දුටු දුටුවන් මතින්
නටයි තොල් පට විකමින්
සිතට ආ පමනින්
නාමු අප සැම මඩේ ගිලෙමින්
ඔහොම ඔය කිව්වට
කෑව කල මඩ තලි පිට
ලිස්සලා හෙමිහිට
දුවයි කකුලට වැද වැද


දුටු දුටුවන් මතින්
නටයි තොල් පට විකමින්
සිතට ආ පමනින්
නාමු අප සැම මඩේ ගිලෙමින්


දෙවියන්ටලු කට්ටිය මල් කඩන්නේ
මෙච්චර කලක් මම ඒ බව නොදන්නේ
එහෙනම් ඉතින් බිල් worry ගැන නොවන්නේ
රෑවී එලිවෙනතුරුත් තව මල් කඩන්නේ
වැඩකට නැති පොරොන්දු ගැන මොකට දොඩන්නේ
වාහේ එක්ක තරහට දෝ නහය කපන්නේ
අනං මනං අමතක කර මේක කියන්නේ
අවොත් නුගේගොඩ පැත්තේ මොනවද දෙන්නේ

ඔහොම ඔය කිව්වට
කෑව කල මඩ තලි පිට
ලිස්සලා හෙමිහිට
දුවයි කකුලට වැද වැද![]()
ඕවට බය වෙලා ඉන්නට පුළුවන්ද
අම්මා ගෙවයි බිල් පත නැහැ අවලාද
එලවිව දාට ගෙදරට ඇතිවී මාව
කනත්තේ පැලක් අටවමි නැහැ බේද




තමන්ගේ පැත්තට
නොපැමිනි හේතුවට
මෙහෙම මඩ තලි කොට
ගහන එක නම් හොදද නරකද?
කිව්වට ඔය කතා දැන් වීරයො වාගේ
ආකල බිලක් අහසට නහයෙන් අඩන්නේ
හැදුවට පැලක් ඔය කියනා ලෙස සොහොනේ
යක්කුට බය නිසා ඔබ කොහොමද ඉන්නේ![]()
වාහේ ගැන නෑ තරහක් අහන්නේ
නහය කපා ගත්තොත් මම නහින්නේ
ආවොත් නුගේගොඩ පැත්තට ළමයිනේ
දෙන්නම් බඩ පැලෙන්නට Pizza වරෙන්නෙ![]()
මා එක්ක කතා නොකොට
එක එක වැඩ කරන කොට
මට කේන්ති යන කොට
මඩ නෙවයි මම දෙන්නෙ බොට
බොට කිව්වෙ නිකම් .sorry
මඩ මවි අදත්
ඇත පටං අරන්
ගහන්නට මඩක්
එන්නද මමත් :පී
ඉන්නා විටදි ඔබල එක්කල මෙහෙම
යක්කුන් මොකුන්දැයි සිතනෙමි හැම විටම
බැන්දම කරවටක් රන් අබරන තොසින
කටුස්සා වුනත් ඉන්නේ උඩ නේද

නහය කපන ලෙස
මඩ ගසන විලසට
බොට කිවූ පලියට
වෙයිද කොල්ලන් සෙකන්ඩ් ඔබ හට
එන්නද කියලා අහලා
ඇයි ඉන්නෙ සද්දෙ වහලා
ලියන්න මඩ කවි ගොතලා
ඔන්න මම අයුබෝ කිව්වා
මෙයාගේ සද්දය
අලි ඩොං ගැහුව තරමය
ක්රියා පටිපාටිය
අලි කෑ දිබුල් ගානය


ගහනව මට මඩ තලි අනලා
එක්කෙනෙක් පැත්තක ඉදලා
උන්නු නිසා සද්ද වහලා
මමත් පාඩුවේ උන්න ඉඩ දීලා
කිව්වට ඔය කතා
මම දන්නවනෙ ඔය සතා
පුළුන් කොළයක ඔතා
යවනවා උඩ සද්ද දැම්මොත් පුතා
තිලංග ද ග්රේට්
දාලා දෑතෙම වෙයිග්ට්
ගලපලා පද නීට්
කරන්නකො කවි ක්රියේට්







එහෙමද ඉතින් ඔබ අප ගැන සිතන්නේ
යක්කුන් ලෙසද දැන් අපිවත් පෙනෙන්නේ
වයසට යද්දි වෙනවලු ඔය ලෙසින්නේ
ඇස් කන්ණාඩියක් වත් විගහට ගනින්නේ![]()
ආවොත් කත මැත දොඩා
ගෙනගොස් මුහුදු තෙරටා
සේරියාවක් දමා
යවමි උඩ සරුංගලය ලෙසටා



නොදා ඉන්ගිරීසී
මල්ලි ලියපන් සින්ගිරීසි