මුලින්ම රටේ කොරෝනා වෛරසය පැතිර ගිය වෙලාවේ දී තත්ත්වය පාලනය කරගැනීමට සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල කැපවීම වගේම ජනතාව සිහිබුද්ධියෙන් කටයුතු කිරීමත් බොහෝ දුරට උපකාරී වුණා.
නැවතත් රටේ කොරෝනා වෛරසය සීඝ්රයෙන් පැතිර යාම වලක්වා ගැනීමට මේ අවස්ථාවේදීත් වඩාත්ම වැදගත් වෙන්නේ වගකීමෙන් කටයුතු කිරීමයි.
- ඔබට උණ කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව ආදී රෝග ලක්ෂණ තියෙනවා නම්, හැකිතාක් ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගන්න. වෛද්‍ය උපදෙස් ගැනීමට යාමේදී පොදු ප්‍රවාහන සේවා යොදාගැනීමෙන් හැකිතාක් දුරට වලකින්න.
- ගමන් බිමන් නවතා නිවසට වී සිටින්න.
- වැඩි විස්තර සඳහා 1999 සුවසැරිය දුරකථන සේවය අමතන්න.
රටේ ඉදිරි කාලවකවානුව කෙසේ වෙයි දැයි තීරණය වෙන්නේ අද ඔබ අපගේ වගකීම් සහගත ක්‍රියා පිළිවෙත මතයි
.