පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් ජනාධිපතිවරයා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට පෙත්සම්වලින් චෝදනා කර ඇති නමුත් කිසිදු මූලික අයිතිවාසිකමක් ඔහුගෙන් උල්ලංඝණය වී නැති බවත් පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් පැවැත්වීමට නියෝග කිරීමෙන් ඔහු කර ඇත්තේ ජනතාවගේ මූලික අයිතිය වර්ධනය කිරීමක් බවත් ඔහු කීය.
ජනාධිපතිවරයා ව්‍යවස්‌ථා විරෝධීව කටයුතු කර ඇත්නම් ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් සම්මත කරගත හැක. නැත්නම් ඔහු කළ වරද පාර්ලිමේන්තුවේ කථානායක මාර්ගයෙන් ඔහු දැනුවත් කළ හැක. ඒ හැර නීතියක් මගින් ඔහුට එරෙහිව කිසිදු පියවරක් ගත නොහැකි බවද නීතිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
අගවිනිසුරු නලීන් පෙරේරා සහ බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන,
විජිත් කේ. මලල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් විභාගය පැවැත්වේ.
19 වන ව්‍යවස්‌ථා සංශෝධනය ගෙනාවේ ජනාධිපතිවරයාගේ විධායක බලතල අඩු කර වඩා ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාවට හා පාර්ලිමේන්තුවට වගකියන රාජ්‍ය පාලන ක්‍රමයක් ඇති කිරීමටයයි පෙත්සම්කරුවන්ගේ නීතිඥයන් තර්ක කරමින් කියා සිටිය නමුත් එවැන්නක් සිදුවී නැති බවත් නීතිපතිවරයා කීය.
19 වන සංශෝධනයට ඇතුළත් කළ 70 වන වගන්තියෙන් සිදුවූයේ ජනාධිපතිවරයාගේ බලතල නොව පාර්ලිමේන්තුවට තිබූ බලතල අඩුවීමයි.
කලින් ව්‍යවස්‌ථාවේ තිබුණේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පාර්ලිමේන්තුව මුලින්ම රැස්‌වූ දින සිට වසරක් ගතවූ පසුව විසුරුවා හැරිය හැකි බවයි.
නමුත් 70 වගන්තිය අළුතින් ඇතුළත් කළ වගන්තියක් පාර්ලිමේන්තුවේ 2/3 ක ඡන්දයකින් යෝජනාවක් සම්මත කරගෙන ජනාධිපතිගෙන් කරන ඉල්ලීමක් නැතිව පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි තත්වයක් ඇතිවුණා. කලින් නීතිගතව තිබුණේ සාමාන්‍ය වැඩි ඡන්දයකින් යෝජනාවක් පාර්ලිමේන්තුවෙන් සම්මත කර ජනාධිපතිගෙන් එම ඉල්ලීම කළ හැකි බවයි. මේ අනුව 19 සංශෝධනය නිසා බන්ධනය වී ඇත්තේ ජනාධිපතිට තිබූ බලතල නොව පාර්ලිමේන්තුවට තිබූ බලතල යැයි නීතිපතිවරයා වැඩිදුරටත් පැවැසීය. පෙත්සම් විභාගය අදත් පැවැත්වේ