hmmm self checkout tama lesima
සෙල්ෆ් චෙක් අවුට් ලංකාවෙ උන්ට ගැලපෙන්නෙ නෑ බං. මෙහෙ ඉන්නෙ කඩේට ගිහිනුත් පුලුවන් නම් චොක්ලට ටොෆි පවා උස්සල ජොකා අස්සෙ ගහ ගන්න උන්. ඔය CCTV වල පෙන්නන්නෙ.
hmmm self checkout tama lesima
sira kathawa, ape godak aya oya wage waradi unama ethana inna ekawa maragena kanna yanawane.
සල්ලි ඩඛල් කැපුනට අවුලක් නෑ. Sign කලේ එක බිලක් නම්. හවසට transaction check කරලා වැඩිපුර කැපුන ඒවා refund කරනවා.


habai machan samahara boruwata posh venna dagalana un innava owa vala, un kisima customer service ekak danne nathi un. Api un paw kiyala hithwama un enava kare nagala apita pupa pennanna..
ubage kathawa sahathika aththa machan, uba wge hithana ewun godak adui samaje.
TFS
මිස් ඔයාට අද මොකක් හරි මැන්ටල් අවුලක් තියෙද කියලා



පැය 6 ක් වගේ හිටගෙන වැඩ කරද්දි ඔහොම වෙන එක සාධාරණයි
මෙ කතාවට නම් මම 100 ට 100 යක් හරි. නමුත් දැන් super markets අලුත් ටිච්ක්ස් දානවා,
1) Discount ලොකුවට දාල පොඩියට date Rage එකක් දානවා or Bill Value >10000 වගේ පොඩියට දානවා.
2) 500G වලට පමණක් Discount disply කරනවා නමුත් 200g ,500g and 1kg ඔක්කොමම Mix කරලා දානවා.
uba mara minihek ban.respect
owa wala hama ekama log wenwa.itn aniwa cashier gen thama kapanne.uba karapu wade hoda deyak nttn paw itn.owa wala wada karanne itn salli karayo nemene![]()
කීල්ස් වල වැඩ කරන අයගේ කතාම හරිම වෙනස් එකක්
![]()
මම කලිනුත් ත්‍රෙඩ් එකක ඔය ගැන කිව්වා මචංඋඹ ඔය ගැන අපිට වඩා දන්නවා නේද. අපිත් එක්ක පුලුවන් වෙලේක ශෙයාර් කරගනින්කො.

සල්ලි ඩඛල් කැපුනට අවුලක් නෑ. Sign කලේ එක බිලක් නම්. හවසට transaction check කරලා වැඩිපුර කැපුන ඒවා refund කරනවා.
ෆුඩ්සිටි එකේ හැබැයි මැශින් කේස් එකක් නම් තියෙනවා තමයි. මම SMS alert activate කරගෙන ඉන්නෙ බං. පේ කරද්දි මැසේජ් එක එනවනෙ.. එක පාරක් දෙසැරයක් කැපුනා. හැබැයි හවස් වෙද්දි රීෆන්ඩ් වෙලා තිබ්බා බං.


