මම ඉගෙන ගත්තා. මම වැඩ කලොත් මට පඩි ගෙවනවා. මහින්දවත්, හිටංවත්, වෙන හුටංලවත් මගෙ පවුල ගැන බලන්නෙ නෑ කියල මම හොඳට දන්නවා.
අනාගතේදි ඉන්දියාවෙ උන් ලංකාවට ඇවිත් ඉන්ටවිව් පෝලිම්වල ඉන්නවා කියන්නෙ විහිලුවක්. ලංකාවෙ උනත් එම් එස් සී තියාගෙන රස්සාවල් නැති උන් ඉන්නවා. ඔය වගෙ කෙප්ප වලට දැන් මිනිස්සු රැවටෙන්නෙ නෑ.
දේශපාලනය පැත්තකින් තිබ්බොත් මමත් ප්රාර්ථනා කරන්නෙ ඒකම තමයි බන්. කෙළ උනොත් ටොයියො බයියො කියල වෙනසක් නෑ. මම වැඩ කරන කොම්පැනියෙත් ඉන්දියන් එවුන් ඉන්නව. මම ඇස් දෙකට දැකපු සීන් එකක් කියන්නම්. ලංකාවේ දේශීය කියල කියාගන්න ප්රමුක පෙලේ වානේ කොම්පැනියක් තියෙනව. එකේ මැනේජ්මන්ට් එකේ ඉඳන් ගොඩක් එවුන් ඉන්දියන්. ඒකෙ සීනියර් අකවුන්ටන් කෙනෙක්ගෙ 2014 දී පඩිය උනේ රුපියල් 40 000. ලේබර්ස්ලගේ බේසික් එක 15 000.


