මන් මේ ගැන පට්ට artical එකක් කියෙව්වා මව්බිම පත්තරේ රස්තියාදුකාරයා කියලා කෑල්ලක් යන්නේ, අන්න ඒකේ දවසක් දාල තිබ්බා නන්දා මාලනී කියන රන් කෙන්දෙන් බැද කියන සිංදුව ගැන පොඩි විග්රහයක්.
රන් කෙන්දෙන් බැද
අතගිලි එක් කල ආදරයයි
පෙම් රැහැනින් බැඳ
සිතුම් වසඟ කල ආදරයයි
කිරිල්ලිය සේ දුර පියාසලාලා
අත්තටු රිදුනා පමණයි
දෑත විදාහල දෑත මගේ
ඔබටත් ඔහුටත් උරුමයි
හිරු සඳු එකවර දෙපස නැගේ
කරුවල ඇයි විජිතයම මගේ
රන් කෙන්දෙන් බැද ..
කනාටු සුළගේ දුහුල් මලකි අද
වල්මත් වී පාවෙන්නේ
ඔබගෙන්දෝ ඔහුගෙන්දෝ
මා හෙට දින සමුගන්නේ//
ඒකේ කියල තිබ්බා හැම ගෑණියක්ම පිටට නොපෙන්නුවට perfect පිරිම්යෙක් බලාපොරොත්තු වෙනවා කියල. එහෙම මිනිස්සු මේ ලෝකේ නෑ. ඉතින් තමාව පාලනය කරගන්න බැරි ගෑණු දැන් ඉන්න සහකාරයගෙන් ඉවත් වෙලා මෙයාට වඩා අලුත් එක්කෙනා හොඳ ඇති කියලා හිතාගෙන
අලුත් එකකට මාරු වෙනවා. එතකොට එයාට තේරෙනවා අලුත් පිරිමියත් පරිපූර්ණ නෑ කියලා. එතකොට සමහර අය තව එකකට මාරු වෙනවා,
මේ ගීතය චිත්රපට ගීතයක්. අර artical එකේ ඒ චිත්රපටියේ චරිතත් අදාල කරගෙන ලස්සනට ඔය සිද්ධිය පැහැදිලි කරල තිබ්බා.