ITPro.lk ලංකාවේ IT Jobs වලටම වෙන් උන එකම වෙබ්සයිට් එක.
IT ජොබ් එකක් හොයන කෙනෙක් නම් ලේසියෙන්ම අවශ්‍ය ජොබ් එකට ගිහින් කෙලින්ම apply කරන්න පුලුවන්. Account අනම් මනන් මොනවත් හදන්න දෙයක් නෑ. සමහරු ඉන්නවා මේ වගේ ප්ලැට්ෆෝම් හරහා apply කරන්න අකමැති. එහෙම අයට කෙලින්ම company වෙබ් සයිට් එකට ගිහින් apply කරන්න පුලුවන්. company එකට අවශ්ය නම් company website එක කෙලින්ම ඇඩ් එකේ ලින්ක් කරන්නත් පුලුවන්.
ලංකාවේ තියෙන ප්‍රසිද්ද ලොකු IT කම්පැනි ගොඩක් මේ වෙනකොට තමන්ගේ ජොබ්ස් publish කරන්නේ තමන්ගෙම වෙබ්සයිට් එක හරහා. මේවට දැනටමත් ජොබ් ඇප්ලිකේශන් ගොඩක් එනවා handle කරගන්න අමාරු තරම්.
හැබැයි තවත් පැත්තකින් ලංකාවේ SME සහ startup companies ගොඩක් තියෙනවා මෙහෙම ජොබ් හොයන අයගේ අවදානය යොමු නොවුන. ඒ වගේම core බිස්නස් එක IT හෝ technology නොවෙන ගොඩක් කම්පැනි තියෙනවා තමන්ගෙ IT department එකේ ජොබ්ස් offer කරන.
ITPro.lk හදල තියෙන්නෙ මේ හැම කම්පැනි එකකම තියෙන ජොබ්ස් වලට හොඳ visibility එකක් දෙන්න. මේ කාලෙ ජොබ් එකක් හොයාගන්න අමාරු නිසා මේ හැම opportunity එකක් ගැනම දැනුවත් වෙන්න පුලුවන්
ITPro.lk හරහා.