පරිගනක ලෝකයට නැතිවම බැරි කවුරුත් දන්නා “JPEG“ පවුලේ පළමු පින්තූරය වන්නේ ඔබ මේ දකිනා කාන්තා පින්තූරයයි. 1972 වසරේදී මෘදුකාංග ඉන්ජිනේරුවන් කිහිප දෙනෙකු විසින් දකුණු කැළිෆෝනියා විශ්ව විද්‍යාලයේ පරිගණක කාමරයක් තුළදී මෙය බිහි කරන ලදි.
මද වශයෙන් වැඩි එක්ස්පෝසරයකට ලක්වූ මිනිස් මුහුණක පින්තූරයක් ඔවුන්ට මෙම පරීක්ෂණය සඳහා අවශ්‍ය වී තිබූ අතර එවකට මුද්‍රණයේ තිබුනු Play Boy සඟරාවක මුද්‍රණය කළ තිබුණු මෙම කාන්තා රුව ඔවුන් පරිලෝකණය කර ඔවුන් ලේඛණය කළ නවතම JPEG converter එකට ඇතුල් කොට ලොව පළමු JPEG ගොනුවට අදාල පින්තූරය Save කර ගන්නා ලදි.
මෙම ඡායාරුවේ සිටින ස්ත්‍රිය ලෙනා නම් වන අතර ප්ලේ බෝයි සඟරාවේ ඇයගේ මෙම රුව නග්නව මුද්‍රණය කොට තිබිණි. JPEG නම් අකුරු හතරෙහි දිගුව වන්නේ Joint Photo Expert Group යන්නයි. මෙම ගොනු වර්ගයේ පින්තූර වර්ගයේ දත්ත සංකෝචනය කර ඇති අතර බරින් අඩු වේ. එම නිසාම මෙම වර්ගයේ පින්තූරව වල “කොලිටිය“ මදක් අඩු බවක් දක්නට තිබේ. 1972 මෙම ගොනුව ලොවට බිහි කළත් පරිගණක තුළ එක දීර්ඝකාලීනව භාවිතයට ගනු ලැබූවේ 1992 වසරේ සිටයි.
©හසිත හේරත්.
Last edited:
