Jeep Hacking

RoXxBatta

Active member
  • Aug 29, 2015
    254
    62
    28


    Charles Miller සහ Chris Valasek දෙපල Chrysler සමාගමේ නවතම Jeep SUV රථවල ආරක්ෂක දුබලතා ඇති බවත් ඒ පිළිබඳව මාධ්‍යට අදහස් දැක්වීමට සූදානම් බවත් ඔවුන් ප්‍රකාශ කලා.ඇමරිකානු Wired සඟරාවේ විශේෂාංග ලේඛක Andy Greenberg එම අදහස් දැක්වීමට සහභාගී වුණා.Greenberg ස්වකැමැත්තෙන් අදාල jeep රථය පැදවීමට ඉදිරිපත් වුණා.

    Jeep එක විවෘත මාර්ගයේ ධාවනය කල අතර රථයට සැතපුම් 10කට පමණ දුරින් Miller හා Valasek හැක් කිරීම ආරම්භ කලා.පළමුවෙන්ම Jeep එකෙ display එකේ ඔවුන් දෙන්නාගේ ඡායාරූප ප්‍රදර්ශනය කලා.ඉන්පසු රේඩියෝව ක්‍රියාත්මක කර ශබ්දය ක්‍රමක්‍රමයෙන් වැඩි කලා.දෙවනුව wipers kක්‍රියාත්මකකල අතර Greenbergට ඒවා අක්‍රිය කල නොහැකි වුණා.Jeep එකේ පාලනය අතට ගැනීමට භාවිත කලේ නව jeep රථවල dashboard එකේ තියෙන Uconnect නම් පහසුකමකි.මෙය රථයට අදාල නවතම Software/Firmware ලබා ගැනීමට හැකි අන්තර්ජාල සම්බන්ධයක් වන අතර ඒ හරහා රථයේ පාලනය අතට ගැනීමට ඔවුන්ට හැකි වුණා.පළපුරුදු වාර්තාකරුවෙක් වන Greenberg ඉහත බාධක වලින් කලබල නොවූ නිසා Hackerවරු මීළඟ පියවර ලෙස Accelerator ඔවුන්ගේ පාලනයට ගත්තා.Greenberg කොපමණ උත්සහ කලද රථයේ වේගය ඔහුගේ පාලනයෙන් ක්‍රමයෙන් ගිලිහී ගියා.ඔහු Break තද කලද Miller හා Valasek රථයේ තිරිංග ඔවුන්ගේ පාලනයට ගත් නිසා රථය නවත්වන ලෙස ඔවුන්ට ආයාචනා කරන්නට Greenbergට සිදු වුණා.

    අවසානයේ Miller හා Valasek රථය නවතා දැමුවා.ඔවුන්ට Jeep රථයේ වේගය,පිහිටීම හා තවත් බොහෝ සාධක ගැන දැනගැනීමට හා විවිධ පහසුකම් සක්‍රිය/අක්‍රිය කිරීමට හැකි බව පැහැදිලි වුණා.කෙසේ වුණත් ඔවුන් එක්වී Chrysler සමාගමට මේ ගැන දැනුම් දුන් අතර සමාගම මඟින් එම දත්ත පරිහරණයට අරගෙන Uconnectහි ආරක්ෂක දුබලතා සමනය කිරීමට මෘදුකාංගයක් පසුගියදා නිකුත් කලා.
    :P:P:P

    Rep දුන්නට කමක් නෑ හොඳේ!!!
     
    Last edited: