Kapruka Global Shop ගැන හැමෝම දන්නව ඇතිනෙ. මමත් Google Nexus 5 එකක් ගන්න හිතාගෙන එලකිරි එකේ මේ අය ගැන තියෙන Threads බැලුවා. ඔක්කොම පලු යන්න බැනල තිබුනා.



බලපුවම කියපු වෙලාවට එකෙකුටවත් බඩු ගෙනත් දීල නෑ.



මමත් මාස ගානක් බලාගෙන ඉන්න හිතාගෙන ගිය සතියෙ සිකුරාදා (2014/03/14) වැල්ලවත්තේ Global Shop එකට ගිහින් advance එකක් දීල order එකක් Nexus 5 එකකට දැම්මා.
18 වෙනිදා Order Status එකේ Play Store වලින් order කලා කියලා update වෙලා තිබුනා.SMS එකත් ආවා.
අද (21) දවල් මට Kapruka එකෙන් call එකක් ආවා. මම හිතුව මොකක් හරි අවුලක් තමයි කියල. බැලුවම මට කියනව Order එක OK collect කරන්න එන්න කියල.
මට වැඩේ sure ම නැති නිසා අයෙත් call කරල ඇහැව්වා. අවුලක් නෑ වැඩේ confirm බඩු ඇවිල්ලා.
මම අද හවස ගිහින් ගත්තා. හරියටම සතියයි ගියේ. මම එයාලගෙන් ඇහැව්වා කොහොමද ඉක්මනට ආවේ කියල. එයාලා කියනව දැන් කලින් තිබුනු අවුල් ගොඩක් විසඳගෙනලු තියෙන්නෙ. US වල Trusted Shipper කෙනෙක් විදිහට දැන් List වෙලාලු. ඒ නිසා ඉක්මනට ගේන්න පුලුවන් ලු.
නරක වගේම හොඳත් කියන්න ඕනි නිසයි මේක දැම්මේ.



(මම Kapruka වැඩ කරන එකෙක් නං නෙවෙයි
)
Last edited:

