Job karala epa wenne nedda

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    එපා උනා ....එක නිසා ජොබ් එකට හුකගනින් කියල...ජොබ් එකෙන් අයින් උනා ..january මුල..

    former ජාවා developer (one lak විතර අයින් වෙනකොට ගත්ත...)

    මට ජොබ් එකෙන් ලැබුන සල්ලි ඉන්වෙස්ට් කරා හැම සතයම ....

    මගේ මල්ලිට ලැබුන පඩියත් ඉන්වෙස්ට් කරා ...හැම සතයම ...


    දැන් company 2ක් තියෙනවා...:yes:



    ජොබ් මොකටද..:oo::baffled: මට company දෙකක් තියෙනවා...තව තුනක් next year open කරනවා...එකක් පොඩි garment එකක්..අනිත් එක chemical supply company එකක්...අනිත් එක යම්කිසි medical item එකක් නිෂ්පාදනය කරන factory එකක්...(ශ්‍රී ලංකා ඉතිහාසයේ පලවෙනි වතාවට ලංකාවේ හදනවා මම..)

    තව medical item එකක් නිෂ්පාදනය කරන්න මේ දවස් වල meeting ....පානදුරේ factory එකක් රෙන්ට් කරලා තියෙන්නේ....සාකච්චා යනවා දැන් මාස 3ක් තිස්සේ....

    එතකොට අපේම made in ශ්‍රී ලංකා item කිහිපයක් market එකට එනවා...



    Developing වල ඉඳලා වෙනස්ම field එහෙකට යොමු උනේ කොහොමද? අවශ්‍ය දැනුම ගත්තේ කොහෙන්ද?
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    civil. company ekak register karapu gaman sub ehema ganna puluwanda dannaa:yes:

    Experience ekak ganin.....construction ekak run karanna godak dewal tiyenawa igena ganna....man handling elata onee......cashflow eka gena denaganin.....
     

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,173
    299
    83
    මචන්ලා ඔය දේ මාත් මේ වෙලාවේ අත් විඳින දෙයක්. මම software field එකේ වැඩ කරන්නේ. දැන් අවුරුදු 3ක් experience තියෙනවා. එත් වැඩක් නැහැ බන්. මම නම් මෙතනට අවේ අඩුම සුදුසු කම් වලින්. එත් එනකොට ලොකු හීන ගොඩාක් අපේ ඔලුවලට දානවා. ඒවා දැන් තමයි තේරෙන්නේ බන්. මට software developer කෙනෙක් විදිහට ලැබෙන salary එක්ක දැන ගත්තොත් උඹල හිනා වෙයි බන්. මේක ඇත ඇරලා වෙන තැනක job එකකට ගියා කියමුකෝ ලොකු salary එකකට. එත් පොඩ්ඩක් හිතන්න අපේ ජීවිත ගැන. මොන ජීවිතද බන් මේවා. ලොකු ලොකු යාන වාහන අරගෙන මාලිගා හදා ගත්ත කියමුකෝ. එත් ඒ කිසි දෙයක් වැඩක් තියෙනවද? ඒ දේවල් අපිට තිබුනත් අපි ජීවිතය විඳිනවද/වින්දවනවද කියලා කියල පොඩ්ඩක් හිතල බලන්න. මම නම් කරන්නේ ජීවිතය විඳවන එක. :(:(:( පුදුමාකාර වේදනාවකින් ඉන්නේ. :(:(:( කොච්චර කොහොම කලත් අපිට අපේම කියල නිදහසක් තියෙනවද. office එකේ හිටියත් නිදහසක් නැහැ. ගෙදර ආවත් office එකේ තියෙන pressure එකින් මිදෙන්න පුලුවන්ද? නිදහසේ අපේම කියල වැඩක් නිදහසේ කරන්න වෙලාවක් තියෙනවද? පවුලේ අනිත් අයත් එක්ක පොඩ්ඩක් කතාබහ කරලා හිනාවෙලා සතුටු වෙන්න අපිට වෙලාවක් තියෙනවද? මාසෙකට වතාවක්වත් කොහේ හරි ගිහිල්ලා පොඩ්ඩක් ඇවිදලා කරලා එන්න වෙලාවක් තියෙනවද? කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඔය හැමදේම කාලසටහනකට අනුව කරානම් වැඩේ ගොඩ කියලා. එත් එහෙම නැහැ මචන්ලා. මේ real life එකේ තත්ත්වේ.

