අද කවි මඩුව උණූසුම් වී තිබෙනවා
කවි බල බල හිටිය ඇති බව සිතෙනවා
මැදට පැනල කයි දෝ යයි සිතෙනවා
ඔන්න මමත් මඩුවට දැන් වඩිනවා

කවි බල බල හිටිය ඇති බව සිතෙනවා
මැදට පැනල කයි දෝ යයි සිතෙනවා
ඔන්න මමත් මඩුවට දැන් වඩිනවා


ගිලින්න උඹෙ ඇම ඇයි මම මාළුවද
සද්දය දාන්නේ උඹ මහ වැඩකරුද
උඹ පන්නන්න මට තව යම රජු මොටද
ඇයි ඔය කටෙන් දැන් බත් කෑවා ඇතිද
ගිලින්න උඹෙ ඇම ඇයි මම මාළුවද
සද්දය දාන්නේ උඹ මහ වැඩකරුද
උඹ පන්නන්න මට තව යම රජු මොටද
ඇයි ඔය කටෙන් දැන් බත් කෑවා ඇතිද

අද කවි මඩුව උණූසුම් වී තිබෙනවා
කවි බල බල හිටිය ඇති බව සිතෙනවා
මැදට පැනල කයි දෝ යයි සිතෙනවා
ඔන්න මමත් මඩුවට දැන් වඩිනවා
![]()
කවි නොව දැන් ලියන්නට මට තිබෙන්නේ
ගිලන් රථ දෙකක අඩුවක් පෙනෙන්නේ
පමා වුනොත් දෙන්නෙක් එලොවට යන්නේ
වන් වන් නයින් එකටයි මා කොටන්නේ
![]()

දීගෙක අරුම වැටහෙද්දී චින්තාට
උතුර දකුන මාරුවෙලා දැන් හොදට
බයටම ඉතින් කටමැත දොඩවා යසට
කන්න යන්නේ ඉල්ලාගෙන අද හොදට
දීගය හින්දා හිරවී අද මැද්දටම
චින්තා තැලෙනවා බේරා ගනු ඔහුව
මට බෑ තවත් බුරුලක් දෙන්නට ඔහුට
නාස් ලණුව දැන් තියෙන්නෙ මගේ ලග



දීගෙක අනේ තව මොන අරුමෙද අක්කේ
ඒ ගැන මා තරම් වෙන කවුරුද දන්නේ
කොල්ලන් කියන විදිහට නොදමා සද්දේ
ඉන්නා එකයි ප්රිය බිරිඳක් කල යුත්තේ
පමා වෙලා ආවත් මේ වෙලාවේ
බේර ගන්න බෑ ඔහුනම් මුලාවේ![]()

කුස්සිය මුල්ලේ ඉන්නා බිරිදකගෙ තත්වේ
දෙන්නද හදන්නේ මට උබ ඒ අස්සේ
ඒවා කොහෙද දැන් ඉවරයි ඒ තත්වේ
සැමියට ඉන්න වෙයි නමලා හිස ඔහුගේ

කුස්සිය මුල්ලේ ඉන්නා බිරිදකගෙ තත්වේ
දෙන්නද හදන්නේ මට උබ ඒ අස්සේ
ඒවා කොහෙද දැන් ඉවරයි ඒ තත්වේ
සැමියට ඉන්න වෙයි නමලා හිස ඔහුගේ
අපි එනකොට කවි සරනිය ඉවර වෙලා
හෙන කට්ටියක් කවි ලියන්න සෙට් විලා
චින්තයි දිලුයි හෙන ගේමක් ඇදලා
අසරන සුදු සියව විකුනන් කාලා
අසරණ අහිංසක අපේ සුදු සීයාට
තියා වෙනකෙනෙක් මාගේ හතුරෙක්ට
හැකිද රණ්ඩු කෙක්කක් අනෙ පටවන්ට
මේකගෙ තරම තේරෙනවා නොවැ ඔබට
පවු බන් උඹෙ අසරන හොද සුදු සියා
අච්චි මලා දැන් පොර අසරන විලා
කටයුතු හොයයි එලකිරි එක පිරාලා
අච්චි දැක්කොතින් එයි සොහොනින් ඇහරිලා
කවි මඩුව නැගල ගිහින්
දැක්කෙ දැනුයි ආපු සැනින්
හැමදා අනේ මේ විලසින්
කවි ලියන්න හැම එක්වන්













