~ Kaviyen Kaviya ~.........Kamathida???

pjayampathi

Well-known member
  • Jan 20, 2008
    6,253
    39
    48
    tak gaanawa tik gaanawa tikak kanawa dora wahanawa
    tak gaanawa tik gaanawa tikak kanawa dora wahanawa
    hunu killotayak aragena seeya bulath wita hapanawa

    'a'
     
    තිබුනත් පරස්තාවක් නොගනින් කිසි විටක සිතට
    මැකී යයි නොදැනීම දිනක අයහපතට නොව යහපතට
    බැඳුණු සිත් වඩයි මල් වැස්සක්ම වී දිවියට
    මතකයේ තියේවි උන් අයුරින්ම දිනක දකිනා තුරු යළි අමතනට
     
    Jul 24, 2008
    1,633
    33
    0
    තිබුනත් පරස්තාවක් නොගනින් කිසි විටක සිතට
    මැකී යයි නොදැනීම දිනක අයහපතට නොව යහපතට
    බැඳුණු සිත් වඩයි මල් වැස්සක්ම වී දිවියට
    මතකයේ තියේවි උන් අයුරින්ම දිනක දකිනා තුරු යළි අමතනට
    :):)
    Nisi kala pamini kala a gana sithiya yuta
    Yahapath birida jivithayata eliyak neda
    Yuga diviyath mal wassak noma weda
    Dakina hodama yeliya biridama neda?:)
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ජීවිතය පුදුමයක් මට එහෙම හිතෙනවා
    අතැර මේ සියලු දේ තනිවෙන්න හිතෙනවා
    තනිවුවත් සිතිවිලිත් තවත් වධ ගෙනෙනවා
    හිස් බවක් දැනුන කල ඔබට දුක කියනවා
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    දුටු තැන රිසි තැන හිදින
    පෙර පුරුද්දට මෙන් අදත් මෙතැන
    අත් නොහැරම ඇද බැද තබාගෙන
    ලියන්න හිතුනා රෑ කවි ඉදගෙන


    :):P
     

    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    දුටු තැන රිසි තැන හිදින
    පෙර පුරුද්දට මෙන් අදත් මෙතැන
    අත් නොහැරම ඇද බැද තබාගෙන
    ලියන්න හිතුනා රෑ කවි ඉදගෙන


    :):P

    රෑ යාමේ කවි ලිවුවට ඇස් නොපිය නිදි මැරුවට
    හෙට උදේට නන්ගි වැඩට යන්න තියෙනවා…..
    නිදි මත ටික ටික වැඩෙද්දි - ඇසිපිය අඩවන්ව යද්දි
    ඔෆිස් එකේ බොස් දැක්කොත් ලෙඩක් වැටෙනවා…..
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    රෑ යාමේ කවි ලිවුවට ඇස් නොපිය නිදි මැරුවට
    හෙට උදේට නන්ගි වැඩට යන්න තියෙනවා…..
    නිදි මත ටික ටික වැඩෙද්දි - ඇසිපිය අඩවන්ව යද්දි
    ඔෆිස් එකේ බොස් දැක්කොත් ලෙඩක් වැටෙනවා…..


    බොස්ට කොලේ වහල ඉතින් ඇහැ පොඩ්ඩක් පියාගද්දී
    ඔන්න ඉතින් ටෙලිෆෝන් එක බෙරිහන් දෙනවා
    එහෙන් මෙහෙන් උත්තර දී ලිස්සන්නට දත කද්දී
    මේසේ තියෙන file දැකල නිදිමත යනවා


    :lol::lol:
     

    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....


    බොස්ට කොලේ වහල ඉතින් ඇහැ පොඩ්ඩක් පියාගද්දී
    ඔන්න ඉතින් ටෙලිෆෝන් එක බෙරිහන් දෙනවා
    එහෙන් මෙහෙන් උත්තර දී ලිස්සන්නට දත කද්දී
    මේසේ තියෙන file දැකල නිදිමත යනවා


    :lol::lol:

    pahala tattuwata gihin pitza kaallakuth aran
    horawage kate oban nidiya gannawa
    file kanda ahasa usata eka passe horen horen'dil nidiyanawa...
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    pahala tattuwata gihin pitza kaallakuth aran
    horawage kate oban nidiya gannawa
    file kanda ahasa usata eka passe horen horen'dil nidiyanawa...