    අපි හැමෝම හීන මැවුවේ doctor කෙනෙක් engineer කෙනෙක් වෙන්න. එත් අපේ ඇඟේ තිබුන අනිත් හැකියාවන් ගැන මොහොතකට හිතුවද අපි. සමහරක් හැකියාවන් තමන්ගේ හිතේ තියෙන ලැජ්ජාව නිසා හංගගෙන ඉන්න ඇති. සමහර දේවල් අපේ තිබුන පවුල් පසුබිම වගේම, සමාජ පසුබිම නිසා හංගගෙන ඉන්න ඇති. එත් පොඩ්ඩක් හිතන්න අපේ හිතේ ඇත්තටම ඉන්නේ doctor කෙනෙක්ද engineer කෙනෙක්ද එහෙමත් නැත්නම් වෙනමම මනුස්සයෙක්ද. මම නම් හිතන්නේ මට නම් ජීවිතේ වැරදුනා මචන්. මමත් අනිත් හැමෝම වගේ doctor කෙනෙක් engineer කෙනෙක් වෙන්න කාලයක් හීන මැවුවා. එත් මට තේරෙන දෙය තමා ඒක මම මගේ ජීවිතේ කර ගත්ත ලොකුම වැරැද්ද කියලා. ඔය නිසා මම විෂය භාහිර ක්‍රියා කාරකම් කිසිදෙයක් කලේ නැහැ. මගේ හිතෙත් එක එක ආසාවල් තිබුනා. එත් ඒ දේවල් වලට ගෙදරින් අවසර දුන්නේ නැහැ. අපේ ගෙදර යටත් ඕනේ උනේ මම doctor කෙනෙක් නැත්නම් engineer කෙනෙක් වෙනවා දකින්න. අන්න ඒ නිසා අකමැත්තෙන් උනත් මේ පාරේ මට එන්න උනා. පොඩි ආසාවක් තිබුණා. නැතුවමත් නෙවෙයි. එත් ආපස්සට හැරිලා බලද්දී තේරෙනවා වැරදුනු තැන් මොනවද කියලා. මේ වගේ ලොකු හීන පස්සේ ගිය නැති මිනිස්සු මට වඩා හොඳට කාලා බීලා ඉන්නවා දැක්කම මට මන් ගැනම දුකයි. :(:(:( ඇත්තටම උන් ජීවිතය විඳිනවා. අපි වගේ විඳවන්නේ නැතුව.

    උඹලටත් නිකමට මේ ගැන හිතුනද?

    මටනම් පරක්කු වෙලා හරි කමක් නැහැ. කට්ටක් කාලා ඒ වැරදුනු තැන් හදාගන්න පුළුවන් නම් මම හදා ගන්න උත්සහ කරනවා.

    මගේ හිතේ තිබුන අදහසක් මම මේ ලඟදි කිරියේ දැන්මා. ගොඩක් හොඳ ප්‍රතිචාර වගේම කුණු බැනුනුත් මම එකෙන් අහ ගත්තා. ඒවගෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මම ලොකුවට දන ගත්ත දේ තමා අපේ රටේ මිනිස්සු බලන් ඉන්නේ වැඩේ පටන් ගන්නත් කලින් තමන්ගේ කුට්ටිය වෙන් කර ගන්න එක.

    ඒවගේම තමා බන් අපේ education system එකෙන් පටන් ගත්තහම තියෙන හැම දෙයක්ම වෙනස් වෙන්න ඕනේ. ඒ මොන දේ කරන්නත් අපේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕනේ. ඒ නැතුව කිසි දෙයක් කරලා වැඩක් නැහැ. අපේ රට මේ වැටිලා ඉන්න වලෙන් ගොඩ එන්න නම් ඒ වෙනස් කම අනිවාරෙන් වෙන්න ඕනේ. ඒ දේවල් ගැන පොඩ්ඩක් හිතලා බලන්න.

