සැලරි : අම්බානෙකට අඩුයි , වයිපරේ ජොබක් කරේ නැත්නම් වෙන්නේ එල්ලෙන්න
උදේට කිරි තේ , හවස ප්ලේන් ටී
දවල්ට කනවා පැය බාගයක් විතර ,
උදේ 9 ඉදන් හවස 7.30 වෙනකන්වත් අවමය වැඩ , ගොඩක් වෙලාවට රෑ 10, 11 වෙනවා
ඉන්න ඔක්කොම හැම ජාතියකම වැඩ කරන්න ඕනි , තේ හදන එකයි , අතු පතු ගාන එකයි හැරුනම හැමදේම කරනවා
නාට්ටාමි වැඩත් සෙට් වෙනවා , කිලෝ 25ක විතර පෙට්ටියක් පල්ලෙහා ඉදන් 2න්ඩ් ෆ්ලෝර් එකට ගෙනියන්න වගේ
කම්පියුටර් හදනවා, ඩිසයිනින් කරනවා, ලංකාවේ ප්රමුකම පොත්, සගරා , පත්තර ප්ලැන් වෙන්නේ අපේ අතින් තමයි
ඔක්කොම ඉන්නේ 10ක් විතර
ෆ්රෙන්ඩ්ලි වරක් ස්පේස් එකක් තියෙනවද නැද්ද කියන එක මට තේරෙන්නේ නැහැ, ඉන්ටනෙට් නම් තියෙනවා
රෙස්පෙක්ට් එකක් නම් නැහැ , වැඩක් වැරදුනොත් කස්ටර්මර් ගෙන් බැනුම් තමයි , ඔෆිස් එකේ ලොක්කෝ නම් වැඩ වැරදුනාට බනින්නේ නැහැ
ලංකාවේ ඉන්න ඕනි නිසා අල්ලන් කරගෙන යනවා , වෙලාවකට හිතෙනවා දන්නෙම නැතුව ජොබ් එක ජීවිතේම කරන් ගෙදර අයට ලොකු අසාදාරනයක් කරන්නේ කියල , ඒ වගේම පඩිය අතට ආවම ජීවිතේම කල කිරෙනවා
ඕක නිසාම මම රට යන්න ට්රයි කරා , ඒක සෙට් උනෙත් නැහැ , කරුමේම තමයි