wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,697
    6,505
    113
    කාල වේලාව නිසා පොස්ට් දාන්න. ත්‍රෙඩ් දන්නා බැරිඋන එත් නිවාඩුවක් එක්ක අලුත් යමක් දන්නා ඕන කියල හිතුන. මම අද කියන්න යන්නේ kdrama එහෙම නැත්තන් Korean drama විචාරයක්.kdrama ගැන ලංකාවේ නොදන්නා එකෙක් නම් දැන් නැතිවෙන්න ඕන මොකද full house, dae jang geum එහෙම පට්ට hit නේ. මම කතාව පටන් ගන්න යන්නේ මේ එකකින් වත් නෙවෙඉ. තව මස දෙකකින් විතර යන්න ඉන්න dong yi කියන කතාවෙන්.
    කට්ටිය සුප්පොර්ට් එකක් දෙන්න හොදේ. අඩුම තරමේ බුම්ප් එකක් වත් දාපියවු
    2963076_f520.jpg
    images

    dongyi14.jpg

    dongyi26.jpg
     
    Last edited:

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,697
    6,505
    113
    දොන් යි කියන්නේ මේ කතාවේ ඉන්න කෙල්ලට. හරිම හොද මාපියන්ගේ වහල් කෙල්ලක්. ඒ කිව්වේ පහත කුලයක කෙල්ලෙක් වෙලා තමි ඉපදෙන්නේ. මේ කෙල්ල අපමණ බාදක මද රටෙහි ඉහලම තැනකට යන හැටි හරිම අපූරුවට මේ කතාව පුර කියනවා. මෙහි ප්‍රදාන චරිත 10 ක් විතර මුළු කතාව පුරාම ඉන්නව. හරිම සන්වේගී තත්ත්ව මේ කතාව පුරාම නියම ලෙසට ප්‍රේක්ෂකයාට ලබා දීම හරිම අපූරුයි. මෙකිව්වේ බොහොම සරලව කතාව 1 hour කොටස් 67 පුර මේ කතාව දුවනවා. ටිකක් දිග කාලයක් තමයි. නමුත් හරිම හොදට බලන්න පුළුවන්.
    මෙහි ඉන්න චරිත ඇත්තටම නියම විදියටම රග පමෙහි නිරත වෙනවා. හිතගන්නත් බෑ . මුල් කලේ මම හිතුවේ american කාරයෝ වගේ act කරන්න එවුන් ලොවෙත් නෑ කියල පස්සේ බලිනම් korian උනුත් පට්ට waddo. මුහුණෙන් එන හැගීම් සියුම්ව මතුකරන්න උන් හරිම දක්ශයි. jang geum වල වගේම dong yi වලත් ඉන්නේ එකම අද්යක්ෂකයෙක් නිෂ්පාදකයෙක්. මේ කතාව හැදෙන්නේ පුරන korean රජ කතාවක් අල්ලලා. yi සන් කතාවට පස්සේ. මේ කතාව mbc නාලිකාවේ ප්‍රචාරණය උනේ 2010.

    විචාරයක් කිව්වට මම ටිකක් කතාව කියන ගමන් ම වැඩේ කරන්නම්. මොකද මේ කතාව හැමෝම බලලා නැති නිසා කතාව බලන්න පුළුවන් ඕන කෙනකුට gooddrama.නෙට් site එකට ගියා නම් නියමෙටම. දැන් ඉතින් කතාවට බහිමු. dong yi එහෙම නැත්ත අපේ කතා නෛකව හරිම අපූරු චරිතයක් ඇය හරිම රූමත් කාන්තාවක් ලෙසටයි මේ කතාවේ ඉන්නේ ඒවගේම හරිම නුවනක්කාර චරිතයක්. ය කුඩා කලේ තාත්තා අයියා කියන හිටපු එකම නෑදෑයෝ අවනදුවකින් මරුන් කනවා. dong yi ගේ තත දුකට පත්වන්නන් වෙනුවෙන් sward franteny කියල සන්විදනයක් පිහිටුවනවා. නමුත් මේකට අකමැති අය මොවුන් මිනීමරුවන් කරලා උගුලකට අහුකර ගන්නවා. ඊට පස්සේ dong yi මේ ලෝකේ තනිවෙනවා ඒ මිනිමරුවෙක් විදියට. මුළු හමුදාවම අයව මර දන්නා හොයනවා ඇය සැගවෙමින් ජිවත් වෙන්න පටන් ගන්නවා. ඇය සැගවෙන්න තෝරාගන්නේ රජ මාලිගාවේ සංගීත අංශය. මේකට ඇගේ අයගේ අය්ය ගේ යාලු කාන්තාවක් උදවු කරනවා.
    දැන් මම කතාවේ ආරම්බය දුන්න. දැන් මේක මොන වගේද කියල හිත ගන්නකො. පුලුවන්නම් මේ ටික බලල ඉන්න දැන් ඇත රිදෙනවා විචාරය අරබන්න තම වෙලාව මදි තව ටිකකින් පටන් ගමු .
     
    Last edited:

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,697
    6,505
    113
    dong-yi-kecil.jpg

    මේ ඉන්නේ dong yi පොඩිකාලේ එයාගේ තාත්තා අයිය එයාගේ මිත්‍රයා එක්ක. අය්යිගේ යාළුවා කතවේ නම චුන් සු. මුළු කතවේම දොන් යි ට උඩවූ කරනවා පට්ට කරති කාර බුවෙක් . මෙය නිසා දොන් යි කීප පාරක්ම ගීවිතේ බෙර ගන්නවා.
     
    Last edited:

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,697
    6,505
    113
    දැන් ඉතින් වැඩේ පටන් ගන්න යන්නේ හොද නරක ඔක්කොම කියන්න එපයි. මේ කතාව තුල ලොකු අඩුපාඩු කීපයක්ම දැක ගන්න පුළුවන් ලොකුම දේ තමි අනවශ්‍ය කුතුහලයක් ප්‍රේක්ෂකයා තුල ඇතිකරන්න ගිහින් කතාව විනාශ වීම මේක මේ කතාවේ වරක් දෙවරකට වැඩ තියෙන නිසා අතපසුවීමක් කියන්න බැ. අනික මේක කලේ කොරියාවේ ඉන්න හොදම අද්යක්ෂක නිසා අතපසුවීමක්ය කියන එකනම් කොහෙත්ම වෙන්න බැරි දෙයක් මේගැන මම කොරියන් යාලුවෝ කීප දෙනකුගෙනම අහල බැලුව.උන් ඔක්කොම දුන්නේ එකම උත්තරයයි. කොරියාවේ හැදෙන සුපිරි කතා අස්සේ කපිල පෙන්න වෙන්න ඇතිලු මෙහෙම කරන්න හදන්න ඇත්තේ කියල. නමුත් මේවගේ මෙගා කේස් එකක අත්හද බැලීම කරන්න හදපු එකන හරිම වැරදියි. එක ඉතින් ඒ කට්ටියගේ අදහස්නේ හැබැයි මම නම් හිතන්නේ සල්ලි ගැන ටිකක් වදවෙච්චනිස මෙහෙම උන කියලයි. සල්ලිත් එපයි නමුත් මේ කරපු ඩෙනිස මට කතාව මද කීප විටක්ම බලන්න අප්පිරිය හිතුන නමුත් ඇත හරින්න හිතුනේ නැහැ. මෙහි සන් වීදි අවස්ථා හරිම සැලකිලිමත්ව හදල තියන එකනම් පැසසුමට බජනය කල යුතුමයි. මොකද ඔඋන් හිතල තියන වගේම මේ කතාවේ ඇත්තම ජීවය තියෙන්නේ මේ කොටස් හරහා. ඒ වගේම දොන් යි වත් හරිම සැලකිලිමත්ව ආරක්ෂා කරලා ත්යනව. මඩේ පිපුන නෙළුමක් වගේ. උද විදියට කිව්වොත් අපේරටේ add එකක් කියන්නම් අර ලන්කසොය් sls කතාව මෙර්සි රගපාන මේක අනිත් ගනු කෙනාගේ මූණ හොදට බලන්න මෙර්සි බනින කොට මුහුණේ තරහ ඉරිසියාව කියන හැගුම් මතුකරනව් නමුත් ප්‍රේක්ෂක අපි එවන්නක් ඇගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ අපිට ඕන පිවිතුරු මුහුණක් මෙතැනදී ලන්කසොය් පැරදෙනවා නමුත් දොන් යි ට එවැන්නක් කොහෙත්ම වෙන්නේ නැහැ අයතුලින් උපරිම උනොත් පුදුමයක් විතරයි මෙවන් වෙලාවට මතුවෙන්නේ. මේ තියෙන්නේ ලංකා සොය add එක.
    www.youtube.com/watch?v=W1RgDKmOU8k
     
    Last edited:

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,697
    6,505
    113
    Mamath Dae Jang Geum Balala iwara kala, hithata wadina sirama kathawak,mekath ewage wenna ona.......

    machan ehenam uba eelagata full house balapan meka danma balanna epa mokada hitha ta wenas rasayak ona sini unath ekadigata kanakota rasa aduwenawa
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,697
    6,505
    113
    කොටස් 67 කියන්නේ ලේසි නැනේ ටිකක් වෙලයනවා කතාව පෙළගස්සන්න ගියහම . මෙහි වඩාත්ම හිතට වැඩෙන තැන කියල තැනකට වඩා හිතට වැඩෙන තැන් කියල තමයි කියන්න වෙන්නේ. මොකද අපූරු අවස්ථා කීපයක් ම තියෙන නිසා. දොන් යි රජතුමා රජ්ජුරුවෝ කියල දන්නේ නැතිව හැසිරෙන තැන් නම් සුපිරි ඒ ටික හැමෝටම එක දිගට එක හුස්මට බලන්න හිතෙන තරම් ලස්සනයි. රූපමය කියන එකට වඩා හැම ඇතිනම කියන මතය නිසා මේක සුපිරියට තියෙන්නේ. මෙහි සංගීත නිර්මාණය ඉගෙන ගන්න කෙනකුට මරු. jang geum වල වගේම මේකෙත් සුපිරියටම කරලා තියනවා. කතාව නොබලපු හිතකට මේවයේ රසයේ අඩුවක් දැනෙන බව මට ඉරහද වගේ sure වෙන්නේ මම බලන්න කලින් මේකේ ost එක ඇහුව නිසා .මට දැනුන දේ නිසා කියන්නේ.නමුත් කතාව බලල මම අහනකොට පපුව කඩාගෙන යන ගින්දරින් හිත පිච්චෙන හැගුමක් අවා. මේ හැගුම මම වගේ ඇට්ටර වච්ච එකකුට කතා 1000+ කටත් වඩා බලපු එකෙකුට කොහොම ඇති උනාද කියන එකෙන් මටම පුදුමයි.මේ කතාවත් සුජාත දියණි වන්ගේම dub කරලා පෙන්නනවා නේ අනිවා මට sure සුජාත දියණි කාපු පිළිවෙලටම මේකත් විනාස කරලා දමනවා . එනිසා හැමෝම ඔරිජිනල් එක බලලා ඉන්න. නියම ෆීල් එක මේකෙන් තරම් එවයින් එන්නේ නැහැ. පේන්නැද්ද සුජාත දියණි වල කොච්චර කොටස් කපලද පෙන්නනේ කියල. මට හරිම තරහක් එන්නේ මෙච්චර මහන්සි වෙලා කරපු නිර්මාණයක් හරියට dub කර ගන්න බැරිව අපේ උන් රෙවන හැටි දැක්කම. කතාව මැද්දේ හූක් හූක් ගානවා මට පෙන්නන බැරි එකයි. හරියට pu_e අරිනවා වගේ :) . ඒවා ඕන නැහැ මේකට බහිමු කෝ. දොන් යි වල චරිතයට දීපු නො පසුබට උත්සාහයනම් විශිෂ්ටයි. ඕනෑම ගැටලුවකින් හදවතින් වඩා මොලෙන් පැනයන හැටි අපිට ලොකු ආදර්ශයක්. ඇය කතාව තුල කොටු කරන්න හදන උත්සහ කීපයක්ම ප්‍රේක්ෂක අපිට හිතන්න බැරිවෙන්න විසදනව්. මේ වෙලාවල් වලදී තමයි over ගිහි මම අර කියපු char එක වෙන්නේ. ඇත්තටම මට මැදින් කතාව අප්පිරිය වුන කියල මම කිව්වනේ. නමුත් මේක හරිම අපූරු විජ්ජාවක්. කතාව බලල ඉවර උනාම මට ඒ දැනුන හැගීම ගැන ලජ්ජා හිතුන. මෙච්චර කරදර දොන් යි ට එන එක බල ඉන්න බැරිව අපිට නැගෙන තරහව කරදර වලට මුහුණ දෙන දොන් යි තුලින් නොනැගීම තමයි ලොකුම ආදර්ශය. කතාව බොලද ප්රෙමන්විතයක් නෙවෙයි. නමුත් කතාව මුළුමනින්ම ආදරය ලැබීම නොලැබීම හැගීම කියන දේ මත්තමයි ගොඩ නැගෙන්නේ. මේ කතාව මුල හරියේ රජතුමාගේ මව දුෂ්ටය විදියට අපිට පේනවා. ඒ රජුගේ රැජිනකට විරුද්දව වැඩ කරන නිසා. අනික දොන් යි උඩු කරන්න රැජිනට නිසා අපිට මවු රැජින දුෂ්ට චරිතයක් වෙනවා අපිට හිතට එන්නේ මවූ රැජින මරන්න ඕන කියන සිතුවිල්ල. නමුත් කතාව මැදට එනකොට කවදාවත් මවක් තම දරුවට වරදක් නොකරන බව පෙන්නනවා. දෙමාපියන් විශ්වාස කරන්න කියන එක අපි නොදැනුවත්ම පපුවට පිහියකින් අනල වගේ කියා දෙනවා.
