. හොඳ බාස්මති හාල් ගන්න.කැමල් බ්රෑන්ඩ් එකනන් වඩා හොඳයි.හාල් වලට වතුර අඩුවෙන් තියන්න.ඔනේනන් චිකන් සුප් කැටයක් දාන්න.තව එලවලු තෙල් මේස හැන්දක් දාල බත් එක උයා ගන්න.කැරට් .ළූනු කොල හීනියට කපාගන්න. දැන් එලවලු තෙල් හරි මාගරින් හරි ලිපේ තියලා ඒක රත්වෙනකොට බිත්තර 2 ක් විතර කඩලා ඒ තෙල් එකට දාන්න.තව ඕනෙ නන් ඉස්සෝ,දැල්ලො,මාලු(තෝර මාලූ) හීනියට කපාගත්තු චිකන් දාල බැදගන්න.ඊට පස්සෙ අර උයාගත්තු බත් ටික දාන්න.දැන් ලුනු කුඩු,කැමතිනන් අජිනොමොටෝ ටිකක් දාන්න.අන්තිමට කැරට්,ළූනු කොල දාලා කලවම් කරන්න.(සී ෆුඩ් සහ චිකන් බදින්න කලින් ලුනු,කහ,ගම්මිරිස් ටිකක් දාල කලවම් කරලා සීසන් වෙන්න ටික වෙලාවක් තියන්නා)
කඩේ හදන විදියට නම් ගන්න ඕනේ බාස්මතී නෙමෙයි සම්බා
රයිස් එක ගහන්නේ සම්බා වලින්. බාස්මතී වලින් ගැහුවම රස වෙනස් වෙනවා 
මොකද ඇට ලොකු නිසා බත බැදෙන්නේ නෑ 
කඩේ හදන විදියට කියන්නේ බත පුපුරු ගහනවා කියලා (මම දන්නේ නෑ උයන වැඩසටහනක කිව්වේ. කුක් විත් ඩොන් එකේද කොහෙද)
ඔයා කියන එක වෙනම ජාතියක එකක්. සාම්ප්රදායික කඩේ හදන එක පටන් ගන්නේ ඉඟුරු, සුදුලූණු කොටපු මිශ්රණේකින් ටිකක් දාලා. ඊට පස්සේ ළූණු දානවා. දුන් තෙල් ඕනේ නම් එහෙමයි. ඒත් නැතිවත් හැදුවකි. සුප් කැට දාන්නේ නෑ
සොයා සෝස් දානවා. ගොඩක් වෙලාවට ගේම යන්නේ එයාලම හදපු ස්පයිසස් මිශ්රණේකින්. ඒක ඉතින් හදන කෙනාගේ හැටියට තමා. ස්පයිසස් මිශ්රණේ වෙනස් වෙන නිසයි තැනින් තැනට රයිස් එකේ රහ වෙනස් වෙන්නේ 
මොකද සමහරු ජාති දෙක තුනෙන් හදනවා. සමහරු දහයක් විතර දාලා සපයිසස් මිශ්රණේ හදනවා. ලුණු දාන්නේ බත් එක දාන්න කලින්. බත දැම්මට පස්සේ ලුණු දැම්මොත් හරියට කලවන් වෙන්නේ නෑ. ටිකක් බත බැදෙන්න තියන්න ඕනේ. ගොඩක් අය කලවන් කරපු ගමන් බානවා. ඒක හරි යන්නේ නෑ. නියම රහ එන්න බත ටිකක් බැදෙන්න ඕනේ 
රයිස් එක ගහන්නේ සම්බා වලින්. බාස්මතී වලින් ගැහුවම රස වෙනස් වෙනවා 
මොකද ඇට ලොකු නිසා බත බැදෙන්නේ නෑ 
කඩේ හදන විදියට කියන්නේ බත පුපුරු ගහනවා කියලා (මම දන්නේ නෑ උයන වැඩසටහනක කිව්වේ. කුක් විත් ඩොන් එකේද කොහෙද) ඔයා කියන එක වෙනම ජාතියක එකක්. සාම්ප්රදායික කඩේ හදන එක පටන් ගන්නේ ඉඟුරු, සුදුලූණු කොටපු මිශ්රණේකින් ටිකක් දාලා. ඊට පස්සේ ළූණු දානවා. දුන් තෙල් ඕනේ නම් එහෙමයි. ඒත් නැතිවත් හැදුවකි. සුප් කැට දාන්නේ නෑ