බඩයැම අඩුවෙන පෙත්තක් ලිව්වාද? L අකුරින් පටන් ගන්න.
    තව ප්‍රෝබයෝටික් එකකුත් ගන්න බලලා.
    Librax kiyanne ekada
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    ඔන්න ඕක ප්‍රධාන හේතුවක් බං. ඒකට ට්‍රිට්මන්ට් එකක් කරගන්න. බය නැතුව සායනයනට එන්න. ප්‍රගතියක් පෙනෙයි.

    එතකං පුලුවන් තරම් මානසික නිදහස තියාගන්න.

    ඒ අතර
    කෑම පරිස්සම් වෙන්න දිගයම. තෙල්, මිරිස් හා අධික පිෂ්ඨයෙන් ඈත් වෙන්න. පලතුරු හා තන්තුමය ආහාර කද්දි පවා ගානකට ගන්න. වතුර බොන්න.

    ඩොක්ටර් ඔයාට බඩයැම අඩුවෙන පෙත්තක් ලිව්වාද? L අකුරින් පටන් ගන්න.
    තව ප්‍රෝබයෝටික් එකකුත් ගන්න බලලා.
    thank you. beheth mukuth dunne na. specialist knkta pennanna kiwwa.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    IBS-C (conspitation) kiyanne mala baddaya. Mekedi kakka yanna amarui.

    IBS-D (diarrhea) kiyanne bada yana eka. Oyata thiyenawa wage.

    Gastroentrologist kenekta pennanna. Tikak balala endoscopy / colonoscopy karai. Kema bima, stress, ninda, beth godak welavata balapanawa kiyala ahala thiyenawa.

    Ikman suwa.
     
    තැන්ක්යු

    Ow machan mata tynva monavada dana ganna one?
    කන්ට්‍රෝල් කරන හැටි තමා. කොහෙවත් යාගන්න බැරිව ඉද්දි පිස්සු හැදෙනවා

    Owwa ithin sinhala beheth walin hoda karanna puluwan bn
    මොනවගේ බෙහෙත් ක්‍රමද තියෙන්නේ?