~ Kaviyen Kaviya ~.........Kamathida???

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
කවි ලියනා කට්ටිය මෙහි ඉන්නවද?
තරහ නැතිව මම කවියක් ලියන්නද?
මම හැරුනම තව කට්ටිය එනවාද?
වෙනත් අයත් කවි ලියනට සැරසෙයිද?



තරහක් නෙවේ සතුටක් කවි ලියවෙද්දී
ලියා එව්ව කවි පද ටික කියවද්දි
තවත් ලියනු මම උත්තර එවද්දී
කවියෙන් කවිය කවි පේලිය ඇදෙද්දි
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
මම නැත්තම් මේ කවිපිට හිස් නේද
හිටියට රැදී මෙහෙ ආවේ නෑ නේද
චින්තා,නුවන්,දුල් , මිස්ස්ක මෙහි ඇද්ද
කම්මැලි නොවී කවි පද ටික එවනවද
 

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,417
    5,755
    113
    හෝම් ස්වීට් හෝම්
    කවි ත්‍රෙඩ් එකට ගොඩ වැදුනෙ කලකට පස්සෙ
    හැංගිලා තිබුනා දුටුවා මෙය පොලිටික්ස් අස්සෙ
    ඉතින් මොකද වෙන්නෙ අද රැ මෙ පැත්තෙ
    ගොඩ වෙන්නට පැතුවා අවසර හිමිකරුවන්ගෙන්
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    කවි ත්‍රෙඩ් එකට ගොඩ වැදුනෙ කලකට පස්සෙ
    හැංගිලා තිබුනා දුටුවා මෙය පොලිටික්ස් අස්සෙ
    ඉතින් මොකද වෙන්නෙ අද රැ මෙ පැත්තෙ
    ගොඩ වෙන්නට පැතුවා අවසර හිමිකරුවන්ගෙන්


    වෙලාව පහු වී ඔබ මෙහි ආ හින්දා
    දුටුවේ පමාවී මම මෙහි නැති හින්දා
    පමා වී නමුත් ඔබ මෙහි දුටු හින්දා
    පිළිතුරු ලිව්වා මම අද මෙහි ඇති හින්දා
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ලිස්සා ගිහින් මෙහි උන අය තැනින් තැන
    කස්සා නොමැති දා මේ හුය පාළු විය
    දන්නා කෙනෙක් වත් ඒදැයි බලාහිද
    ලිව්වා කවිය මම බිදදා නිහඩ බව
     

    nwnbs

    Member
    ලිස්සා ගිහින් මෙහි උන අය තැනින් තැන
    කස්සා නොමැති දා මේ හුය පාළු විය
    දන්නා කෙනෙක් වත් ඒදැයි බලාහිද
    ලිව්වා කවිය මම බිදදා නිහඩ බව
    හිතට නොයේ කවි අදහස් මා හට නම්
    ඉතින් හිටිය ටික දවසක් නිහඬව මං
    කවි පිටුවත් හිස් වෙල මට දුකයි දැන්
    ලියමු ලියමු තුන්දාහට ලඟයි දැන්
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    හිතට නොයේ කවි අදහස් මා හට නම්
    ඉතින් හිටිය ටික දවසක් නිහඬව මං
    කවි පිටුවත් හිස් වෙල මට දුකයි දැන්
    ලියමු ලියමු තුන්දාහට ලඟයි දැන්


    හිත් රිදවුම් හැමදා එක ලෙස ඒවී
    එපා සැලෙන්නට ඒවා නැතිවේවී
    මනුස්සකම වට්ටන්නට බැරි වේවී
    ඒ ගැන සිතා ඉමු අපි සැම එකට බැදී
    :)
     

    nwnbs

    Member

    හිත් රිදවුම් හැමදා එක ලෙස ඒවී
    එපා සැලෙන්නට ඒවා නැතිවේවී
    මනුස්සකම වට්ටන්නට බැරි වේවී
    ඒ ගැන සිතා ඉමු අපි සැම එකට බැදී
    :)
    හිත් රිදිලා නොව මා නිහඬව හිටියේ:no:
    වෙන වෙන ප්‍රශ්න නැග එයි මගෙ ජීවිතයේ:nerd:
    කවි පද ගොතන්නට පෙර ලෙස හිටි හැටියේ:baffled:
    නිදහස් නෑ මගෙ හිත හරි අප්සෙට් නේ:dull:
     
    ලියන්න හදනා පද නැත එන්නේ රසට
    නිදිමත නිසාද මන්දා වචනත් නෝක්කාඩුවට
    මිනූ නඟත් සිහිවනවා ආ විට කවි කෙරුමට
    හැඟේනා හැඩැයි පාළු බව නොමැතිව පුංචි කවිකාරී
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    හිත් රිදිලා නොව මා නිහඬව හිටියේ:no:
    වෙන වෙන ප්‍රශ්න නැග එයි මගෙ ජීවිතයේ:nerd:
    කවි පද ගොතන්නට පෙර ලෙස හිටි හැටියේ:baffled:
    නිදහස් නෑ මගෙ හිත හරි අප්සෙට් නේ:dull:


    මොනවද උනේ නෑ මම නම් අහන්නේ
    ජීවිතේ එයයි තේරුම් ගමු අපි එලෙසේ
    දුක සැප එකට පවතින තුරු ජීවිතයේ
    අභියෝගයක් ලෙස සලකා ඉනු සොයුරේ
     

    nwnbs

    Member


    මොනවද උනේ නෑ මම නම් අහන්නේ
    ජීවිතේ එයයි තේරුම් ගමු අපි එලෙසේ
    දුක සැප එකට පවතින තුරු ජීවිතයේ
    අභියෝගයක් ලෙස සලකා ඉනු සොයුරේ
    එය එහෙමයි ඒ බව මට වැටහෙන්නේ:yes:
    ඒක නිසයි හැකි හැම විට මෙහි එන්නේ:)
    කවි ලියලා හිත නිදහස් කර ගන්නේ:D
    තව දහයයි තුන්දාහට ලං වෙන්නේ:rofl:
     

    nwnbs

    Member
    ලියන්න හදනා පද නැත එන්නේ රසට
    නිදිමත නිසාද මන්දා වචනත් නෝක්කාඩුවට
    මිනූ නඟත් සිහිවනවා ආ විට කවි කෙරුමට
    හැඟේනා හැඩැයි පාළු බව නොමැතිව පුංචි කවිකාරී
    නිදිමත බේරෙනවා ඔබෙ දෙනෙත් වලින්
    කවි පද දඟලනවා ඔබෙ හිත ඇතුලින්
    නිදිමත පැත්තකින් තියලා ඔබෙ නොවන ලෙසින්
    ලියමුද සහෝ පද සතරක් පුරුදු ලෙසින්:)
     

    X-F@cT3R

    Member
    Jan 19, 2010
    8
    0
    0
    ඔන්න්න මලෙ...
    ඔය නා මල...
    නෙලා වරෙන්..
    අත්ත බිදෙයි..
    පය බුරුලෙන්..
    තබා වරෙන්..
     

    nwnbs

    Member
    කවි ලියන්න කවුරුත් මෙහි නෑ වාගෙයි
    පාළුව ඇදෙයි හිතටත් හරි නෑ වාගෙයි
    ගලපගන්න පද හතරක් නෑ වාගෙයි
    මටත් හිතයි යන්නට නිදිමත වාගෙයි

    (මමත් යනවා... හැමෝටම සුබ රාත්‍රියක්... තෙරුවන් සරණයි...!!!)
     
    නිදිමත බේරෙනවා ඔබෙ දෙනෙත් වලින්
    කවි පද දඟලනවා ඔබෙ හිත ඇතුලින්
    නිදිමත පැත්තකින් තියලා ඔබෙ නොවන ලෙසින්
    ලියමුද සහෝ පද සතරක් පුරුදු ලෙසින්:)

    දැන් දැන් ඇහෙයි රැහෙයි හඬ සවනතට
    එලිවෙන ජාමෙත් ඇවිත් නොදැනීම හොරාවට
    ලියන්න හැකිවෙයි වගේ තවතවත් පද රසට
    වස්තු බී ජයක් කො නෑනේ එන්නේ හිතට

     
    කවි ලියන්න කවුරුත් මෙහි නෑ වාගෙයි
    පාළුව ඇදෙයි හිතටත් හරි නෑ වාගෙයි
    ගලපගන්න පද හතරක් නෑ වාගෙයි
    මටත් හිතයි යන්නට නිදිමත වාගෙයි

    (මමත් යනවා... හැමෝටම සුබ රාත්‍රියක්... තෙරුවන් සරණයි...!!!)

    ඉන්නා සැටියට ඉන්නට බැරිය
    එහා මෙහා යනවා නොවැ විපරමට
    යන්න හදනවා නම් ආ නිසා නිදිමතක්
    පතනවා සුබ උදැසනක් කියා
     
    දැන් දැන් ඇහෙයි රැහෙයි හඬ සවනතට
    එලිවෙන ජාමෙත් ඇවිත් නොදැනීම හොරාවට
    ලියන්න හැකිවෙයි වගේ තවතවත් පද රසට
    වස්තු බී ජයක් කො නෑනේ එන්නේ හිතට



    aiyo machan umba yannada serasenne
    pathu pathum udu guwane sun wenne
    kaviyak kiyala somiyak gannai unne
    mehema unoth mata nam dan kela wenne