ඔයාලා කවුරුත් දන්නවා kingdewi ගැන. kingdewi කියන්නේ අපේ එලකිරි පවුලේ ඉන්න පැරණිම සාමාජිකයෙක්. ඕනෑම අවස්ථාවක එලකිරි එකේ කාටහරි උදවුවක් එහෙම ඕනෑ වෙච්ච වෙලාවට කිසි පැකිලීමක් නැතුව තමන්ට පුළුවන් උපරිමෙන් උදවු කරපු අපේම අයියා කෙනෙක්. kingdewi මගේ යාලුවෙක් උනේ අහම්බෙන්. මට ජීවිත කාලෙටම අමතක නොවෙන උදවුවක් kingdewi අයියා මට කලා. කලිනුත් මගේ ත්‍රෙඩ්ස් වල මම එයාට ස්තුතියි කළා. kingdewi අයියා දැන් මගේ හොඳම යාලුවෙක්. ඒවගේ කෙනෙක් මට එලකිරි එකෙන් හම්බවෙච්ච එක ගැන මම ගොඩක් සන්තෝස වෙනවා.
කට්ටිය බලනවා ඇති මම මේ මොකක් ගැනද කියන්න යන්නේ කියලා.
kingdewi කියන්නේ බොහෝම පළපුරුදු හෙද නිළධාරියෙක්. රජයේ ලොකු රෝහලක තමයි අයියා සේවය කරන්නේ. දවසක් මම ඇහුවා kingdewi අයියාගේ උසස්පෙල ප්‍රතිඵල. මටම පුදුමයි එයාට එයාගේ දිස්ත්‍රික්කය අනුව වෛද්‍ය විද්‍යාලයට යන්නට පුළුවන් තරමේ ප්‍රතිඵල තිබුනා. මම ඇහුවා ඇයි මචං මෙඩිකල් කොලේජ් යන්න පුලුවන් කම තියාගෙනත් නොගියේ කියලා. එය දුන්නේ සරළ උත්තරයක්. "උඹට කෝච්චි වගේ තමයි මට නර්සින්. මට පොඩි කාලේ ඉඳලා ඕන උනේ ලෙඩ්ඩුන්ට සාත්තු කරන්නයි"
kingdewi අයියාට හොඳට ලියන්න පුලුවන්. ගොඩක් වෙලාවට එයා ලියන කවි වගේ දේවල් ඔයලා දැකලා ඇති. ඒත් අද මම පෙන්නන්න යන්නේ එයාගේ සත්‍ය ජීවිතයේ අත්දැකීම්. මේවා එයාම ලියපුවා. මේ කතා එකින් එක කියවන්න. කියවගෙන යනකොට තේරෙනවා එයාගේ රස්සාවේ තියන බරපතලකම. කොච්චර අමාරු රස්සවක්ද එයා කරන්නේ කියලා මට හොදින් තේරුම් ගියා. ඒවගේම එයා තමන්ගේ වෘත්තිය රාජකාරි අකුරටම ඉටුකරන විශිෂ්ඨ හෙද නිළධාරියෙක්.
තව දෙයක් කියන්න ඕනෑ. මේ හැම කතාවකින්ම ඔයාලාගේ ජීවිත වලටත් එකතු කරගන්නට යමක් තියනවා. ඒක තමයි වටිනාම දේ. හිතට වදින විදියට කතා එකින් එක kingdewi අයියා ලියලා තියනවා. ඒ එයාගේ ලිවීමේ හැකියාව.
ත්‍රෙඩ් එක කියවලා බලන්න. මේ කතා වල සම්පූර්ණ හිමිකාරයා kingdewi අයියා. සම්පූර්ණ ගෞරවය එයාට හිමි වෙන්න ඕනා. ඔයාලාගේ අදහස් දැන ගන්නට කැමතියි.
මේ දේවල් ඔක්කොම එයාගේ පුද්ගලික අත්දැකීම්
කියවලා බලන්න. දිගයි වගේ තේරෙයි. ඒත් පාඩුවක් වෙන්නේ නෑ කියලා මට විශ්වාසයි. එච්චරටම අපූරු හිතට වදින කතා ටිකක්
..............................................................................
Reply From kingdewi
ඔන්න මම දැනුයි වැඩ ඇරිල ආවෙ..
මේ සේරම පෝස්ට් මගෙ බ්ලොග් එකේ ඒව..පෙරේරා මල්ලි නොහොත් අපේ Mr Perera මගේ සම්පූර්ණ අවසරය ඇතුව තමයි මේව එළකිරියෙ දැම්මේ.
බ්ලොග් ලින්ක් එක දැම්මෙ නැත්තෙ එළකිරියෙන් ට්‍රැෆික් අද්දගන්න\ස්පෑම් කරන්න අවශ්‍ය නැති හින්දයි.
ඔයාල ඔක්කොගෙම කමෙන්ට්ස් මට ලොකු හයියක්.. ශක්තියක්..!!
මගේ කතාවලින් ඔයාලට යමක් ගන්න තියෙයි නම් ඒක තමයි මගේ එකම සතුට
හැමෝටම ජයවේවා..!!!

ආදරයක මහිම.....
