signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    No bro, I had a propaganda booklet about the Mahaweli scheme. It had a little story about a family visiting the Victoria Reservoir, where the narrator works, he takes his family on his own three-wheeler. And I remember I've seen old photos that show the 80s' Dehiwala area, which also had a three-wheeler whose number was 12 Sri or something.
    තියෙන්න ඇති බන්. හැබැයි ඒ ඉන්දියන් ඒවා නෙවෙයි. මට මතක විදියට බජාජ් මගුල ආවේ මේ කාලේ. 90න් පස්සේ වෙන්න ඕන.
    Thailand වල දුවන ත්‍රීවීල් ඇවිල්ලා තිබුනා මට මතකයි ඉන්දියන් ලඩි එන්න කලින් මෙන්න මේවා.

    stock-photo-thailand-three-wheel-native-taxi-thailand-tuk-tuk-175959986.jpg


    අපේ නැන්දාගේ පුතෙක් යාළුවෙක්ගේ මේ වගේ උඩ තියෙන ත්‍රීවීල් එකක් පුරුදු වෙන්න ගිහින් කකුල කඩා ගත්තා මතකයි. හැබැයි කොයි කාලෙද මතක නෑ

    මෙන්න මේ වගේ දෙක තුනකුත් ඒ කාලේ තිබ්බා මතකයි

    ceygra-yellow-three-wheel-car-rare-rear-27449285.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,487
    98,434
    113
    ඒ කාලෙ සුපිරියි කියල නෙවෙයි බන් කිව්වෙ. දැන් කාලෙට සාපේක්ෂව ඒ කාලෙ තත්වය ඉතා හොඳයි කියල කිව්වෙ. අඩුම ගානෙ ඒ තත්වෙටවත් එන්න තව කොච්චර කල් යයිද. හිටපු තැනින් පල්ලෙහාට වට්ටලා ආයෙ එතනට එනකොට බයියො හැසිරෙන්නෙ පොඩි තැන ඉඳන් දිගටම උඩට ආව වගේනෙ. ඒක මතක් කරල දෙන්න ඕන.

    බස් එක ගැන කිව්වොත් බෙන්ස් එක අතෑරලා ඉතුරු බ්‍රෑන්ඩ්ස් ටික බලපන්කො 😃
    දන්න විධියට නං ලොරි බෝඩ් ගෙන්න වැඩේ සෙට් කරේ ජවිපෙන් තමා 88/89 කාලේ අහුවෙන අහුවෙන බස් එක පුච්චල.
     
    • Like
    Reactions: NRTG

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,640
    5,698
    113
    මේ වීඩියෝ එකේ කිහිප තැනකම පර්ජෝ 504 කාර් පේනවා. 504 මුලින්ම ලංකාවට ගෙනාවේ 76 දී නොබැඳි සමුළුවටයි. මිට්සුබිෂි ජීප් එකකුත් පේනවා. ඒවා ඊටත් පස්සේ. මේක 1980 වීඩියෝ කරපු එකක් කියන්න ඊටත් වඩා හොඳ සාක්කියක් තියනවා. ලංගම බස් වල ඉදිරිපස/පසුපස වහලය ආසන්නයේ සහ බස් එකේ මැද වහලයේ ඩිපෝවේ නමේ අකුරු සමග නොම්මරයක් ගහන්න පටන් ගත්තේ 1979 දී ලංගමය විමධ්‍යගත කරලා පළාත් නමයට වෙන වෙනම ප්‍රාදේශීය මණ්ඩල පිහිටෙව්වට පස්සෙයි. මේකේ තියන එක බස් එකක ඒ නොම්මරේ ගහලා තියනවා පේනවා. තවත් බස් එකක ඒ නොම්මරය ගහන්න කළු පසුබිම් විතරක් පේන්ට් කරලා තියනවා.

    ත්‍රී වීල් වාහන 60/70 දශක වලත් තිබුනා. අයිස් ක්‍රීම් විකුනන්න, පෙරේරා ඇන්ඩ් සන්ස් එකේ කෑම විකුනන්න, සුළු ප්‍රවාහන කටයුතු වලට මිසක් මගී ප්‍රවාහනයට අවසර තිබුනේ නැහැ. 1977 ජේ ආර් රජයේ ප්‍රවාහන ඇමති වෙච්ච M H මොහොමඩ් තමයි එයාගේ අයිතියක් තිබුන සමාගමක් වුන M S H (එම් එස් හෙබ්තුල්ලාබෝයි) එක මගින් ත්‍රී වීල් මගී ප්‍රවාහනයට යෙදෙව්වේ. ඒවායේ තිබුන MSH Logo එක මට තාම මතකයි. ඒ 1978/79 වගේ කාලයේදීයි. එයා ප්‍රවාහන ඇමති නිසා ත්‍රී වීල් වල මගී ප්‍රවාහනයට බාධාවක්ව තිබුන නීති රීතිත් ඒ සමගම වෙනස් කිරීමේ හැකියාව එයාටම තියනවානේ.