Karanawanm menna udawa

juroshan

Well-known member
  • Jan 11, 2008
    1,189
    107
    63
    colombo 5
    කකුලක් නැතිව කොහොමද පාසල් යන්නේ ?
    පවුලේ තිදෙනාම අනතුරින් අසරණ වෙති
    2013 ජූලි මස 05 20:26:58 | . , නිමාලි කහවල

    ”අනේ, මම ඉස්කෝලේ යන්න ආසයි. ඒත් කකුලක් නැතුව මම කොහොමද ඉස්කෝලේ යන්නේ ? උදේට ඉස්කෝලේ යන යාළුවො දිහා මම ජනේලයෙන් බලාගෙන ඉන්නවා. මට කෘත්‍රිම පාදයක් අරගෙන දෙන්න තාත්තට සල්ලි නැහැ. අපිට කවුරු හරි උදවු කරනවා නම් මට ආයිත් ඉස්කෝලෙ යන්න පුළුවන්”
    තවත් අසරණ පවුලකට පිහිටට ගොස් ආපසු එන අතරමඟදී පැමිණි ත‍්‍රී රෝද රිය අනතුරකට ලක්වීමෙන් අත් පා කැඞී ගිය අට හැවිරිදි දැරියකගේ සහ ඇයගේ මව්-පිය දෙපළගේ මෙම කතාව එකම ශෝකාන්තයකි.
    අට හැවිරිදි ලේචනා බාසුරි දියණිය ඉංගිරිය ශ‍්‍රී සුමනජෝති විදුහලේ 3 වසරේ ඉගෙන ගනිමින් සිටියාය. රිය අනතුර නිසා ඇගේ දකුණු කකුල දණහිස ළඟින් කපා ඉවත්කර ඇත. වම් අත සහ වම් කකුලද බීදී ගිය නමුත් වෙදකම්වලින් අතත් වම් පාදයත් සුව වී ඇත. ඉකුත් අප‍්‍රියෙල් 21දා මෙම අනතුර සිදුවූ දා පටන් ඇගේ පාසල් ගමන නතර වී ඇත්තේ ඇයට කෘත්‍රිම පාදයක් සැපයීමට තරම් වත්පොහොසත්කමක් ඇගේ පියාට නොමැති නිසාවෙනි.
    බාසුරි දියණියගේ මව 34 හැවිරිදි දුලීකා දමයන්තිගේද දකුණු කකුල කපා ඉවත්කර ඇත. අතර ඇගේ දකුණු අත මැණික් කටුව ලඟින් බීදී ගිය නමුත් දැන් ඇය සුවය ලබා සිටින්නීය.
    විදුලි කාර්මිකයෙකු ලෙස රැකියාව කළ බාසුරිගේ පියා වන එන්.ඩබ්ලිව්.එම්. චන්ද්‍රිසිරිගේද වම් අත ඇඹරී කැඞී ගොස් වෙදකම් වලින් සුවය ලබා සිටියද ඔහුට යළි කවදාවත් රැකියාවක් කළ හැකිවේදැයි කිව නොහැකිය.
    ”දුවව ප‍්‍රතිකාර සඳහා තවමත් බොරැල්ලේ රිජ්වේ ආර්යා ළමා රෝහලට ගෙන යනවා. බිරිය දවසක් ඇර දවසක් හොරණ රෝහලට ගෙනියන්න ඕනෑ. මගේ අතත් කැඩිලා. රස්සාව කරගන්න බැහැ. මේ වගේ විපතක් කිසිම කෙනෙකුට වෙන්න එපා” ඒ චන්ද්‍රසිරි පැවසූ කතාවයි.
    ”මම කිහිලි කරුවකින් ඇවිදලා දරුවන්ගේ රාජකාරි කොහොමහරි කරනවා. දරුවට කෘත්‍රිම පාදයක් නැතුව සිටියදී මම කොහොමද මටත් කෘත්‍රිම පාදයක් ඉල්ලන්නේ ? කෘත්‍රිම පාදයකින් හරි ඉස්කෝලෙ ගිහින් දුවට ඉගෙනගන්න ලැබුණොත් මට ඒ ඇති” ඒ බාසුරිගේ මව පැවසූ වදන්ය.
    මෙම දියණියගේ කෘත්‍රිම පාදය සඳහා රුපියල් 1,28,500ක් සහ බිරියගේ කෘත්‍රිම පාදය සඳහා රුපියල් 2,53,000ක් වැයවන බව පවසන චන්ද්‍රසිරි එය තමාට තවමත් සැබෑ නොවෙන සිහිනයක් පමණකැයි පැවසුවේ දැරිය දෙස දුක්මුසු ලෙස බලමිනි.
    මෙම අසරණ පවුලට පිහිටක් විය හැකි නම් දුරකතන අංක 075-2505898 ඇමතීමෙන් හෝ ඉංගිරිය මහජන බැංකුවේ එන්.ඩබ්ලිව්.එම්.චන්ද්‍රසිරි නමින් ඇති 300-2-001-6-0031250 ගිණුමට පරිත්‍යාගය බැර කිරීමෙන් හෝ දැරියට සහ මවට කෘතිම පාද සැපයීමෙන් ඔබට මෙම පවුලට උදවු කළ හැකිය.
    ඔවුන්ගේ ලිපිනය 100/බී, මීරම, දිවුල්පොත, ඉංගිරියයි.
    ගිණුම් අංකය පිළිබඳ විස්තර
    මෙම ගිණුම හවුල් ගිණුමකි. බැරකරන මුදල් එන්. ඩබ්ලිව්. එම්.චන්ද්‍රසිරි 300-2-001-6-0031250 අංකයට බැර කරන්න.
    බැංකුවේ නම - මහජන බැංකුව
    බැංකු ශාඛාව - ඉංගිරිය
    ගිණුම් අංකය - 300-2-001-6-0031250
    ගිණුම් හිමියාගේ නම් - එන් ඩබ්ලිව් එම් චන්ද්‍රසිරි
    බැංකුවේ කාණ්ඩ අංකය - (Bank Code - 7135)
    Branch Code (Bank Sort Code) - 300
    Bank Swift Code - PSDKLKLX



