ඔන්න තියෙනව මට ඕනිම කරල තිබුන answer එක. ( මම ප්‍රශ්නෙ අහල තියෙන විදියට වැරුද්දකුත් තියෙනව) දැන් ඒ ඒ step එක කරන විදිහ ගැන research කරන්න පුළුවන්.Thank you මචං.එහෙනන් මචන් මෙහෙම කරන්න ඔයා ප්‍රොග්‍රැමින් විතරක් ඉගෙන ගෙන බෑ මුල ඉදලම ප්‍රොසෙස් එක ඉගෙන ගන්න ඕනි.
සොෆ්ට්වෙයාර් එකක් හදන එකේ 60% ක් විතර තියෙන්නෙ කෝඩින් නෙවෙයි මචන්. ප්ලෑනින්.
1. මුලින්ම කොලයක් අරගෙන කරල ඉවර කරන්න ඉන්න සොෆ්ට්වෙයාර් එකේ තියෙන්න ඕනි දේවල් ටික ලියන්න ( Deliverables/Use case diagram )
2. ඊට පස්සෙ සොෆ්ට්වෙයාර් එකේ එක එක ෆීචර් එක කරල ඉවර වෙනකන් ප්‍රොසෙසෙ එක ඇදගන්න ( Activity Diagram)
3. මේකෙන් පස්සෙ ඔයා සේව් කරන්න ප්ලෑන් කරන ඩේට ටික මොනවද කියල වෙන් කරගන්න. (ER Diagram)
4. දැන් ඔය ඔක්කොම එකතු කරල එක ඉන්ටෆේස් එකෙන් එකට වෙන්නෙ කොහොමද කියල ඇදගන්න (UI Design)
මේ ටික ඉවර වෙනකොට ඔයා ලග තියෙනව ෆුල් ප්ලෑන් එක. දැන් එක්කො ඕක බාස් කෙනෙක්ට දීල හදාගන්නව එහෙම නැත්තන් ඔයාම පටන් ගන්නව.
1. මුලින්ම ඇදපු UI ටික බේස් කරගෙන සොෆ්ට්වෙයාර් එකම ඩමී ඩේට දාල වැඩ කරන විදියට හදාගන්නව.
2. ඕකෙන් පස්සෙ හරියටම දැනගන්න පුළුවන් තව මොනව හරි වෙනස් කම් ටිකක් ER එකේ කරන්න ඕනිද කියල. එහෙම තියෙනව නන් ඒ ටිකත් කරල DB එක හදනව
3. දැන් DB එකයි අර හදපු UI ටිකයි එකතු කරනව.
ඕක තමා සරලවම වැඩේ වෙන විදිය. කැමති ලැන්වේජ් එකකින් කැමති විදියට හදාගන්න තියෙන්නෙ දැන්.
Reply කරපු අනික් හැමෝටමත් thanks. දැං යන්න ඕනි පිළිවෙල ගැන පොඩි idea එකක් තියෙනව. බලමු මොනවා හරි අටවගන්න පුළුවන් වෙයි ද කියල.
And
N8n කියන්නේ මොකක්ද බං. යාලුවෙක් කිව්ව මේක try කරන්න කියල. මොකක්ද මෙකෙන් වෙන්නේ.