ITN-ජාතික රුපවාහිනි
දැන් යහපලානේ තියෙන නිසා මාත් කාලෙකට පස්සේ ITN එකේ නිවුස් බලන්න පටන් ගත්තා. කියන්න පුදුමයි ITN එකේ නිවුස් මාරම සමබරයි. එකේ සභාපති විදියට මහාචාර්ය ගංගානාත් දිසානායක වැඩ බාරගත්තම පස්සේ තමයි වෙනස. කාටවත් මඩ ගහන්නේ නෑ, හැමෝටම අවස්ථාව දෙනවා. මයිත්‍රී ගැන රනිල් ගැන ඕනවට වඩා පෙන්නන්නේ නෑ. ඒ දෙන්නා ගැන දෙන නිවුස් එකක් දෙන්නෙත් නිවුස් වල භාගයක් ගියාම. අනික කාටහරි චෝදනාවක් එල්ල වෙනවා නං ඒ මනුස්සයයට කියන්න තියෙන දේත් දන්වා. පුද්ගලික චැනල් වලට වඩා සමබරයි ඒක.
ඒ අස්සේ මම බැලුවා CSN එක. එකේ යනවා ඇඩ් එකක් පෙ පාරත් ක්‍රිකට් වර්ල්ඩ් කප් එක පෙන්නන්නේ උන් කියලා. මම නං හිතන්නේ ක්‍රීඩා තරග පෙන්වීමේ අයිතිය තියෙන්න ඕනි රජයේ නාලිකාවකට. CSN එක පහුගිය කාලේ ක්‍රීඩා තරග පෙන්වීමේ ඒකාධිකාරය බලෙන්ම අරං සැහෙන්න මුදලක් හොයා ගත්තා. අනික CSN පටන් ගත්තෙත් රජයේ නාලිකා වල සම්පත් බලෙන් අරන්.
මං හිතන්නේ ක්‍රීඩා තරග රජයේ නාලිකාවලට දුන්නම, විශේෂයෙන්ම ක්‍රිකට් තරග වගේ දේවල් ඔවුන්ට හොද මුදලක් හොයා ගන්න පුළුවන් දැන්වීම් වලින්. ඒ සල්ලි එන්නේ රජයට. එහෙම නැතිව පුද්ගලික සමාගම් වලට ඒ සල්ලි ගිහින් වැඩක් නෑ. ජාතික රුපවාහිනීය කියන්නේ රජයේ එකක්. ඒ කියන්නේ මේ ආණ්ඩුවට ජන්දේ දුන්නු නොදුන්න හැමෝගෙම සල්ලි වලින් තමයි ඕක නඩත්තු වෙන්නේ.
මේ පාර ක්‍රිකට් තරගාවලිය ජාතික රුපවාහිනීයේ,චැනල් අයි එකේ පෙන්නන්න කියලා කාගෙන්ද ඉල්ලන්න ඕනි?