රංග ජායාරූප ශිල්පියෙක්. වයස විස්සක විතර හොඳ කඩවසම් කොල්ලෙක්. මේ කියන දවසෙ එයාට මඟුල්ගෙදරක ජායාරූප ගන්න පැවරිල තිබුන. සීතල කඳුකරයෙ හෝටලයක තමයි මේ උත්සවය තිබුනෙ. දවසම එහෙට මෙහෙට දුවල පැනල තමන්ගෙ වෙහෙසකර රාජකාරිය නිමා කළාට පස්සෙ කෑමත් එක්ක පුංචි මධුවිත උගුරකින් සප්පායම් වෙන්නත් රංගට අවස්ථාව ලැබුන.
ඒවයින් මේවයින් පස්සෙ රංග සුඛෝපභෝගී බස් රථයක අසුනකට බර දුන්නෙ ඉක්මනින් ගෙදර යන්න හිතාගෙන. ජංගම දුරකථනය අතට ගත්තු රංග මීළඟට නිමන්තිට ඇමතුමක් ගත්ත. නිමන්ති තමයි රංගගෙ පෙම්වතිය. මේ දෙන්න ලබන මාසෙ විවාහ වෙන්නයි ඉන්නෙ. ඇමතුම නිමාකරපු රංග නිමන්තිගෙ ලස්සන රූපය නෙතුපියන් යට තියාගෙනම පුංචි නින්දකට වැටුන.
එයාට හදිස්සියෙම ඇහැරුනේ කර උඩ කවුරුහරි නිදාගෙන ඉන්නව වගේ දැනුන හින්ද. ආ...කවුද මේ...? ලස්සන ගෑණු ළමයෙක්..හැබැයි ටිකක් විතර රංගට වඩා වයස පාටයි. ඒත් එයා හිනාවෙනකොට හරිම ලස්සනයි කියල රංගට හිතුන.
හාත්පස තිබුන සුවදායී හීතලත් එක්ක රංගගේ හිතට පුංචි උණුසුමක් මෝදුවෙන්න පටන් ගත්ත. සුහද වචන කීපයක් දෙපසට හුවමාරු වෙද්දි දෙන්නටම හිතුනෙ කාළයක් අඳුරගෙන හිටිය වගේ කියල. බස් රථය වේගයෙන් ඉදිරියට ඇදෙද්දි රංගයි අර ගෑණුළමයයි දෙන්නත් සෑහෙන දුරක් බොහොම වේගයෙන් ගිහින් තිබුන. සෙනඟ වැඩිපුර නැති බස් එකේ නිදහස් සුවදායී පරිසරය මේ දෙන්නට අලුත් ලෝකයක් හදල දීල තිබුන. මෙයාලගෙ ක්ෂනික ප්‍රේමය මේ විදියට ගලාගෙන යද්දි............................................................................
.................................................. වේගයෙන් ආපු බස් එකක් මහ රෝහලේ ගේට්ටුවෙන් ඇතුලට ආව. සිහි මද ගතියකින් හිටපු තරුණ ගෑණුළමයෙකුයි, වේදනාවෙන් මරහඬ තලන තරුණ පිරිමි ළමයෙකුයි රෝහලට ඇතුලත් කලේ බස් එකේ කොන්දොස්තර මල්ලි. පිරිමි ළමය ඇඳන් හිටපු ක්‍රීම් පාට කළිසම ලේ වලින් පෙඟිල තිබුණ. මෙයා ශල්‍ය වාට්ටුවටයි, ගෑණු ළමය වෛද්‍ය වාට්ටුවටයි ඉක්මනින්ම මාරුකරල යැවුන.
අපේ පිරිමි ළමය ඒ කිවුවෙ රංගගෙ ඇඳුම් ඉවත් කරපු ඩොක්ටර්ස්ල එයාට මොකද වෙලා තියෙන්නෙ කියල බැලුව.......හ්ම්..මෙයාගෙ ලිංගේන්ද්‍රිය සම්පූරනයෙන්ම වාගෙ කැපිල, වෙන්වෙන්න ආසන්නයටම.පුංච් හම් කෑල්ලකින් තමා එල්ලිල තිබුනෙ. හරියට ලේ යනව. මෙයාව ඉක්මනින් ශල්‍යාගාරයට යැවුන. පැය දෙක තුනක සැත්කමකින් පස්සෙ ජීවිතේ බේරල, රංගව වාට්ටුවට එවුව. ඒත්...බොහොම දුක හිතෙන දෙයක් එක්ක....මොකක්ද දන්නවද?.......එයාගෙ ලිංගේන්ද්‍රිය නම් බේරගන්න බැරිවෙලා තිබුන. ඒ කිවුවෙ ඒක කපල ඉවත්කරල තමයි ලේ ගැලීම නතර කරල ජීවිතේ බේරගන්න සිද්දවෙලා තිබුනෙ.
එතකොට බස් එකේදි මොකද මෙයාලට වෙලා තිබුනෙ. ඒක කොන්දොස්තර මල්ලිගෙන් දැනගත්තෙ.
බස් එක ගමනාන්තෙට කිට්ටුවෙද්දි පිටිපස්සෙ ශීට් එක පැත්තෙන් ලොකු කෑ ගැහිල්ලක් ඇහිල තියනව. ඉක්මනින් ගිහින් බැලුවම ගෑණු ළමයෙක් දත කට පූට්ටුවෙලා කටින් සෙම දාගෙන අපස්මාරෙ හැදිල වෙවුලනවලු. පිරිමි ළමයගෙ ලිංගේන්ද්‍රිය මෙයාගෙ තදින් පියවෙච්චි කට ඇතුලෙ හිරවෙලා තමයි තිබිල තියෙන්නෙ. ඉතින් ගොඩක් අමාරුවෙන් තමයි කට ඇරවල තියෙන්නෙත්.පස්සෙ තමයි රෝහලට ගෙනත් තියෙන්නෙ.
ඔය අපස්මාරෙ, නැත්නම් මීමැස්මොරේ තියන අයට එකපාරටම බය වුනාම , නැත්නම් දැඩි හැඟීමක් දැනෙන වෙලාවක වගේ මානසික තත්වයකදි එයාළගෙ රෝගය උත්සන්න වෙන්න හැකියාවක් තියනව.
වෛද්‍ය වාට්ටුවට දාපු අර ගෑණු ළමයනම් කාලෙක ඉඳන් අපස්මාරෙට බෙහෙත් ගන්න කෙනෙක්. ඒත් අමතක වීමකින් එදා දවසෙ එයා බෙහෙත් බීල ඉඳල නෑ. ඒකයි ලෙඩේ මතුවෙලා තියෙන්නෙ.
කතාව ඉවරයි..රංග ඇඬූ කඳුලෙන් අප හමුවේ තිබ්බ කතාව තමයි මම ඔයාලට කිවුවෙ.
ඉතින් මේවගෙ දේවල් කරන්න එපා කියල අපට කියන්න අයිතියක් නැහැනෙ. ඒක තමුන්ගෙ පෞද්ගලිකත්වයනෙ. ඒකයි මම කිවුවෙ තමන්ගෙ චරිතය, කල්ක්‍රියාව තම තම නැණ පමනින් රැක ගත යුතුයි කියල.(පුද්ගල නාමයන් මනඃකල්පිතයි..අද කතාව පොඩ්ඩක් වෙනස් විදියට ලියන්න උත්සහ කළා..ඒ ගැනත් ඔයාලගෙ අදහස් කියන්න..)