IT කරන අය පොඩ්ඩක් එන්නෝ

Sen-lu

Well-known member
  • Cording, programing වගේ දේවල් සම්බන්ධයෙන් මගේ knowledge එක zero. පහුගිය කාලෙම ඉගෙනගන්න හිතුව ඒ උනාට වැඩේ හරිගියේ නෑ.

    ඉතිං මම හිතුවා Basic ටිකක් ඉගෙනගෙන කෙලින්ම projet එකක්ම කරන්න.

    තාත්තට පොඩි company එකක් තියෙනව දැනට ඒකෙ වැඩ කරන්නේ Excel වලින්. ඉතින් ඕකට මොකක්හරි අටවන්න කියල තමයි බැලුවේ. කරන්න තියෙන්නෙ බිල් ටිකක් scan කරල store කරන එකයි බිල් වල due dates, customer details වගේ ඒවා ටිකක් store කරන එකයි වගේ වැඩ ටිකක් තමයි.

    මගෙ ප්‍රශ්නෙ තමයි
    1. මේව ටික කරන්න පුළුවන් ටිකක් ඉගෙනගන්න ලේසි programming language එක මොකක්ද?
    2. පුළුවන් නම් කරන්න ඕනි process එකක මොකක්ද? කියල දැන ගන්න එක.

    මම දන්නව මේක පට්ට ගොං ප්‍රශ්නයක් කියල. කොන්දොස්තර කෙනෙක් heart surgery එකක් කරන්න යනව වගේ වැඩක් කියල. ඒ උනාට මට පොඩ් try එකක් දාලා බලන්න හිතුන. කොහෙන් හරි අඩියක් තියන්න ඕනි නේ. මොකක් හරි idea එකක් දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්. Subject එක ගැන මම මේ ලෝකෙ දෙයක් දන්නේ නෑ හැබැයි.
     

    Sen-lu

    Well-known member
  • ube thaththata kiyapn oya wade outsource krnna kiyala... :P
    එයාට එහෙම එකක් ඕනි නෑ බං. මම මේක මේ learning opportunity එකක් කරගන්න හදන්නේ බං. නිකං tutorials බැලුව කියල වැඩක් නෑ.
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    උබ ඉස්සරහට දිගටම programming කරන්න හිතන් ඉන්නෙ නැත්නම් ඕක කාට හරි දීල කරගනින්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,315
    100,163
    113
    උබට ඕනි ප්‍රෝගැමින්ග් ඉගෙන ගන්නද නැත්තන් සොෆ්ට්වෙයා එකක් හදන හැටි ඉගෙන ගන්නද?
     

    Sen-lu

    Well-known member
  • C# thamai. udemy eken cource ekak aran follow karala balanna. youtube unath athi.

    oyata software development job ekakata hoda reputed company ekakata yanna one nag oka neme path eka.
    තැන්ක්ස් බං reply එකට. Job එකකට යන්න නෙවේ මම වෙනස්ම field එකක ඉන්නෙ. නිකං ඉගෙනගන්න ආසාවට බලන්නෙ. මම කාලෙන් කාලෙට වෙනස් වෙනස් දේවල් ඉගෙනගන්න try එකක් දෙනව. මැයි වෙනකම් ලංකාවෙ ඉන්නව ඉතින් free time එකේ මොනා හරි වැඩක් කරන්න බැලුවෙ.

