මගුල් කතා කරනවා. හැත්ත හත වෙනකම් ලන්කාව තනි පක්ෂයක් යටතේ අවුරුදු හයකට වඩා තිබ්බේ බොහොම කලාතුරකින්. ආණ්ඩු ලඟ ලඟම පෙරලුනා. සමහර ආන්ඩු දවස් ගානයි. 77 මොකක් හරි ජිල්මාට් එකකින් ශ්‍රීලංකා එක බිමට ඇදලා දානවා යුඇන්පීය. හිටපු පතාක යෝධයෝ පරදිනවා. විදිහට ගන්න කලින් ඉදන්ම උඩින්ම හිටපු සමසමාජේ එහෙම බල්ලටම යනවා. කොහොම උනාද කියන්න බැහැ. විපක්ෂ නායක කම දෙසට සංදානේට යනවා. ලංකාවේ කොටින්ට ලොකු අන්තර්ජාතික පිළිගැනීමක් අරන් දුන්නේ පොර. ඊළඟට චන්දේ තියන්න තිබ්බේ අසූ හතරේ. එක් කල්දාන්න ජනමත විචාරණයක් කරනවා. ඊට කලින් හිටපු ප්‍රධානම විරුද්ධ වාදියා වෙච්ච සිරිමාවෝ ගේ ප්‍රජා අයිතිය අහෝසි කලා. බර්නාඩ් සොයිසා ඕක විවාදේට ගත්ත දවසේ කතාවක් කළාලු පැය පහක් පාර්ලිමේන්තු වේ. පොලිසියෙන් උස්සන් යනකොටත් කතාව ඉවර නැහැලු. ඊළඟට අසූ ගණන්වල තව චන්දයක් තියනවා. අවුරුද්ද මතක නැහැ. එක් කොච්චර සාධාරණද කියන්නේ ශ්‍රිලංකා ඒකේ ජනාධිපති අපේක්ෂකයා වෙච්චකෙනාගේ චන්දේත් මිනිහා චන්ද පොලට යද්දි දාලා. අසුනමයේ ප්‍රේමදාස දිනනවා හැබයි කවුරුත් චන්දපොළට ගියේ නැහැ. දාපු තුන් හතර දෙනෙක්ව මරලා තිබ්බා ජේවිපි යෙන්. එහෙම තමා කට්ටිය රජ කලේ ඔය අවුරුදු විසි පහේ.