ජැක්සන් ඇන්තනි මහත්මයා ගැන අටුවා ටීකා ලිවීමට අවශ්‍ය නැත. ඔහු මේ මොහොත වන විට පත්වී සිටින කණගාටු දායක තත්වය නිසා මෙවැනි ලිපියක් ලිවීම එතරම් උචිත නොවන්නේ යැයි ඇතැම් කෙනෙකුට සිතෙන්නට බැරි නැත. ඇත්ත වශයෙන් මාත් මේ ලිපිය ලියා සති දෙකක් පමණ පළ නොකර සිටියේත් ඒ උභතෝකෝටිකය නිසාය. එහෙත් අවසානයේ මෙය පළ කිරීමට තීන්දු කළෙමි.
මේ ලිපිය මඟින් ඇන්තනි මහතාට හෝ ඔහුගේ පවුලේ අයෙකුට හෝ යම් අගතියක් නොවන්නට වග බලාගත යුතුව ඇති බව අවබෝධයෙන් යුතුව පළ කරමි.
ඔහුගේ දේශපාලනය හෝ වෙනත් ඕනෑම පුද්ගලික මතයක් විවේචනය කිරීම හෝ හෙළාදැකීම අපට අයිති කාර්‍යයක් නොවන බව සලකන්න. ඒ ඔහුගේ අයිතියකි.
මවිසින් පළකරමින් තිබෙන ජ්‍යෝතිෂ්‍ය පාඨමාලාව පරිශීලනය කරමින් හදාරන නවකයන්ගේ දැනුමට අතිරික්තයක් සැපයීම මගේ ඒකායන අරමුණ වේ.
ග්‍රහබල, ස්ථානබල හා දශා ඵල සලකමින් ජැක්සන් ඇන්තනි මහතාගේ ජන්ම පත්‍රය විමසමු. ඔහු ඉපදී ඇත්තේ 1958 ජූලි මස 08 දින රාගම දීය. උපන් වේලාව නිශ්චිත නැතත් ලැබී ඇති තොරතුරු වලට අනුව එදින පෙරවරු කාලයේ 09.50 ත් 10.00 ත් අතර වියහැකිය. එබැවින් වෙලාව පෙරවරු 09.55 යයි සාධාරණ ලෙස ගෙන ජන්ම පත්‍රය සකස් කරමු.
ඒ අනුව ඔහු සිංහ ලග්නයේ හා කන්‍යා නවාංශකයෙන් ද ශනි ගේ මහදශාව අවුරුදු 4 ක් 5 ක් පමණ ශේෂව තිබියදී ඉපදී ඇත. අදාළ දල කේන්ද්‍ර සටහන පහත දැක්වෙයි.
සිංහ ලග්න හිමියාගේ පොදු බාහිර පෙනුම "පටු උදරය, පළල් උරහිස්, ඝන හිසකෙස්, රතුවන් සම ඇති තේජවන්ත පෙනුමෙන් යුතු සම්පුර්ණයෙන් වැඩුණු ශරීරය වේ." වශයෙන් විස්තර කළ ආකාරය ඔබට මතක ඇති.

එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව - රාශි / සිංහ
කන්‍යා රාශිය ගැන කියා ඇත්තේ මෙසේය "මධ්‍යම ප්‍රමාණයට වඩා ස්වල්පයක් කුඩා සියුමැලි ශරීරයකි. කඩිසරය. වයසට වඩා තරුණ පෙනුමක් ඇත. ලෙළදෙන කටහඬ වේ."

එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව - රාශි / කන්‍යා
දැන් සිංහ රාශියේ ලක්ෂණ 75% ක් පමණ ද කන්‍යා රාශියේ ලක්ෂණ 25% ක් පමණ ද ඇතැයි සිතිය හැකි පුද්ගලයකු හා ජැක්සන් ඇන්තනි මහතා පිළිබඳ ඔබගේ මතකය සසඳා බලන්න.
ඔහුගේ වයස අවුරුදු තිහක් පමණ පසුවන තුරු තරමක දුෂ්කර ජීවිතයක් ගතකර ඇති බව පෙනෙයි. කේතුගේ අපලකාරී දශාව නිමාවී ඇත්තේ 1988 දී පමණය. ඒ තාක් ගෙවුණු බුධ ගේ හා කේතු ගේ දශා කාල තුලදී ඔහු බොහෝදේ ඉගෙනගන්නට ඇත. පර්යේෂණාත්මක දේවල යෙදෙන්නට ඇත. කෙසේ හෝ 1990 පමණ වන විට සිකුරු ගේ ශුභ දශාව ලබා ජීවිතය කල එළි වන්නට පටන්ගෙන තිබේ. සිකුරු ග්‍රහයා දස වැන්න වූ වෘෂභ රාශියේ ස්වක්ෂේත්‍ර බලයෙන් යුතුව සිටියි. සෞන්දර්ය කලා ආදියට බලපවත්වන්නා වූ ග්‍රහයා වන්නේ සිකුරු ය. දස වැන්න කාරක ස්ථානය යි. සිකුරුගේ මහිමයෙන් ඔහු රටම දන්නා ප්‍රවීණ කලාකරුවකු බවට පත්විය. තුන් වැන්නේ රාහු වස්තුව දුන්නේය.
දෙවැන්න වන ධනස්ථානයේ බලවත් ගුරු ග්‍රහයා වර්ගෝත්තම බලයෙන් සිටීම මහා ධනයෝගයකි. රවි ද අයස්ථානය වන එකොළොස් වන්නෙ සිටිමින් එකී ධන යෝගය තව තවත් තීව්‍ර කර ඇත. එකොළහේ රවි රාජ්‍ය අනුග්‍රහය ද පතළ කීර්තිය ද සංඛේතවත් කරයි. 2008 ත් 2014 ත් අතර කාලය බලවත් රවි ගේ මහදශාව විය. එනයින් ධනයට බලය ද ආරූඩ විය.
හත් වැන්නාධිපති හතර වැන්නේ සිටීම බලවත් විවාහය මෙන්ම රූමත් භාර්යාව ද උරුම වීමේ සලකුණකි. පස්වැන්නාධිපති වූ පුත්‍ර කාරක ගුරු මෙන්ම පුණ්‍යස්ථානයේ ස්ත්‍රීකාරක කේතු ද දරුවන් පිළිබඳ මනාව නිවේදනය කරති.
2014 ලැබුවේ සඳු ගේ මහදශාවය. මේ කේන්ද්‍රයේ චන්ද්‍රයා අව පක්‍ෂයේ වෙමින් මාරක ස්ථානය වන අටවැන්නේ කුජ සමඟ සිටියි. කුජ ග්‍රහයා යනු නෛසර්ගික දුෂ්ටයා වුවද මේ කේන්ද්‍රයේ පුණ්‍යස්ථානය අධිපති බැවින් මාරක නොවෙයි. එහෙත් චන්ද්‍රයා දොළොස්වැන්න අධිපති බැවින් මාරක වෙයි. චන්ද්‍රයා අට වැන්නේ ඵලය කියා ඇත්තේ මෙසේය;
"චන්ද්‍රයා අටට ඉතාම නරකයි. අකාලයේ ජීවිතය හානි කරන බොහෝ යෝග අටේ චන්ද්‍රයා සම්බන්ධව යෙදේ. ශුභ ඵලයක් දෙන්නේ ඉතා කලාතුරකිනි.... ස්වකිය මහදශාවේදී බොහෝ විට මරයි".(107 පිට ජීවිතය හා ග්‍රහයෝ)
ඇන්තනි මහතා අනතුරට පත්වූයේ 2022 ජූලී 02 දාය. ඒ වන විටත් ඔහුට සඳු ගේ මාරක දශාව ලබා තිබිණ.
මින් එහා ඇති සියල්ල ඇන්තනි මහතා ගේ දෛවයට හෝ කර්ම ශක්තියට හෝ දෙවියන්ට හෝ භාරය. අපගේ විශයය සීමාවේ හා සදාචාර සීමාවේ රැඳෙමින් මේ ලපිය මෙතෙකින් නිමාකරමි.
ජැක්සන් ඇන්තනි මහතාට ඉක්මන් සුවයත්, දීර්ඝායුෂය ත් ප්‍රාර්ථනා කරමු!