Random කතා - බිංදුවෙන් පටන් ගන්න උන්ට පොඩි push එකක් 😊😊

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,540
    75,378
    113
    ඉඳලා හිටලා කිරියේ දකිනවා බිංදුවෙන් පටන් අරන්, ඒත් ජීවිතේ කොහොමහරි ගොඩ යන්න ට්‍රයි කරන, සමහර අය තමාට වඩා ඉස්සරහින් ඉන්නකොට demotivate වෙන, ඇයි අපිට මෙහම උනේ වගේ ප්‍රශ්න අහන post. ඉතින් හිතුවා සෙනසුරාදා දවසේ පොඩි දේවල් ටිකක් අත්දැකීම් ටිකක් බෙදාගන්න.

    අපි තේරුම් ගන්න ඕන දෙයක් තමා එක එකාගේ ජීවිත එක එක තැන තියෙන්නෙ. එකම වයසේ උනත් අපිට වඩා ආර්තික අතින් ඉස්සරහින් ඉන්න උන් ඉන්නවා. ඒකට හේතුව තමා මේ ජීවිතය අපි තනියෙන් එකම තැනින් පටන්ගත්ත මැරතන් එකක් නෙවී, හරියට බැලුවොත් ඕක සහය දිවීමේ මැරතන් එකක්. ඉතින් උඹේ වයසේ එකාට බැටන් එක හම්බෙන්නෙ කලින් එකා උඹලගෙ කලින් එකාට ලොකු ලීඩ් එකක් දීලා තිබ්බ වෙලාවක. එහෙම උනාම උඹට කොහොමත් අනිත් එකාව උඹේ ඉස්සරහින් ඉන්නෙ කියලා තමා පෙන්නෙ. එතකොට තමා "හරි අසාදාරනයි, කොහොමද අපි ගොඩ යන්නෙ" වගේ ඒවා ඔලුවට එන්නෙ. ඕක ස්වබාවිකයි, මටත් අනන්තවත් ඇවිත් තියෙනවා ඔය අදහස, ඒත් දැන් ඒක තේරුම් අරන් මම හිතන විදිය වෙනස් කරලා තියෙන්නෙ.

    ඉතින් අපිට ඔය මැරතන් එක නවත්තන්න බෑ, අතීතෙට ගිහින් වෙනස් කරන්නත් බෑ. කරන්න පුලුවන් එකමදේ තමා අපෙන් ඊලඟ එකාට බැටන් එක හම්බෙද්දි අර "ලීඩ්" එක අඩු කරලා දෙන එක.

    අන්න ඒකට වැඩ කරපන්.

    ජීවිතේ කවදාවත් සාදාරන නෑ කියලා මුලින් තේරුම් ගනින් "Life is unfair"

    English දැනුම හදාගනින්

    Connection හදාගනින්

    රටේ ලෝකේ අලුත් ප්‍රවනතා ගැන ඉගෙන ගනින්

    මාස පඩියෙන් කවදාවත් ඔය gap එක අඩු කරන්න බෑ කියලා තේරුම් ගනින්. ඒකට වෙන වෙන දේවල් කරන්න ඕනා, උත්සාහ කරන්න ඕනා කියලා තේරුම් ගනින්.

    ලෝකේ මිනිස්සු jealous, selfish කියලා තේරුම් ගනින්. කවුරුත් උඹලව ගොඩ දාන්නෙ නෑ, උඹලම ඒක කරගන්න ඕනා. මටනම් ඔය සීන් එක ගැන කතා අනන්තවත් තියෙනවා.

    හැමතිස්සෙම තමන්ට මුල් තැන දෙන්න අනිත් අයට කලින්. මෙතන තමන් කියන්නෙ තමන්ගේම close family එක වෙන්න පුලුවන්. නිකන් වෙස්සන්තර වගේ රඟන්න යන්න එපා, එතකොට අන්තිමට හැමදාම disappointment තමා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,540
    75,378
    113
    නිකමට අහන්නෙ වයස 30-35 වගේ ද?
    ඊට ජුන්ඩක් වැඩි :lol: :lol:

    අපි පොඩි කාලේ උත්තර හොයපුවා, කරපු වැරදි දැන් කාලේ උන් ආයි කරන්න ඕන නෑනේ. ඒකයි ඕක ලිව්වෙ.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,843
    18,683
    113
    ඊට ජුන්ඩක් වැඩි :lol: :lol:

    අපි පොඩි කාලේ උත්තර හොයපුවා, කරපු වැරදි දැන් කාලේ උන් ආයි කරන්න ඕන නෑනේ. ඒකයි ඕක ලිව්වෙ.
    මේ ටික ඔලුවට එද්දි වයස කීයද :P
     
    • Like
    Reactions: jennt

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,540
    75,378
    113
    මේ ටික ඔලුවට එද්දි වයස කීයද :P
    35ට විතර කිට්ටු කරලා, මාත් බිංදුවෙන් පටන් ගත්ත එකෙක්. බල්ලෙක්වත් මට ඔය කිසි දෙයක් කියලා දුන්නෙත් නෑ, උදව් කලෙත් නෑ. ඒත් මම හිතන්නෙ තමන්ම ඕක අත්දැකලා ඉගෙන ගන්න ඕන නෑ, වෙන කෙනෙක්ගෙ අත්දැකීමකින් උනත් ඉගෙනගන්න පුලුවන්. එතකොට වෙලාව ඉතුරුයි"

    කැමැති උන් ඉන්නවානම් ඕක අරන් වෙනස් වෙන්න පුලුවන්, නැත්තන් උන්ම ඉගෙනගෙන "අපරාදේ කියපු එක ඇහුවානම් වෙලාව ඉතුරුයි" කියලා පස්සෙ පසු තැවෙන්නත් පුලුවන්.

