නින්ද ලඟ එනකොට
දොඩයි හීනෙන් නැහැ සැක
කන්න දුන් පලියට
හපන එක යුතුකමක් හෝ වෙද
කඩියා පුංචි උනාට
කෑවම දනවලු හොදට
කවි ලියන්න ආවට
පුළුවන්ද මාත් එක්ක හැප්පෙන්නට
නින්ද ලඟ එනකොට
දොඩයි හීනෙන් නැහැ සැක
කන්න දුන් පලියට
හපන එක යුතුකමක් හෝ වෙද
නටන්නට තාලයට බැරි කොට
පොලවෙ ඇද නම් පෙනේ කදිමට

කඩියා පුංචි උනාට
කෑවම දනවලු හොදට
කවි ලියන්න ආවට
පුළුවන්ද මාත් එක්ක හැප්පෙන්නට
අලියාට උගේ තරම
නොපෙනෙන බවට පෙරසිට
තිබූ පොදු කරුන
බොරු කලේ අද ඔබයි මා හට





දැක ඇත්නම් උබ මගේ තරම
නොකියයි කතා ඔය ලෙසින
ඉදිකටු පැංචා වගේ හිදින
උබ කොහොම උස්සන්නද මාව![]()
මේ ඡන්ද කාලේ
මොන අලි කතාද රාලේ
පාවිච්චි කර මොලේ
ඉන්නවා හොදයි පියාගෙන කට මලේ
![]()
ගිල ගිල පිට්සා චර චර
හිටියෙන් පුටුව රත් කර
ආවත් ඔහොම ඇඟ ආර
මට ෂුවර් උඹ නෑ බර

ගිල්ලට Pizza රස කර
මම නැහැ වෙන්නේ තර
සිත සිතා මගෙ ඇඟ බර
ඇයිද worry උබ ඔච්චර![]()



ගන්නට නිදා
ඕනෙ යැයි පවසා
කරන ඇව්වටිලි නිසා
යන්න ඉඩදෙමි මමත් මෙලෙසා

තවත් වෙන්නට තර
දෙයක් තියේද අර
සිටියොත් කණ්නාඩියට පෙර
දැක ගත හැකිය විස්තර![]()
බැරිම තැන දත කකා
ලිව්වට කවි ගොතා
බොරු බේගල් ඇද නොපා
කිව්වනම් දෙනව යන්නට පුතා
කතා නොකොට මගේ තර
බලාපන් අගේ කටු මොකද ඔච්චර
නොවී ඔය තරම් කෑදර
ඉතුරු නොකොට කාපන් වෙන්න තර
යන විටදි වෙන්වී
මැරී වැටුනලු අසෙකු පෙරකී
සිතනු මැන සකි
එසේ වේවිද සිතට බරකී
කලකට පස්සේ
අපි නම් ආවේ
කවි අමුනන්නට
කවුරුද එන්නේ?
ඉද හිට ආවට
නුඹ මේ පැත්තේ
අපිනම් ඊයෙත්
මඩ නා ගත්තේ
අහක හිටපු උන්ටත්
නැතිව හිරිකිතයක්
අනලා හොදට මඩක්
ගැසුවේ ඇයිද විමසත්..?