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,697
    6,505
    113
    මේ කතාවේ හරිම අපූරු තැනක් තමයි දොන් යි ට ඔටුන්න හිමි කුමාරය වෙනුවෙන් පෙනීසිටින අවස්ථාව කතාව අග හරියේ තියෙන්නේ. අපිට හිතෙන්නේ මේ ලැබුන අවස්ථාව සියලු පරශ්න ඉවරකරන්න තියන නියම වෙලාව විදියට නමුත් ඇය මෙය දිගින් දිගටම අතහරිනවා අපිටත් තරහයි නමුත් ය ලැබෙන කරදර වලට වැඩ නොදන්නා ළමයකුගේ ජීවිතය වෙනුවෙන් සටන් කරනවා. මෙහිදී කතාව පැහැදිලිවම ඇයට තෝරාගන්න අවස්ථා දෙකකුයි දෙන්නේ. නමුත් නියම හැකියාව මගින් ඇය තම දරුවා විතරක් නෙවෙයි තමාට සතුරුව එන ඔටුන්න හිමි කුමාරයත් අපූරුවට බේරාගන්නවා. රජතුමාගේ විශ්වාසය උපරිම ලෙසින් ඇය දිනාගන්නවා යට ලැබෙන්නේ අසීමිත බලයක්. අපි වගේ එකකුට එහෙම ලැබුනොත් විනාස වෙනවා සිකුරුයි නමුත් බල ලොබි නොවන අයගේ නිහතමානී කම විශාල ආදර්ශයක් ලැබෙන සුළු බලයෙනුත් එවුන් ඉදිමෙන හැටි නියම විදියටම පෙන්වනවා. ඒ වගේම නියම යාළුකම පක්ෂපාතකම මේකේ දකින්න මුළුවන් දෙන්න උදාහරණ බරගානක් තිබ්බත් මම එහෙම කරන්නේ නැත්තේ මේක බලල කතාව යමෙකුට බලන්න හිතුනොත් එක කතා රසයට බාදාවක් වෙන නිසයි. හොදට මතක තිය ගන්න මම කිව්වේ දොන් යි ඔක්කොම නෙවෙයි කියල දොන් යි කියන්න පැයේ කොටස් 67 ක්
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,697
    6,505
    113
    දන්නවනේ ඉතින් පොඩි පොඩි වැඩ තියෙන නිසා මේවගේ වැඩ ටිකක් පරක්කු වෙනවා කියලා. පරක්කු වෙලා හරි ඔන්න එහෙනම් ආයිත් අපි වැඩේ පටන් ගමු‍. මේ පාර මම ඩොංග් යි ගැන ටිකක් කියන ගමන්ම යී සාන් කියන කතාව ගැනත් කියන්න පටන් ගන්නම්. මේකත් මාරම මාර කතාවක් මචන්ලා. ලොකු පොඩි බේදයකින් තොරව හැමෝටම එකට ඉදගෙන බලන්න පුලුවන් විදියෙ ආදර්ශවත් තවත් කථාවක්. යී සාන් කියන්නේ රාජ කුමාරයෙක් ඔටුන්න හිමි කුමාරයා. නමුත් මෙයා‍ට ජීවීතයේ විදින්න වෙන දුක් කරදර නම් පුදුමාකරයි. සියල්ලන්ම ඔහුට විරැද්ධව නැගිටින විටදී ශක්තිමත්ව සත්‍යයට ඔහු මුහුණදෙමින් ජීවිතය ජයගන්නා ආකාරය මෙහි අපූරැවට කියනවා.
    යී සාන් ගේ ජීවිතය ඔහුගේ කුඩාකල අහබු ලෙසින් හමුවන මිතුරන් දෙදෙනකුගෙන් පිරී ඉතිරී යනවා. යාලුවො දෙන්නෙක් කිව්වට එක්කෙනෙක් යෙහෙලියක්. යෙහෙලියගේ නම සුන් සොංග් යොන් යාලුවා ඩායී සූ. මේ දෙන්නා ්‍යී සාන් ගේ ජීවිතයට විශාල උදවු කරනවා. කට්ටියම ලොවක් තියනකොට මේකත් බලන්න පටන් ගන්නකෝ. හැබැයි ඉතින් මේකත් පැයේ කොටස් 77 කතාවක්. මේක බලන්න ලොකු කාලයක් වගෙම දත්ත පුමානයකුත් වැය කරන්න වෙනවා. කිසිම පාඩුවක් නෑ. ලැබෙන සතුට එක්ක නම් කිසිම පාඩුවක් නම් වෙන එකක් නම් නැහැ. විවේකය අරැතානවිතව ගෙවිලා යාවී.