මේ සිද්දිය වෙලා දැනට අවුරුදු හතරක් විතර ඇති. එදා වාට්ටුව ටිකක් නිදහස්. දවල් දෙක හමාරට තුනට විතර ඇති, ඔන්න වේගෙන් ආපු ත්‍රී විලර් එකක් අපේ වාට්ටුව ලඟ නැවැත්තුව. ඒකෙ ඇරන් ඇවිත් හිටියෙ අවුරුදු දාසයක් දාහතක් විතර වයස කොල්ලෙකුයි, කෙල්ලෙකුයි. මුන් දෙන්න මොකක්ද ආදර හුටපටයකට වහ බීල. කෙල්ලව ගෑණු වාට්ටුවට යවල, කොල්ලව ඇඳකට අරන් අපි ලහි ලහියෙ මුගෙ ජීවිතේ බේරගන්න දැඟලුව. මිනිහ අවසිහියෙන් වගේ හිටපු හින්ද කටින් ලොකු බටයක් ආමාශයට දාල වතුරෙන් බඩ සෝදල දාන්න සිද්දවුනා ( Gastric Lavage ). ඒ අතරෙ මෙයාලව එක්කන් ආපු රන්චුව මුන් දෙන්න බීපු වහ බෝතලේ හොයාගෙන ආව. හ්ම්..නරක නෑ බීල තියෙන්නෙ "පැ******", ඒව බීපු කිසිම කෙනෙක් මෙතෙක් මේ ලෝකෙ බත් කන්න ඉතුරුවෙලා නම් නෑ. තේ හැන්දකින් තුනෙන් එකක් ඇති වැඩිහිටි පිරිමි කෙනෙක්ගෙ ජීවිතේ නැතිවෙන්න.
මේව බීවම බඩේ ආන්ත්‍රික යුෂත් එක්ක එකතුවෙලා කොළ පාටක් ගන්නව. කොල්ලගෙ බඩෙන් සෝදල දාපු වතුරත් කොළ පාටයි..ම්..ම්..ඒත් මගෙ අත්දැකීමෙන් මට නිකන් සැකයක් වාගෙ හිතුන මොකද ඒව කොළ පාටට තෙල් වගේ ඇදෙන සුලු ගතියකුත් තිබුන නිසා. ඒත් සමහර විට ආමාශයෙ සෙවෙල( ශ්ලේශ්මල/ Mucus )ගතිය පිටට ඇවිත්ද කියලත් හිතුන.කොහොම හරි පැයකට විතර පස්සෙ කොලුවට හොඳට සිහිය ආව. අපි අනුමාන කළා මූ නම් බීල තියෙන්නෙ පැ****** නෙවෙයි කියල.
ඔය අතරෙ මම ගැහැණු වාට්ටුව පැත්තෙ ගියා වහ කේස් එකේ අනික් පුරුක බලන්න. මම යනකොට ඒ අසරණ ළමයගෙ හුස්ම ටික ගිහින්, දරඳඩු වෙච්ච සිරුර පරවුන මලක් වගේ ඇඳක් උඩ දාල තිබුන. ජීවිතය බේරගන්න දඟලපු කාර්ය මණ්ඩලයෙත් මූණු මැළවෙලා ගිහින්...ඇත්ත පැ****** හරිම දරුණුයි, ඉස්සෙල්ල කීව වගේ චුට්ටක් ඇඟට ගියොත් ඉවරයි.
දැන් ඔයාලට ඇතිවෙච්චි ප්‍රශ්නෙ මටත් ආව..කොල්ල බේරිල කෙල්ල මැරුනෙ කොහොමද? මම අපේ වාට්ටුවට ආපහු එනකොට මෙන්න අපේ කොලුව ඇඳ උඩ ඉඳගෙන හෙම ඉන්නව. මම ගිහාම මිනිහ අහනව "අරයට කොහොමද?" කියල..මම ඒකට උත්තර නොදී
"තමුසෙල මොනවද බීවෙ?" කියල ඇහුව..
මනුස්සය කියනව "වල් බෙහෙත් බිවුව" කියල....මම ටිකක් සැරවෙලා ඇත්ත නොකීවොත් පොළීසි දානව කියල මූව බය කළා.
මූ කීවෙ මොකක්ද දන්නවද?...කඩෙන් වස බෝතලෙත් එක්ක මේකා ත්‍රී වීලර් වලට දාන ටූ-ටී ඔයිල් බෝතලේකුත් ගෙනල්ල. දෙකම කොළපාටනෙ, මේ නරිය මේ දෙක වෙන වෙනම වීදුරු දෙකකට දාල කෙල්ලට වස පොවුවල, මූ ටූ-ටී බීල. ඒකයි අර අහින්සකී මැරිල මූ ඉතිරි වෙලා තියෙන්නෙ.
ඔන්න පිවිතුරු ආදරේ........මම නම් හිතන්නෙ මේ වගේ පාහරයෙක් එක්ක ජීවත් වෙන්න අර අහින්සක මෝඩ කෙල්ල ජීවත් නොවුණු එකම වාසනාවක් කියල.
( වස වර්ගයේ නම ලිවුවෙ නැත්තෙ..නරක ආදර්ශයක් යන්න පුලුවන් නිසයි.)

Last edited: