Jackson Anthony ජැක්සන් ඇන්තනි (An Astrological View)

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ජැක්සන් ඇන්තනි මහත්මයා ගැන අටුවා ටීකා ලිවීමට අවශ්‍ය නැත. ඔහු මේ මොහොත වන විට පත්වී සිටින කණගාටු දායක තත්වය නිසා මෙවැනි ලිපියක් ලිවීම එතරම් උචිත නොවන්නේ යැයි ඇතැම් කෙනෙකුට සිතෙන්නට බැරි නැත. ඇත්ත වශයෙන් මාත් මේ ලිපිය ලියා සති දෙකක් පමණ පළ නොකර සිටියේත් ඒ උභතෝකෝටිකය නිසාය. එහෙත් අවසානයේ මෙය පළ කිරීමට තීන්දු කළෙමි.
    මේ ලිපිය මඟින් ඇන්තනි මහතාට හෝ ඔහුගේ පවුලේ අයෙකුට හෝ යම් අගතියක් නොවන්නට වග බලාගත යුතුව ඇති බව අවබෝධයෙන් යුතුව පළ කරමි.
    ඔහුගේ දේශපාලනය හෝ වෙනත් ඕනෑම පුද්ගලික මතයක් විවේචනය කිරීම හෝ හෙළාදැකීම අපට අයිති කාර්‍යයක් නොවන බව සලකන්න. ඒ ඔහුගේ අයිතියකි.
    මවිසින් පළකරමින් තිබෙන ජ්‍යෝතිෂ්‍ය පාඨමාලාව පරිශීලනය කරමින් හදාරන නවකයන්ගේ දැනුමට අතිරික්තයක් සැපයීම මගේ ඒකායන අරමුණ වේ.
    ග්‍රහබල, ස්ථානබල හා දශා ඵල සලකමින් ජැක්සන් ඇන්තනි මහතාගේ ජන්ම පත්‍රය විමසමු. ඔහු ඉපදී ඇත්තේ 1958 ජූලි මස 08 දින රාගම දීය. උපන් වේලාව නිශ්චිත නැතත් ලැබී ඇති තොරතුරු වලට අනුව එදින පෙරවරු කාලයේ 09.50 ත් 10.00 ත් අතර වියහැකිය. එබැවින් වෙලාව පෙරවරු 09.55 යයි සාධාරණ ලෙස ගෙන ජන්ම පත්‍රය සකස් කරමු.
    ඒ අනුව ඔහු සිංහ ලග්නයේ හා කන්‍යා නවාංශකයෙන් ද ශනි ගේ මහදශාව අවුරුදු 4 ක් 5 ක් පමණ ශේෂව තිබියදී ඉපදී ඇත. අදාළ දල කේන්ද්‍ර සටහන පහත දැක්වෙයි.

    Jackson.JPG


    සිංහ ලග්න හිමියාගේ පොදු බාහිර පෙනුම "පටු උදරය, පළල් උරහිස්, ඝන හිසකෙස්, රතුවන් සම ඇති තේජවන්ත පෙනුමෙන් යුතු සම්පුර්ණයෙන් වැඩුණු ශරීරය වේ." වශයෙන් විස්තර කළ ආකාරය ඔබට මතක ඇති. 🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව - රාශි / සිංහ
    කන්‍යා රාශිය ගැන කියා ඇත්තේ මෙසේය "මධ්‍යම ප්‍රමාණයට වඩා ස්වල්පයක් කුඩා සියුමැලි ශරීරයකි. කඩිසරය. වයසට වඩා තරුණ පෙනුමක් ඇත. ලෙළදෙන කටහඬ වේ." 🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව - රාශි / කන්‍යා
    දැන් සිංහ රාශියේ ලක්ෂණ 75% ක් පමණ ද කන්‍යා රාශියේ ලක්‍ෂණ 25% ක් පමණ ද ඇතැයි සිතිය හැකි පුද්ගලයකු හා ජැක්සන් ඇන්තනි මහතා පිළිබඳ ඔබගේ මතකය සසඳා බලන්න.