    උඹට ඕනම් එක උදාහරනයක් කියන්නම්. අපි ඔය migration කියන සීන් එක දැනන් හිටියේ නෑ. කොටින්ම අපේ ගෙවල්වල මුලින්ම රට ගියේ මගෙ generation එක. ඉස්සර office එකේ සමහර උන් ඔය australia යන සීන් එක බලනවා. මට හොඳට මතකයි අපිත් "අඩෝ මොනාද උඹලා කතා වෙන්නෙ" කියලා උන් ලඟට ගියාම උන් පට ගාල කතාව මාරු කරනවා. ඒත් කැරිම ආතල් එක තමා උන්ගෙ skill assessment වලට HR එකෙන් ලියුම් ඕන උනාම මට email දානවා approve කරලා දෙන්න කියලා. මම ඉතින් ඒ වෙලාවට "ආහ් උඹලා මට හොරෙන් නේද ඕක කරන්න ගියේ, හිටපන් දෙන්න" වගේ නොකියා "එල මම කරලා දෙන්නම්" කියලා කරලා දෙනවා. ඉස්සර හිතුනා උන් අපිටත් කිව්වානම් අපිත් ඕක කරගන්නවා කියලා. දැන්නම් මට කොහෙ හිටියත් එකයි වගේ
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,540
    75,378
    113
    ආහ්, මම කියනන් ගියෙ "තමන්ම ඕක අත්දැකලා ඉගෙන ගන්න ඕන නෑ, වෙන කෙනෙක්ගෙ අත්දැකීමකින් උනත් ඉගෙනගන්න පුලුවන්. එතකොට වෙලාව ඉතුරුයි"
     
    AnuradhaRa

    Well-known member
  • ඇඩරෝල් කරලක් හොයල දියං
    ඊට පස්සෙ උඹලට මාව අල්ලන්න ලැබෙන එකක් නෑ

    ADHD

    Long-term amphetamine exposure at sufficiently high doses in some animal species is known to produce abnormal dopamine system development or nerve damage, but, in humans with ADHD, long-term use of pharmaceutical amphetamines at therapeutic doses appears to improve brain development and nerve growth. Reviews of magnetic resonance imaging (MRI) studies suggest that long-term treatment with amphetamine decreases abnormalities in brain structure and function found in subjects with ADHD, and improves function in several parts of the brain, such as the right caudate nucleus of the basal ganglia.
     
    Last edited:
    • Like
    Reactions: jennt

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,843
    18,683
    113
    ආහ්, මම කියනන් ගියෙ "තමන්ම ඕක අත්දැකලා ඉගෙන ගන්න ඕන නෑ, වෙන කෙනෙක්ගෙ අත්දැකීමකින් උනත් ඉගෙනගන්න පුලුවන්. එතකොට වෙලාව ඉතුරුයි"
    මම එහෙම තමයි වෙලාව ඉතුරු කරගත්තෙ. 27-28 වගේ ඔය හුගක් ඒව තේරුම් ගියා
     
    • Like
    Reactions: jennt and tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,540
    75,378
    113
    මම එහෙම තමයි වෙලාව ඉතුරු කරගත්තෙ. 27-28 වගේ ඔය හුගක් ඒව තේරුම් ගියා
    අපි වැඩ කරන්න ගත්තේ 26න් මොකද කැම්ප්ස් ඉවර කරලානේ ජොබ් සෙට් වෙන්නෙ. මටනම් උනෙ මම ජොබ් එකේ comfort එකට පුරුදු වෙලා හිටියා. එකෙන් normally අනිත් උන්ට හම්බෙනවට වඩා සෙට් උනා, රත් වෙන්න ගත්තේ වගකීම් වැඩිවෙන්න ගත්තාම.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,843
    18,683
    113
    අපි වැඩ කරන්න ගත්තේ 26න් මොකද කැම්ප්ස් ඉවර කරලානේ ජොබ් සෙට් වෙන්නෙ. මටනම් උනෙ මම ජොබ් එකේ comfort එකට පුරුදු වෙලා හිටියා. එකෙන් normally අනිත් උන්ට හම්බෙනවට වඩා සෙට් උනා, රත් වෙන්න ගත්තේ වගකීම් වැඩිවෙන්න ගත්තාම.
    මාත් 26 තමා. හැබැයි ඊට කලින් ඉදල එක එක ජොබ් කරල තිබුන. පාට් ටයිම් එහෙමත් කලා
     
    • Like
    Reactions: jennt and tharakaf

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,376
    2,421

    👍👍👍
     
    • Like
    Reactions: jennt