    මම කියන්නේ මෙහෙමයි බන්. අපිට හැමෝම හැදෙනකන් බලාගෙන ඉන්න බැරි වෙයි. අපිට තියෙන්නේ අපේ ආකල්ප හදාගෙන අලුත් විදිහකට ඉස්සරහට යන්න උත්සහ කරන එක. එකෙන් අනිත් අයට ආදර්ශයක් දෙන එක තමා අපිට කරන්න පුළුවන් එකම වැඩේ. අපිට අනේක විද බාදක එයි. ඒවා ජය ගෙන ඉස්සරහට යන්න පාර හදාගන්න අපි දැනගන්න ඕනේ. එතකොටයි මොන දේක උනත් වටිනාකමක් තියෙන්නේ. අපිට එක පාරට දෙයක් කරන්න බැරි වෙයි. එත් කලකදී අපිට අපේම කියලා දෙයක් ගොඩනගා ගන්න පුළුවන් වෙයි. කාටවත් අතනොපා අපි කරන දෙයින් සතුටු වෙලා ජීවිතය විඳවන්නේ නැතුව විඳින්න පුළුවන් වෙයි.

    පොඩ්ඩක් හිතන්න. වෙනස් වෙන්න දැන් කාලය හරි.........

    මම කලින් කිව්වා වගේ මගේ හිතේ තියෙන අදහසක් කීපයක් පහළ thread වල තියෙනවා. කැමති අය ඉන්නවනම් ඒවාට join වෙන්න. එකතු වෙලා වෙනසක් කරමු. මේගැන වැරදියට හිතන්න එපා. උඹලගේ හිත්වල වගේම මගේ හිතේ තියෙන අදහස් තමා ඒවගෙත් තියෙන්නේ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1822875

    http://www.elakiri.com/forum/showthread.php?t=1822922

    http://www.elakiri.com/forum/showthread.php?t=1827238

    http://www.elakiri.com/forum/showthread.php?t=1823642

    හැමෝටම ජය... :):):)

    salry eka kiyada ban :angry:
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    KingCM පට්ට සතුටුයි මචන් උබ ගැන, ඉදිරියටම පලයන්. ගොඩ යමන්. සුභ පතනවා.:love: ආකල්ප වෙනස් කරගන්න පට්ට අමාරු වෙන්න ඇති​

    :)

    thank මචන්.

     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    niyamai mchn. dan godak un business karanawa kiyala karanna pitaratin monawahari gennala lankawe salli pitarata yawana eka thamai. e athin umba karana wede raththatan watinawa. Train Ticket ekath Ratin gennanana ratakata one umbala wage minissu.

    :):)

    thank මචෝ...
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ජොබ් මොකටද..:oo::baffled: මට company දෙකක් තියෙනවා...තව තුනක් next year open කරනවා...එකක් පොඩි garment එකක්..අනිත් එක chemical supply company එකක්...අනිත් එක යම්කිසි medical item එකක් නිෂ්පාදනය කරන factory එකක්...(ශ්‍රී ලංකා ඉතිහාසයේ පලවෙනි වතාවට ලංකාවේ හදනවා මම..)

    තව medical item එකක් නිෂ්පාදනය කරන්න මේ දවස් වල meeting ....පානදුරේ factory එකක් රෙන්ට් කරලා තියෙන්නේ....සාකච්චා යනවා දැන් මාස 3ක් තිස්සේ....

    එතකොට අපේම made in ශ්‍රී ලංකා item කිහිපයක් market එකට එනවා...



    :love::love: apitath job ekak denwada :love::love: good luck mchn
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    බොහෝ gov tender වලට අවුරුද්දක් විතර පරණ වෙන්න ඕනේ...නමුත් register කරලා...private project කරලා survive වෙලා ගොඩ යන්න පුළුවන්...

    එත් tender වැඩේ නම් ලේසි වැඩක් නෙමෙයි....

    sub නම් පුළුවන් වෙයි...contact තමයි වටින්නේ...

    මොකද උබ කුළුදුලේ business එකට එන්ටෙර් වෙනකොට උබට වැඩ අන්කුරෝ උඩින් ඉන්නවා කියලත් අමතක කරන්න එපා....


    owa godak karanne bada thadi kalu katha engineering danne nathi uncle la. engineers la adui godak. civil experience aran enawada civil experience nathuwa giyoth kela weida kiyala thama hitha hitha inne:oo:
     

    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    මේ ත්‍රේඩ් එක දැකලා රිප්ලයි නොකර ඉන්න බැරි උනා. මම හිතන විදිහට ලංකාවේ දැන් ඉන්න තරුණ පිරිසෙන් 70% විතර තමන්ගේ රැකියාව කරන්නේ කැමැත්තෙන් නෙමේ. කොහොම හරි රැකියාවක් කරලා ජීවීතේ ගෙවා ගන්න ඕන තැනට අපිව සමාජෙන් ගෙදරින් තල්ලු කරලා තියෙන නිසා.

