ස්කන්ධ සංස්ථික නියමයෙන් කියන්නෙ සංවෘත පද්ධතියක් තුල ප්රතික්රියකවල ස්කන්ධය, ප්රතිඵලවල ස්කන්ධයට සමානයි කියන එක
මේක අපි A\L වල ඉගෙන ගත්තට වැරදිය් මචන්. අපි කියමු අපි සෝඩියම් කෑල්ලක් වතුරට දානවා කියලා. එතකොට සොඩියම් වතුරත් එක්ක ප්රතිකිරිආ කරලා හයිඩ්රජන් සහ NAOH හැදෙනවා එතකොට යම් තාපයක් පිට වෙනවා සහ ආලෝකයක් පිට වෙනවා. ඒ තාපය සහ ආලොකයට අදලා ස්කන්ධ ප්රමාණය අඩුවෙනවා. පිටවුනු මුලු ශක්තිය E නම් අඩුවෙන ස්කන්දය m=E/c^2 ප්රමාණයක් වෙනවා
උබ නියමය හරියට තේරුම් අරගෙන නැහැ
. ප්රතිඵල කියන්නෙ ශක්තියත් එක්ක.Na + H2O = H2 + NaOH + Energy
ප්රතිඵල = H2 + NaOH + Energy



ඔය උබ කියන එකත් හෙන මෝඩ තර්කයක් මචන්. දැන් උබ කියන Na + H2O = H2 + NaOH ප්රතික්රියාවම ගමු. ඕකෙන් එන්තැල්පි විපර්යාසය -386KJmol^-1 ක් වෙනව. ඒ කියන්නෙ පිටවෙන්නෙ 368,000J තාප ප්රමානයක්. Na සහ H2O මවුලයක් ගත්තොත්
මුලු ස්කන්ධය 23g + 18g = 41g
දැන් උබ කියන E = mC^2 සමීකරනෙට දාල බලමු
d(m) = E / C^2
d(m) = 368,000 / 9 * 10^16
d(m) ~ 41 * 10^-13kg
d(m) = 41 * 10^-10g
ස්කන්ධය අඩුවීමේ ප්රතිශතය = ( 41g / 41 * 10^-10g ) * 100
= 1 * 10^-10 %
දෝශය = 0.0000000001%
බලහන් කොච්චර පොඩි දෝශයක්ද තියෙන්නෙ කියල. 99.9999999999% ක්ම නිවරදී
. ඔය විදිහට බැලුවොත් ඕනෑම පරමාණුවක් විකිරන අවශෝෂනයක් හෝ පිටවීමක් වෙනව. එතකොටත් ස්කන්ධය වෙනස් වෙනව. ඒක හින්දත් ඔය නියමය වැරදියි


විද්යාවෙදි සාමාන්යෙන් අවසාන ප්රතිඵලයට ඇතිවෙන දෝෂය 1% ට අඩුනම් ඒක නොසලකා හරිනව.
උබ කියන විදිහට බැලුවොත් ලෝකෙ තියන හැම නියමයක්මත් වැරදියි
. අයින්ස්ටයින්ගෙ E = mC^2 සමීකරනෙත් වැරදියි
. කිසිම නයශ්ඨික ප්රතික්රියාවකදි ස්කන්ධය 100% ක් ශක්තිය බවට පත්වෙන්නෙ නැහැ
. ශක්තිය ස්කන්ධයෙන් 70% ත් අඩුයි. ප්රති අන්ශු ප්රතික්රියා වලදි විතරයි ස්කන්ධය 98% - 99% ක් ශක්තිය වෙන්නෙ.උත්තර දියන්. PM 1ක් දැම්ම.