මේක ලියන්න හිතුනේ අද මට දවල් කීල්ස් සුපර් එකකදි වෙච්ච වැඩක් නිසා. මම කොහොම හරි බඩු වගයක් අරගෙන බිල දාගෙන ඩෙබිට් කාඩ් එකෙන් බිල ගෙවලා කාර් එකට ඇවිත් බිල චෙක් කරා. පුරුද්දක් විදිහට මම ඒ කාලේ ඉඳන්ම කොහෙන් මොක ගත්තත් බිල් චෙක් කරනවා බඩු අරගෙන ගෙදර එන්න කලියෙන්. මම ක්ලොගාඩ් ටූත් පේස්ට් 200 g ලොකු ටියුබ් එකක් ගත්තා ඒ බඩු ටික අතරේ. කොහොම හරි මම කාගීල්ස්, කීල්ස් සුපර් වලින් බඩු ගන්නවනම් ගන්නේ ඔෆර්ස් බලලා ගණන් ලොකුවට අඩු වෙන අත්‍යවශ්‍යය බඩු විතරයි. නැත්නම් පුරුද්දක් හැටියට මාසෙටම ගෙදරට බඩු ගෙනියද්දි ගෙනියන්නේ තොග කඩෙන්. ක්ලොගාඩ් 200 g එකේ හරි මිල රුපියල් 155 ක්. නමුත් NEXUS කාඩ් එකට රුපියල් 116 ක් මේ ටිකෙ. කොහොම හරි මම ගත්තේ එක ක්ලූගාඩ් එකයි. කැශියර් එකෙ හිටපු කෙල්ල බිල දාලා ක්ලොගාඩ් දෙකකට. කාර් එකෙන් බැහැල ගිහින් ඒකිට බිල පෙන්නුවම තමයි ඒකිත් දැක්කේ. ඊට පස්සේ මේකි බෙල් එක ගහලා වෙන එකෙක්ට අඬ ගහලා මයින්ස් බිලක් දාලා මට මුදලින් 155 ක් දුන්නා. මම කිව්වා ඒකිට මිස් ඕකට මට චාජ් උනෙ 116 ක් ඔෆර් එක නිසා ඔයා 155 ක් දීලා ඉතිරි ටික අතින් ගෙවාගන්නයි වෙන්නේ බැලන්ස් කරද්දි ඒ නිසා හරි ගාන දෙන්න කියලා. පස්සේ ආයේ බෙල් එක ගහලා කලින් කෙනාට අන්ඩ ගහලා ආයේ 155 ක බිලක් දාලා ඊකෙම 116 ක මයිනස් බිලක් දාලා අතින් රුපියල් 116 ක් දුන්නා.
පස්සේ වෙච්ච සීන් එක නිසා ආයේ කාර් එකට ඇවිත් මුල ඉඳන් ආයේ චෙක් කලා. මම තව ගත්තා ප්‍රීමා නූඩ්ල්ස් ලොකු පැක් දෙකක්. කැශියර් එකේ එකී ඒ දෙකට බිල් එක දාලා නැහැ. පස්සේ බඩු ටික මම කාර් එක ඇතුලෙම චෙක් කලා මුන් නූඩ්ල්ස් දෙක දාලද කියලා. ඒ දෙක දාලා නමුත් බිල් එකට දාලා නෑ. ෆ්‍රී ගිෆ්ට් එකක්. ඕක එක්ක ගෙදර යන්නත් තිබ්බා ඒ උනාට හිතට ඒක දරාගන්න බැරි නිසා සහ පුක අම්බානෙට කසන නිසා ආයේ බැහැලා ගිහින් මම ඇහුවා ඒකිගෙන් මිස් ඔයාට අද මොකක් හරි මැන්ටල් අවුලක් තියෙද කියලා. පස්සේ ඒකි ඇයි සර් බිල් එක හරි නෙ කිව්වම මම නූඩ්ල්ස් දෙකට බිල් කරලා නෑ කියලා ඒකට වෙනම බිලක් දාලා ඒකටත් සල්ලි ගෙවාගෙන ආවා.ඔය කිසිම දෙයක් උනාට මම ඒකිට වචනෙකින්වත් බැන්නෙවත් තග දැම්මෙවත් නෑ.
මෙච්චරයි කියන්න තියෙන්නේ. ඔව්වා වල රස්සා කරන්නේ අහිංසක කොල්ලො කෙල්ලෝ. උනුත් මිනිස්සුනේ human errors එන්න පුලුවන්.එහෙමයි කියලා එවල මැනේජර්ට කියන්නවත් එතන සද්දෙ දාන්නවත් යන්න එපා. අන්තිමට ඒකගේ ජොබ් එකට කෙලවෙන්න පුලුවන්. ඇතිවෙන්න සල්ලි තියෙනම් ඔව්වා වල කට්ට කන්න කොල්ලෝ කෙල්ලෝ එන්නේ නෑ නේ බං.උන්ගෙන් වෙන ඒ හියුමන් error එක එක්කෝ තොපිට පාඩුවක් වෙන්න පුලුවන්, වාසියක් වෙන්න පුලුවන්. මහන්සි වෙලා හොයන සල්ලි නිකරුනේ පුදන්න එපා. ඒ නිසා හැමතිස්සෙම ඒ වගේ තැනකින් බඩු ගත්තම යන්න කලියෙන් බඩුටිකයි මිල ගණන් ටිකයි චෙක් කරපන්. උන් වැඩියෙන් බිල් කරලා නම් ඒ වෙලෙම සල්ලි ඉල්ල ගනින්. උන මිස්ටේක් එකක් නිසා අඩුවෙන් බිල් වෙලා උඹලට වාසියක් වෙලා නම් එතනදි කරන්න ඕනේ දේ උඹලා තීරණය කරගනින් ඒකටත් බිල් කරගන්නවද නැත්නම් ශේප් එකේ වාසිය අරන් ගෙදර යනවද කියලා තමුන් කරන දේ තමුන් මැරෙද්දි ගෙනියන නිසා.
එහෙනම් ජය වේවා....