    jaka.jpg


    ඔහුගේ වයස අවුරුදු තිහක් පමණ පසුවන තුරු තරමක දුෂ්කර ජීවිතයක් ගතකර ඇති බව පෙනෙයි. කේතුගේ අපලකාරී දශාව නිමාවී ඇත්තේ 1988 දී පමණය. ඒ තාක් ගෙවුණු බුධ ගේ හා කේතු ගේ දශා කාල තුලදී ඔහු බොහෝදේ ඉගෙනගන්නට ඇත. පර්යේෂණාත්මක දේවල යෙදෙන්නට ඇත. කෙසේ හෝ 1990 පමණ වන විට සිකුරු ගේ ශුභ දශාව ලබා ජීවිතය කල එළි වන්නට පටන්ගෙන තිබේ. සිකුරු ග්‍රහයා දස වැන්න වූ වෘෂභ රාශියේ ස්වක්ෂේත්‍ර බලයෙන් යුතුව සිටියි. සෞන්දර්ය කලා ආදියට බලපවත්වන්නා වූ ග්‍රහයා වන්නේ සිකුරු ය. දස වැන්න කාරක ස්ථානය යි. සිකුරුගේ මහිමයෙන් ඔහු රටම දන්නා ප්‍රවීණ කලාකරුවකු බවට පත්විය. තුන් වැන්නේ රාහු වස්තුව දුන්නේය.
    දෙවැන්න වන ධනස්ථානයේ බලවත් ගුරු ග්‍රහයා වර්ගෝත්තම බලයෙන් සිටීම මහා ධනයෝගයකි. රවි ද අයස්ථානය වන එකොළොස් වන්නෙ සිටිමින් එකී ධන යෝගය තව තවත් තීව්‍ර කර ඇත. එකොළහේ රවි රාජ්‍ය අනුග්‍රහය ද පතළ කීර්තිය ද සංඛේතවත් කරයි. 2008 ත් 2014 ත් අතර කාලය බලවත් රවි ගේ මහදශාව විය. එනයින් ධනයට බලය ද ආරූඩ විය.
    හත් වැන්නාධිපති හතර වැන්නේ සිටීම බලවත් විවාහය මෙන්ම රූමත් භාර්යාව ද උරුම වීමේ සලකුණකි. පස්වැන්නාධිපති වූ පුත්‍ර කාරක ගුරු මෙන්ම පුණ්‍යස්ථානයේ ස්ත්‍රීකාරක කේතු ද දරුවන් පිළිබඳ මනාව නිවේදනය කරති.
    2014 ලැබුවේ සඳු ගේ මහදශාවය. මේ කේන්ද්‍රයේ චන්ද්‍රයා අව පක්‍ෂයේ වෙමින් මාරක ස්ථානය වන අටවැන්නේ කුජ සමඟ සිටියි. කුජ ග්‍රහයා යනු නෛසර්ගික දුෂ්ටයා වුවද මේ කේන්ද්‍රයේ පුණ්‍යස්ථානය අධිපති බැවින් මාරක නොවෙයි. එහෙත් චන්ද්‍රයා දොළොස්වැන්න අධිපති බැවින් මාරක වෙයි. චන්ද්‍රයා අට වැන්නේ ඵලය කියා ඇත්තේ මෙසේය;
    "චන්ද්‍රයා අටට ඉතාම නරකයි. අකාලයේ ජීවිතය හානි කරන බොහෝ යෝග අටේ චන්ද්‍රයා සම්බන්ධව යෙදේ. ශුභ ඵලයක් දෙන්නේ ඉතා කලාතුරකිනි.... ස්වකිය මහදශාවේදී බොහෝ විට මරයි".(107 පිට ජීවිතය හා ග්‍රහයෝ)
    ඇන්තනි මහතා අනතුරට පත්වූයේ 2022 ජූලී 02 දාය. ඒ වන විටත් ඔහුට සඳු ගේ මාරක දශාව ලබා තිබිණ.
    මින් එහා ඇති සියල්ල ඇන්තනි මහතා ගේ දෛවයට හෝ කර්ම ශක්තියට හෝ දෙවියන්ට හෝ භාරය. අපගේ විශයය සීමාවේ හා සදාචාර සීමාවේ රැඳෙමින් මේ ලපිය මෙතෙකින් නිමාකරමි.
    ජැක්සන් ඇන්තනි මහතාට ඉක්මන් සුවයත්, දීර්ඝායුෂය ත් ප්‍රාර්ථනා කරමු! 🙏🙏🙏
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,162
    1
    100,932
    113
    34
    Kalutara
    උඹ කියලා තියෙන්නේ වෙච්ච දේවල් විතරනේ. මම හිතුවේ උඹ කේන්දරේ බලලා මැරෙයිද නැද්ද මැරිලද නැද්ද කියල ඇතියි කියල. :rolleyes:
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    වෙච්ච දෙයක් කියන්න මේ ලබ්බ ඕන යෑ... වෙන්න තියෙන දෙයක් කියහන්කෝ... කවද්ද ජැක්සන්ගේ මැශින් ගලවන්නේ ?