    DzRxsMj.jpg


    මම මෙහෙම කතාවක් කියන්නම්. X කියලා බුවෙක් ඉන්නවා.වයස 25ක් විතර, මැද පන්තියේ පුද්ගලයෙක්, එදා වේල කන්න සල්ලි තියෙනවා.පවුලෙ ගෙයක් තියෙනවා නැත්තම් කුලියට ඉන්නේ. කැම්පස් යනවා නැත්තම් කෝස් එකක් කරලා ටයි පොල්ලක් දාගෙන වැඩට යනවා. මම කියන්නේ මේ රු 15,000 ඉදලා රු 100,000 පඩියකට වැඩට යන උන් ගැන. ගොඩක් වෙලාවට කොලබ කම්පැණි එකකට තමයි වැඩකට යන්නේ. ඔන්න දැන් තමා සීන් එක. මූ එන්නේ හීන ගොඩක් එක්ක, උදේට ගෙදරින් දෙන බත් ගෙඩිය බැදගෙන, බස් එකේ හරි කෝච්චියේ හරි මිරිකිලා පොරගේ තියෙන හීන ටික හැබෑ කරගන්න. ඔෆිස් එකට එනවා තව කොල්ලෝ, කෙල්ලෝ මූට වඩා වයසින් වැඩි හෝ අඩු. පට්ට වාහෙනේකින් හරි ඇල්ටෝ එකකින් හරි. හොද සල්ලි කාරයෙන්ගෙ ලමයි. දුක හිතෙන්නේ නැද්ද මචන් පොරට, අනිවා කලකිරීමක් ඇතිවෙනවා. වැඩ කර තැනට හැඩ ගැහෙන්න ගිහින් තමන්ගේ පඩියත් මදි වෙනවා. කිසිම ඉතුරුවක් කරගන්නත් හම්බ වෙන්නේ නැහැ. එක හීනයක්වත් හැබෑ කරගන්න හම්බ වෙන්නේ නෑ. එතනම වයසට ගිහින් ඉවර වෙනවා.ඔය කතාවේ මෙහෙම සෙට් එකක් ඉන්නවා.:nerd:

    මාසේ පඩිය අරගෙන.ඒක වියදම් කරලා ඊලග මාසේ පඩිය එනකන් බලන් ඉන්න උන්.:baffled:
    අනාගතෙ ගැන හිතලා බය වෙලා. ඕන හු**ක් වෙච්චදෙන් කියලා හෙට ගැන හිතලා පඩිය වියදම් කරලා ඉන්න උන්.:dull:
    සතේට වියදම් කරලා ඉතුරු කරලා 35දී විතර ඇල්ටො එකක් අරන් කසාද බදින උන්.:rolleyes:

    නැත්තම්,

    ටහුකන්ඩ කියලා ජොබ් එක අත ඇරලා තමන්ගෙම දෙයක් පටන් අරන් ගොඩ යන උන්.:love:
    නැත්තම් ජොබ් එකේම ඉදලා සයිඩ් ඉන්කම් එකක් හදා ගන්න උන්:cool:

    අපිව මුල ඉදලා පුරුදු කරලා තියෙන්නේ රේස් එකක් දුවන්න. ගොඩක් උන් ඒ රේස් එකෙන් පනින්න බයයි. පනින උන් ගොඩ යනවා. මේ සිස්ටම් එක වෙනස් කරන්න අපිට බෑ. තමන්ගේ ආකල්ප වෙනස් කරගන්න. (ඉරිදට ITN එකේ යන HNB ඇත් පවුර බලන්න)

    XvKT7Kv.jpg


    මගේ අදහස නම් ජොබ් එක කරන ගමන් තව දේකට අත ගහන්න.ඕන තරම් අවස්තා තියෙනවා.හබා යන්න. කරන්න බැරි දෙයක් නෑ මචන්. මම දැක්කා මේකේ Software Dev කෙනෙක් දාලා තිබ්බා එපා වෙනවා කට්ට, නිදහසක් නෑ, සොච්චම් පඩියක් ජීවිතේ විදින්න විදිහක් නෑ කියලා. ඒක ඇත්ත මචන්. එලකිරියෙම ඉන්නවා මචන් උබ වගේම Dev කෙනෙක් විදිහට වැඩ කරලා ජොබ් එකෙන් අයින් වෙලා ෆීලාන්සින් පටන් අරන් ගොඩ ගිය, මිනිහටම මිනිහගෙම කම්පැනි එකක් තියෙනවද කොහෙද, ලගදි Toyota Harrier එකක් ගත්තා. ආකල්පයි මචන් වෙනස් වෙන්න ඕනි.

