එකින් එකා ගැන කියනවට වඩා පොදුවේ ත්රෙඩ් එකක් දැම්මම ඒකට පොලිටික්ස් හෝ අසහනය මුදාහැරලා ත්රෙඩ් එක ඕෆ් ටොපික් අරන් ගිහින් ත්රෙඩ් එකේ conversation එක එහෙම්පිටින්ම විනාස කරන කාලකන්නි ටිකක් ඉන්නවා, උන් ටික නිසා කිරියෙ ඉස්සර තිබ්බ standard එක දැන් දියාරු වෙලා තියෙන්නෙ (ගොඩක් ඇක්ටිව් නොවුනට අකවුන්ට් එක හදන්න කලින් ඉස්සර ඉදන් කිරියට ඇවිත් තියෙන එක්ස්පීරියන්ස් වලින් කියන්නෙ) GT මීට වඩා මේ දේවල් වලදි strict වෙන්න ඕනෙ කියන තැන මම ඉන්නෙ! අනික වැටෙන ත්රෙඩ් 10ක් ගත්තොත් 7ක් විතර politics ත්රෙඩ් වැටෙන්නෙ, කිසිම variety එකක් නැති වෙලා තියෙන්නෙ වැටෙන ත්රෙඩ් වල, මෙහෙම දිගටම ගියොත් politics කැම්පේන් විතරක් කරන ප්ලැට්ෆෝම් එකක් වෙයි ටික කාලෙකින්!
