ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ක්‍රිකට් තරඟය පිළිබඳව දේශපාලනික චරිත කිහිපයක් දැක් වූ අදහස් ;-
    ටොස් එක දිනලා ගහන්න ආවා නම් ගහන්න දෙන්න ඕනෙ, මට මතකයි මීට කලින් ස්කොට්ලන්තෙ හාදයො අපි ගහන කොට පැත්ත පළාත බැලුවෙ නෑ, හිටං !.ලමයි දෑන් ඉතින් ඉක්මනට ගෙදර එන්න. ෆයිනල් වෙනකන් හිටියොත් වියදම වෑඩියි හිටං !.ආවම ජාතික ගීයත් දෙමලෙන් කියන්න පුලුවන් හිටං !..මේ ඉලව් අස්සේ මන් ඒකත් කොරා හිටං! - මෛත්‍රීපාල සිරිසේන

    මං වැඳල කියන්නෙ මේ අපරාදෙ කරන්න එපා, මෙහෙම පරදින්න එපා. අළුත් යහපාලනෙත් එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා කියල මං කණ්ඩායමෙ කට්ටියට කියනවා - රනිල් වික්‍රමසිංහ

    ඉර පෑව්වෙ නෑ, හුළං හැමුවෙ නෑ, වැස්සෙ නෑ, සංගා අවුට් උනේ නෑ - විමල් වීරවංස

    සංගක්කාරගේ දැවීයාම ජාතික ආරක්ෂාවට තර්ජනයක්. මේක පිටිපස්සෙ විජාතික කුමන්ත්‍රණ බළල් අත් තියෙනවා - මොහොමඩ් මුසාමිල්

    මගේ කාලෙ අපි කාටවත් පැරදුණේ නෑ, ඒ නිසා කාටවත් බෑ මට ඇඟිල්ල දික් කරන්න. - මහින්ද රාජපක්ශ

    වැස්ස වස්සවැව්වෙ මං. මං කලින් ම වැස්ස ලෑස්ති කරලා තිබ්බෙ ඒ වෙලාවෙ අනිත් වැඩ නිසා වස්සවන්න බැරි උනා.දෑන් කට්ටිය ගිහින් අඩුවට තෙල් ගහගන්න.. ඔන්න ලන්කාවෙ ගෑසුත් හම්බුනා - ප.ච. රණවක

    මරල හරි ගැහුවෙ නැත්තෙ මොකෝ ? - මැදමුලන ගම්වැසියෙක්

    ඒ.බී. ඩි විලියර්ස්ගෙ ජන්ම කේන්ද්‍රය අනුව ලංකාවට මෙහෙම වෙනවා කියලා මං දැනගෙන හිටියා. ඒත් කණ්ඩායමේ මානසික මට්ටමට බලපාන නිසා මං ඒක එවෙලෙ කිව්වෙ නෑ - සුමනෙ අංකල්

    ඕක ගැන කියන්න මේ සතියෙ වෙලාව නෑ - අනුර කුමාර දිසානායක

    පරාජයේ සම්පූර්ණ වගකීම අග්‍රාමාත්ය රනිල් වික්‍රමසින්හ ගත යුතුයි. ඩිවිලියස් ගෑන කියලා කොල්ලො ටික බය කරා. එතුමා ඉල්ලා අස් විය යුතුයි. - සිරස ටීවී

    අපි කලකිරිලා ඉන්නේ - රතන හිමි, සෝබිත හිමි

    සිරිසේන ස්කයිප් එකෙන් කතාකරපු නිසා තමයි පරදුනේ - බයියෝ

    මහින්ද ගෙදර ඉදන් මෑච් එක බලපු නිසා පෑරදුනේ - ටොය්යෝ
     
    Last edited:
    • Like
    Reactions: dmunasinghe

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඒ.බී. ඩි විලියර්ස්ගෙ ජන්ම කේන්ද්‍රය අනුව ලංකාවට මෙහෙම වෙනවා කියලා මං දැනගෙන හිටියා. ඒත් කණ්ඩායමේ මානසික මට්ටමට බලපාන නිසා මං ඒක එවෙලෙ කිව්වෙ නෑ - සුමනෙ අංකල්
    :p