Kenny_G_දිවයිනට

signshop

Well-known member
  • May 30, 2011
    12,149
    8,815
    113
    Dubai
    ග්‍රැමී සම්මානලාභී සැක්සෆෝන වාදන ශිල්පී කෙනී ජී දිවයිනට (EXCLUSIVE)

    ග්‍රැමී සම්මානය දිනූ සැක්සෆෝන වාදන ශිල්පී කෙනී ජී (Kenny G) අද පෙරවරුවේ දිවයිනට පැමිණියේය.

    ඔහු අද රාත්‍රි 8.00ට නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වෙන විශේෂ ප්‍රසංගයකට එක් වීමට නියමිත ය.





    කෙනී ජී යනු සැක්සෆෝනයෙන් ලොවක් වසග කළ අග්‍රගන්‍ය සංගීත නිර්මාණ ශිල්පියෙකි.

    තමන්ට අනන්‍ය වූ සැක්සෆෝන වාදන රටාවක් ඔස්සේ ලොව පුරා ප්‍රේක්ෂක ආදරය දිනාගත් මේ සුවිශේෂි වාදන ශිල්පියා 1994 වසරේදී ග්‍රැමී සංගීත සම්මානයෙන් ද පිදුම් ලැබීමට සමත් විය.

    ඒ, ඔහුගේ ෆොරේවර් ඉන් ලව් සංගීත නිර්මාණය වෙනුවෙනි.

    ස්වකීය සංගීත නිර්මාණ මෙන්ම ලෝක සංගිතයේ ප්‍රවීනයන් සමග ද සංගීත නිර්මාණය රැසක් ලොවට දායාද කළ කෙනී ජී ගේ සංගීත අත්දැකීම අද රාත්‍රියේදී නෙළුම් පොකුණ රඟහලට පැමිණෙන ශ්‍රී ලාංකිය සංගීත ලෝලින්ට අත්විඳිය හැකිය.




    Kenny-G-1.jpg


    Kenny-G-8.jpg


    Kenny-G-6.jpg
     
    Last edited: