මචං යන වියදම තීරණය වෙන්නේ උඹ කඩේ දාන්න හදන විදිහ අනුව.... අපේ අක්කා 1ක් කරනවා.... උඹ කඩේ කොයි විදියිටද සකස් කරන්නේ කියලා ඉස්සර වෙලා තීරණය කරපන් අත්‍යාවශ්‍ය උපකරණ කීපයක් තියනවා
1. ඩී ෆ්‍රීසර් හෝ සාමාන්‍ය ශීතකරණයක් (මේ දෙකම තිබ්බත් කමක් නෑ ඉඩ වැඩිවෙන තරමට හොදයි)
2. බ්ලෙන්ඩරයක්
3. වීදුරැ
4. අයිස්ක්‍රීම් උඹ හදනවා නම් බීටර් 1ක්
5. පිහි. හැදි. Tray ,
ඇතුලු තවත් දේ ඕනි වෙනවා....
අනිත් හැම බිස්නස් 1කේම වගේ පිරිසිදු භාවය, ආහාර තත්වය, ආයතනයේ හා ආයතන සේවකයන්ගේ පිරිසිදු කම වගේ දේවල් අනිවා බලපානවා ව්‍යාපාරයේ පැවැත්මට.
ලාභය ගැන කථාකරොත් වර්ථමානයේ සාර්ථකම ව්‍යාපාර විදිහට ආහාර ආශ්‍රිත ව්‍යාපාර නම් කරන්න පුලුවන්. උඹටම කියලා රෙසපි 1ක් හදා ගනින්. එතකොට කවුරැ ජූස් 1ක හැදුවත් ඒකේ රස, තත්වය බාල වෙන්නේ නෑ..... පුලුවන් නම් කාබනික පළතුරු පාවිච්චි කරපන්.... අපේ අක්කගේ ෂොප් 1කේ තනිකර පාවිච්චි කරන්නේ කාබනික පළතුරු..... දවසකට හොද ලාභයක් තියෙනවා .... එයා අක්කර 8ක ඉඩමක් අරන් මේ දවස්වල පළතුරැ හිටවනවා.... සත පහක්වත් ණය වෙන්නේ නැතුව ඉඩම ගත්තේ කඩෙන් හම්බුනු ලාභෙන්..... උත්සාහ කරපන්.... වරදින්නේ නෑ.... උඹට ජය