    2nl8v41.jpg




    f3rspu.jpg



    http://www.lankadeepa.lk/index.php/articles/147062 uputa ganima lankadeepa
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    මන්ත්‍රීකෙනෙක්ගේ ස්කොඩ් එකට යන එක වාහනයකට සතියකට සතියකට ගහන පැට්රල් සල්ලි දුන්නා නම් කෘතීම කකුලක් ගන්න පුළුවන් වෙයි.
     

    EDColombo

    Member
    Jul 8, 2013
    111
    7
    0
    මම ලගදි පොඩි බිස්නස් එකක් පටන්ගන්නවා ලැබෙන ආදායමෙන් යම් මුදලක් මේ වගේ අසරණ අයටත් දෙන්න හිතන් ඉන්නවා මටත් හරි ගියොත්. අපේ රටේ කී දෙනෙක් ඉන්නවද දන්නේ නැහැ මේ වගේ අසරණ කම් තියෙන. එලකිරි වගේ සයිට් තියෙන නිසා කීපයක් හරි ගැන අපි දැන ගන්නවා. ඒත් අපි නොදන්න ඒව තව කොච්චර ඇත්ද. පව් තමා අප්පා.
     

    juroshan

    Well-known member
  • Jan 11, 2008
    1,189
    107
    63
    colombo 5
    මම ලගදි පොඩි බිස්නස් එකක් පටන්ගන්නවා ලැබෙන ආදායමෙන් යම් මුදලක් මේ වගේ අසරණ අයටත් දෙන්න හිතන් ඉන්නවා මටත් හරි ගියොත්. අපේ රටේ කී දෙනෙක් ඉන්නවද දන්නේ නැහැ මේ වගේ අසරණ කම් තියෙන. එලකිරි වගේ සයිට් තියෙන නිසා කීපයක් හරි ගැන අපි දැන ගන්නවා. ඒත් අපි නොදන්න ඒව තව කොච්චර ඇත්ද. පව් තමා අප්පා.

    nokaruwath chethanawa hodi good luck