රටේ බොහෝ අංශ වලට මෙන්ම අවතැන් වුවන් පදිංචි කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් තිබිය යුතුයි. උපායමාර්ගික සැලැස්මක් රටට තිබිය යුතුයි. එසේ නොමැති වීම තුල එක එක පුද්ගලයින් තමන්ට ඕනෑ දේවල කිරීමට යාම නිසා මෙම තත්වය ඇති වී තිබේ.
රිෂාර්ඩ් බදුර්දීන් යනු මේ රටේ කර්මාන්ත ඇමැතිවරයාය. ඔහු මැදපෙරදිග රටවලට ගොස් මුස්ලිම් වරුන් සඳහා පමණක් නිවාස සැදීමට එම රටවල රාජ්‍ය නොවන සංවිධාන සමග ගිවිසුම් ඇති කරගැනීම පොදුවේ රාජ්‍ය පාලනය පිළිබඳ ගැටළුවක් ලෙස අපි දකිමු.
අවතැන්වූවන්ට නිවාස ලබා දිය යුතුය. ඔවුන්ගේ ජනවාර්ගික හා ආගමික පදනම් ගැන නොසලකා ඔවුන්ට වහාම පහසුකම් සැලසිය යුතුය. නිදහසින් පසු හැම පාලනයක්ම කලේ විදේශ රටවල ඩොලර් වලට අනුව ඕනෑම කෙනෙකුට නිසි ලෙස කටයුතු කිරීමට ඉඩ සලසමින් දියාරුව කටයුතු කිරීමයි. සුනාමියෙන් පසුවද එය අපි පැහැදිලිව දුටුවෙමු. අදද එය සිදු වීම කණගාටුවට කරුණකි.
යුද්ධයෙන් පසුව කලයුතු වන්නේ සියලු පාර්ශව සමග කතා බස් කොට විශ්වාශය ඇති වන ලෙස හා සහයෝගිතාවය ඇතිවන ලෙස සමාජ ඒකාබද්ධතාව ප්‍රවර්ධනය කරනු ලබන යලි පදිංචි කිරීමක් සිදු කිරීමය. එහෙත් මෙලෙස නව මුස්ලිම් ගම්මාන ඉදි කිරීම අනාගත අර්බුධයක මූලාරම්භයක්ද , එය සමාජ ඒකාබද්ධතාව පිලිබඳ ප්‍රතිපත්තියට එකඟ ද?, ඔවුන් අනාථ වී ඇත්නම් ඔවුන්ගේ මුල් ගම්බිම් මොනවද?
ඔවුන්ට දීම සඳහා විලපත්තු අභය භුමිය විනාශ කිරීම කල හැකිද?. ඒ සඳහා අවසර ලබා දීම කල හැකිද
අවසර දුන්නේ කවුද? පාර්ලිමේන්තු මන්ත්‍රී වරු හා පරිසර ඇමති මේ සම්බන්දයෙන් නිහඩ ද ? ශ්‍රී ලංකාවේ නිවාස ඉදි කිරීම් ඇමතිවරයා මේ ගැන කියන්නේ කුමක්ද? පරිසර රාජ්‍ය නොවන සංවිධාන නිහඩ ඇයි? මේ සඳහා රජයට මුදල් ලැබුනේද? රාජ්‍ය ඇමතිවරයෙක් රාජ්‍ය වෙනුවෙන් ගිවිසුමක් අත්සන් කල පසු එම මුදල් රාජ්‍ය නොවන සංවිධානයකට ලැබුනේද? එසේ නම් එය රාජ්‍ය මුල්‍ය විනයට පටහැනි නොවේද?
ශ්‍රී ලංකාවේ මුහුදු බඩ තීරය ඇල්ලීමේ මුස්ලිම් අන්තවාදීන්ගේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් තිබෙන බව හා ඒ පිලිබඳ සාකච්චා කිහිපයක් රටතුලත් , ජාත්‍යන්තරවත් තිබු බවට අපට ලැබුණු වාර්තා අනුව පුත්තලම්- මන්නාරම් මුහුදු බඩ ප්‍රදේශය ආක්‍රමණය මෙහිදී මෙම සැලැස්ම අනුව සිදු වන්නේද හා එය ශ්‍රී ලංකාවේ මෙන්ම කලාපීය ආරක්ෂාවට භයානක තර්ජනයක් තිබෙන බවද ? යන කරුණු ගැන අප සොයා බැලිය යුතුය.
මෙම ගිවිසුම් පිලිබඳ තොරතුරු ලංකාවේ රාජ්‍ය වෙබ් අඩවිවල දැකිය නොහැකි වුවද පහත මැදපෙරදිග රාජ්‍ය නොවන සංවිධාන වෙබ් අඩවි වල දැකිය හැක.
http://www.jassimcharity.net/?ref=24&news=5
http://www.jassimcharity.net/?ref=24&news=12
මෙම නිවේදනය මුස්ලිම් වරුන් හෝ අප රටට උපකාර කරන පුද්ගලයන් හා සංවිධාන වලට එරෙහි වීමක් නොවන අතර අපගේ රටේ අන්තවාදීන්ගේ හා රජයේ වැරදි ප්‍රතිපත්තිමය කරුණු හා සම්බන්ධීකරනය පිලිබඳ අර්බුධයක් බව පැහැදිලිවම ප්‍රකාශ කරමු.
Source - BBS Puvath


mewa penne nadda ban deshapaluwonta ??