    77VTxHm.jpg


    මම කියන්නේ නැහැ කාටවත් ජොබ් එකෙන් අයින් වෙන්න කියලා. ජොබ් එකේ ඉන්න ගමන් තව ඒවා හොයාගෙන යන්න. ෆ්‍රීලාන්සින් වෙන්න පුලුවන්, තමගෙන්ගෙම වියාපාරක් වෙන්න පුලුවන් නැත්තම් වෙන ඕන මගුලක්. හැම එකෙක් ගාවම මොකක් හරි අදහසක් තියෙනවා, එකම අවුල ඒක ඌ ක්‍රියාත්මක කරන්නෙ නැති එකයි.

    YxaYVlR.jpg


    KingCM පට්ට සතුටුයි මචන් උබ ගැන, ඉදිරියටම පලයන්. ගොඩ යමන්. සුභ පතනවා.:love: ආකල්ප වෙනස් කරගන්න පට්ට අමාරු වෙන්න ඇති​


    පට්ට අදහස් ටික බන්. ඔය කියන developer මම තමා බන්. අනිවා උඹ ඔය කියනවා වගේ මගේ හිතේ plan ගොඩක් තියෙනවා. වැරැද්ද තමා ඔය කිව්වා වගේ ඒවා ක්‍රියාත්මක නොකරන එක. එත් උඹේ ඔය කතාව කියෙව්වහම ලොකු ගැම්මක් අවා. ඕන දෙයක් වෙච්චදෙන් කියලා මම වැඩේ පටන් ගන්නවා. බොහෝම ස්තුතියි මචන්....:):):)
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    Developing වල ඉඳලා වෙනස්ම field එහෙකට යොමු උනේ කොහොමද? අවශ්‍ය දැනුම ගත්තේ කොහෙන්ද?
    මට මොකක් හරි දෙයක් කරන්න ඕනේ උනාම...ඒ හා සම්බන්දව දන්නා කෙනෙක් කතාවට සෙට් කරගන්නවා.....ඒ domain එක සම්බන්දව දැනුම තියෙන කෙනෙක්ගෙන් ඒ ගැන හොදට අහගන්නවා....

    ඊට පස්සේ එකට business model එක මගේ style එකට apply කරනවා...වෙනස් වෙන්න ඕනේ තැන් තියෙනවනම් අයෙත් ඒ පිලිබදව දන්නා අයාගෙන උපදෙස් ගන්නවා...

    හොදම දේ තමයි professional businessman ලත් එක්ක ලගින් ඇසුරු කිරීම...

    බොහෝ විට උබ ලග හොද අදහස් තියෙනවනම්....උන් සල්ලි ඉන්වෙස්ට් කරනවා....විශ්වාසය ගොඩ නගාගන්න එක තමයි වැදගත්....
     
    • Like
    Reactions: HSW

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මට මොකක් හරි දෙයක් කරන්න ඕනේ උනාම...ඒ හා සම්බන්දව දන්නා කෙනෙක් කතාවට සෙට් කරගන්නවා.....ඒ domain එක සම්බන්දව දැනුම තියෙන කෙනෙක්ගෙන් ඒ ගැන හොදට අහගන්නවා....

    ඊට පස්සේ එකට business model එක මගේ style එකට apply කරනවා...වෙනස් වෙන්න ඕනේ තැන් තියෙනවනම් අයෙත් ඒ පිලිබදව දන්නා අයාගෙන උපදෙස් ගන්නවා...

    හොදම දේ තමයි professional businessman ලත් එක්ක ලගින් ඇසුරු කිරීම...

    බොහෝ විට උබ ලග හොද අදහස් තියෙනවනම්....උන් සල්ලි ඉන්වෙස්ට් කරනවා....විශ්වාසය ගොඩ නගාගන්න එක තමයි වැදගත්....

    :love::love::love:
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83

    එක company(පලවෙනි එක ) එකක් medical උපකරණ වගේ දේවල් හොස්පිටල් lab වලට supply කරනවා...

    අනිත් එක හොස්පිටල් එකක්...(තම marketing පටන් ගත්තේ නැති නිසා වැඩි විස්තර කියන්න බ...)




    නෑයෙ අරුන් මුන් ඉල්ලන්න එන්නෙ නැද්ද