    උබට ඕනි ප්‍රෝගැමින්ග් ඉගෙන ගන්නද නැත්තන් සොෆ්ට්වෙයා එකක් හදන හැටි ඉගෙන ගන්නද?
    Software එක හදන හැටි දැන ගන්න බං
    ------ Post added on Mar 17, 2021 at 11:11 AM

    උබ ඉස්සරහට දිගටම programming කරන්න හිතන් ඉන්නෙ නැත්නම් ඕක කාට හරි දීල කරගනින්
    ඉගෙනගන්න පොඩි try එකක් දෙන්නේ බං . ඕක හැදුවත් එකයි නැතත් එකයි.
    ------ Post added on Mar 17, 2021 at 11:12 AM
     
    • Like
    Reactions: hodakolla

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    තැන්ක්ස් බං reply එකට. Job එකකට යන්න නෙවේ මම වෙනස්ම field එකක ඉන්නෙ. නිකං ඉගෙනගන්න ආසාවට බලන්නෙ. මම කාලෙන් කාලෙට වෙනස් වෙනස් දේවල් ඉගෙනගන්න try එකක් දෙනව. මැයි වෙනකම් ලංකාවෙ ඉන්නව ඉතින් free time එකේ මොනා හරි වැඩක් කරන්න බැලුවෙ.


    Software එක හදන හැටි දැන ගන්න බං
    ------ Post added on Mar 17, 2021 at 11:11 AM


    ඉගෙනගන්න පොඩි try එකක් දෙන්නේ බං . ඕක හැදුවත් එකයි නැතත් එකයි.
    ------ Post added on Mar 17, 2021 at 11:12 AM
    Then try C# it's easy to learn udemy hoda couse ekak follow karanna. SQL poddakuth igenaganna ona wei
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,315
    100,163
    113
    Software එක හදන හැටි දැන ගන්න බං
    ------ Post added on Mar 17, 2021 at 11:11 AM

    එහෙනන් මචන් මෙහෙම කරන්න ඔයා ප්‍රොග්‍රැමින් විතරක් ඉගෙන ගෙන බෑ මුල ඉදලම ප්‍රොසෙස් එක ඉගෙන ගන්න ඕනි.
    සොෆ්ට්වෙයාර් එකක් හදන එකේ 60% ක් විතර තියෙන්නෙ කෝඩින් නෙවෙයි මචන්. ප්ලෑනින්.

    1. මුලින්ම කොලයක් අරගෙන කරල ඉවර කරන්න ඉන්න සොෆ්ට්වෙයාර් එකේ තියෙන්න ඕනි දේවල් ටික ලියන්න ( Deliverables/Use case diagram )
    2. ඊට පස්සෙ සොෆ්ට්වෙයාර් එකේ එක එක ෆීචර් එක කරල ඉවර වෙනකන් ප්‍රොසෙසෙ එක ඇදගන්න ( Activity Diagram)
    3. මේකෙන් පස්සෙ ඔයා සේව් කරන්න ප්ලෑන් කරන ඩේට ටික මොනවද කියල වෙන් කරගන්න. (ER Diagram)
    4. දැන් ඔය ඔක්කොම එකතු කරල එක ඉන්ටෆේස් එකෙන් එකට වෙන්නෙ කොහොමද කියල ඇදගන්න (UI Design)

    මේ ටික ඉවර වෙනකොට ඔයා ලග තියෙනව ෆුල් ප්ලෑන් එක. දැන් එක්කො ඕක බාස් කෙනෙක්ට දීල හදාගන්නව එහෙම නැත්තන් ඔයාම පටන් ගන්නව.

    1. මුලින්ම ඇදපු UI ටික බේස් කරගෙන සොෆ්ට්වෙයාර් එකම ඩමී ඩේට දාල වැඩ කරන විදියට හදාගන්නව.
    2. ඕකෙන් පස්සෙ හරියටම දැනගන්න පුළුවන් තව මොනව හරි වෙනස් කම් ටිකක් ER එකේ කරන්න ඕනිද කියල. එහෙම තියෙනව නන් ඒ ටිකත් කරල DB එක හදනව
    3. දැන් DB එකයි අර හදපු UI ටිකයි එකතු කරනව.

    ඕක තමා සරලවම වැඩේ වෙන විදිය. කැමති ලැන්වේජ් එකකින් කැමති විදියට හදාගන්න තියෙන්නෙ දැන්.