    පීසා කාලා අමාරුවට එහෙට මෙහෙට දගල දගල
    නිදා ගන්න try කෙරුවත් බැරිවී යනවා
    නිදිමතවත් නැතිවේයයි හිතලා ටිකක් එලකිරියට
    ගොඩ වූවත් නිදිමතනම් තව වැඩිවෙනවා
    :P
     

    nwnbs

    Member
    රසික අයියා කවි මඩුවේ-කවි ලියන්න ඉන්නව දැක
    පුංචි මගේ පුංචි හිතට-සතුට පිරෙනවා
    ඒ සතුටට නොදැනිම මුව
    හිනා මැවෙනවා...


    (මං පුංචියි හොඳේ...:D)
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    රසික අයියා කවි මඩුවේ-කවි ලියන්න ඉන්නව දැක
    පුංචි මගේ පුංචි හිතට-සතුට පිරෙනවා
    ඒ සතුටට නොදැනිම මුව
    හිනා මැවෙනවා...


    (මං පුංචියි හොඳේ...:D)


    නුවන් අයියා පුංචියි යැයි කියනවානමි
    අපි තාමත් ඉපදිලා නෑ එෙහනමි

     

    nwnbs

    Member
    ඔන්න ඉතින් මම ආවම
    රසික අයිය යන්න ගිහින්
    ආයි මගේ පුංචි හිතට දුකක් දැනෙනවා
    ඒ හින්දා හැමටම මෙහි එන්න කියනවා
     

    nwnbs

    Member
    නුවන් අයියා පුංචියි යැයි කියනවානමි
    අපි තාමත් ඉපදිලා නෑ එෙහනමි

    මම පුංචියි කිව්වෙ මලේ
    වයසින් විතරක්ම නම් නොවේ
    රසික අයියගෙ කවි ඉදිරියේ
    මම පුංචි වන නිසයි හොඳේ:)
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ඔන්න ඉතින් මම ආවම
    රසික අයිය යන්න ගිහින්
    ආයි මගේ පුංචි හිතට දුකක් දැනෙනවා
    ඒ හින්දා හැමටම මෙහි එන්න කියනවා

    ඉද හිට හෝ අපෙ කට්ටිය
    මේ කවියේ සැරි සරද්දී
    හිත ඇතුලෙ මගේ සතුට දෝර ගලනවා :)
    මගේ පුංචි නංගිව මට තව miss වෙනවා
    :(
     

    nwnbs

    Member
    ඉද හිට හෝ අපෙ කට්ටිය
    මේ කවියේ සැරි සරද්දී
    හිත ඇතුලෙ මගේ සතුට දෝර ගලනවා :)
    මගේ පුංචි නංගිව මට තව miss වෙනවා
    :(
    මිනු නංගිගෙ සුවඳ රැඳුණු
    කවි පිරුණූ රස බරවූ
    කවි මඩුවේ සැරිසරද්දි දුක වැඩි වෙනවා
    ඉක්මණටම ඇය ඒවි කියල හිත සනසනවා
    :(
     

    nwnbs

    Member
    කවි මඩුවට මම ආවේ කවි ලියන්නටයි
    කවිකාරයො කවි අතරේ ඉන්නව දැකලයි
    ඊයෙ යද්දි ලියපු කවිය තව එහෙම්මමයි
    ඉතින් එන්න හැම දෙනාම කවි ගොතන්නටයි
     
    කවි ලියන්න ආවට මට හරිම නිදි මතයි
    පවරුම් වැඩ වගයක් මගෙ ඔලුවටම උසයි
    එ ටික මේ ඉවරකරල ආවා විතරයි
    නුවන් අයිය කවි ලියන්න ඇවිල්ලා වගෙයි

     

    nwnbs

    Member
    කවි ලියන්න ආවට මට හරිම නිදි මතයි
    පවරුම් වැඩ වගයක් මගෙ ඔලුවටම උසයි
    එ ටික මේ ඉවරකරල ආවා විතරයි
    නුවන් අයිය කවි ලියන්න ඇවිල්ලා වගෙයි

    වැඩ වැඩිවී ඔළුව ටිකක් බර වෙලා හැඩයි
    නුවන් අයිය කියලා මට කිව්වෙ ඒ නිසයි:P