    කේන්දරයි කේන්දර කාරයොයි කියන්නේ බොරු කාරයෝ..
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඔබතුමා thread ඒක දාල තියෙන්නෙ පාන්දර 1.40 ට....
    අනිත් අයගෙ වෙලාව බල බල ඉන්නවට වඩා හරි වෙලාවට නිදා ගන්න උත්සහ කරන්න..:love::love:


    නළු ජැක්සන් ගැන කිව්වොත් නම් - දක්ෂ නළුවෙක්.
    නමුත් නළුකම අපයෝජනය කිරීම ගැන තියෙන්නෙ හොද අාකල්පයක් නම් නෙමේ...
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මේ පුද්ගලයා තමන්ගේ දක්ෂ තාවයන් සේරම හෑල්ලුවට ලක් කරගත්තා අනවශ්‍ය විදිහට අනිත් අයව පුම්බන්න ගිහින්. මොනවා උනත් ඇති දක්ෂ නළුවෙක්
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    මේ පුද්ගලයා තමන්ගේ දක්ෂ තාවයන් සේරම හෑල්ලුවට ලක් කරගත්තා අනවශ්‍ය විදිහට අනිත් අයව පුම්බන්න ගිහින්. මොනවා උනත් ඇති දක්ෂ නළුවෙක්
    සහතික ඇත්ත...
    අති දක්ශයෙක් ඉතිං... මොනව උනත්.

    බහුතරයක් රජයේ ආයතන, මාධ්‍ය ආයතන, ජනප්‍රිය චරිත වගේම මේ මනුස්සයවත්
    මහින්දම තමයි කෑවෙ...
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    "චන්ද්‍රයා අටට ඉතාම නරකයි. අකාලයේ ජීවිතය හානි කරන බොහෝ යෝග අටේ චන්ද්‍රයා සම්බන්ධව යෙදේ. ශුභ ඵලයක් දෙන්නේ ඉතා කලාතුරකිනි.... ස්වකිය මහදශාවේදී බොහෝ විට මරයි"

    හෙන හෑල්ලක් ලියල
    හරියටම මැරෙනවා ද නැද්ද කියන්න බයයි
    ඕකද ඇස්ට්‍රොලොජි 😂
     
    • Like
    • Haha
    Reactions: Cypress and Lovtus

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,245
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    සාරුක් කාන්ගෙත් සිකුරු උච්ච වෙලා තියෙන්නෙ මේ වෙද්දි. ඉස්සරහ ගැන කියන්නෙ නෑ හරි නෑනේ... ඔව් කියන්නෙ නෑ. වගකීමෙන් කියන්නෙ. කියන්නෙම නෑ...
     

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,489
    1,076
    113
    srilanka
    ජැක්සන් ඇන්තනි මහත්මයාව ග්‍රහ අපල දුරු වේවා!!! නිරෝගි වේවා!!! දීර්ඝායුෂය වේවා!!!
     
    • Love
    • Like
    Reactions: NRTG and Lovtus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,282
    74,722
    113
    සහතික ඇත්ත...
    අති දක්ශයෙක් ඉතිං... මොනව උනත්.

    බහුතරයක් රජයේ ආයතන, මාධ්‍ය ආයතන, ජනප්‍රිය චරිත වගේම මේ මනුස්සයවත්
    මහින්දම තමයි කෑවෙ...
    මේ පුද්ගලයා තමන්ගේ දක්ෂ තාවයන් සේරම හෑල්ලුවට ලක් කරගත්තා අනවශ්‍ය විදිහට අනිත් අයව පුම්බන්න ගිහින්. මොනවා උනත් ඇති දක්ෂ නළුවෙක්
    minisunge political views adaala ne ban. Mu patta dial ekak. but matath u support karapu paththa direwwe ne. but eka uge choice eka, eka nodirawa inna mage choice eka.

    lankawe bahutharayakata democracy kiyana eka terenne ne. but lokuwata eka beraganna ona kiyala terenawa. Ekai duka