Kirigalpoththa Hike

guyzon

Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    Kirigalpoththa Hike - Horton Plains

    හැමෝම හෝර්ටන් තැන්නේ ගියාට ගොඩක් දෙනෙක් අහලවත් නැති කන්දක් තමයි කිරිගල්පොත්ත කියන්නේ.
    ඒත් මේක තියෙන්නෙත් හෝර්ටන් වලමයි.


    කිරිගල්පොත්ත කියන්නේ ලංකාවේ දෙවෙනියට උසම කන්ද. මුහුදු මට්ටමේ සිට මීටර් 2388ක් වගේ උසකින් තමයි තියෙන්නේ. කවුරු හරි හෝර්ටන් යනවා නම් අනිවා කිරිගල්පොත්ත කන්දටත් යන්න.
    මොකද ඒ යන ගමන ඇත්තටම සුන්දරයි. තැනිතලා, කඳු, පල්ලම්, ඇළ පාරවල්, වගුරු, ගල් පහු කරන් පාර හොයාගෙන යන්න තියෙන්නේ.
    හෝර්ටන් ඔෆිස් එක ගාව checkpoint එකෙන් දකුණු පැත්තට ගියාම තමා කිරිගල්පොත්ත තියෙන්නේ. කෙලින්ම ගියාම හෝර්ටන් තැන්න සහ ලෝකාන්තය තියෙන්නේ.

    ඔන්න ඉතින් අපිත් 2017 නොවැම්බර් මාසේ ගියා කිරිගල්පොත්ත කන්ද නගින්න. අපි ඔක්කොම 10 දෙනෙක් ගියා.

    අපි කොටුවෙන් රෑ 8ට තියෙන කෝච්චියේ තමා ගියේ සීට් බුක් කරලා. බැස්සේ පට්ටිපොළ ස්ටේෂමෙන්. පට්ටිපොලින් බහිද්දී උදේ පාන්දර 4ට විතර ඇති.
    අම්මෝ පට්ට සීතලයි ඉතින් අනික කට්ට කරුවලයි :growl:


    1tTqvvT.png


    ස්ටේසමේ තියෙනවා පොඩි රෙස්ට් රූම් එකක්. ඉතින් ඕකට වෙලා සැන්විච් ටිකක් හදාගෙන කාලා දත් එහෙම මැදලා ලෑස්ති උනා. එළිය වැටෙනකන් කරන්නත් දෙයක් තියෙන්න එපැයි :P

    එළිය වැටුනම අපි එතනින් කැබ් එකක් රෙන්ට් එකට අරන් හෝර්ටන් වලට ගියා. හෝර්ටන් entrance එකට යද්දී උදේ 8ට වගේ ඇති.
    හෝර්ටන් තැන්නට යන පාර තනිකර මීදුමෙන් වැහිලා උදේ නිසා.


    tUj0H4C.png


    හෝර්ටන් ඇතුල් වෙන තැනදී එන හැමෝම පිළිගන්න ඉන්නේ මෙන්න මෙයා තමයි :)

    OUjU0wI.png


    APnFKvp.png


    ඔන්න ඉතින් උදේ 9ට විතර අපි අපේ ගමන ආරම්භ කළා.
    පහළින් තියෙනවා කිරිගල්පොත්තට යන ගමන් ගත්ත පින්තූර. පොඩි අඩි පාරවල් තමා තියෙන්නේ යන්න.


    ohnwM2q.png


    BVGARID.png


    nuLdmMC.png


    N9axI8d.png


    dBHoji9.png


    jpRpju5.png


    uEL2dDe.png


    QZ19dT6.png


    9sNVBq0.png


    B0y1OSn.png


    qmmiH2z.png


    5B5433v.png


    ඔහොම ඔහොම ඇවිත් ඔන්න අන්තිමේ අපි කිරිගල්පොත්ත කන්ද මුදුනටම ආවා.
    මුදුනේ ඉඳන් පේන්නේ මෙහෙමයි.


    wZ3FBUg.png


    RFK7mO2.png


    මුදුන කිව්වට කිරිගල්පොත්තෙ කඳු කෑලි දෙකක් තියෙනවා. අනිත් එක තමා උසම.
    ඒකට නගින්න නම් කඹ දාන්න වෙයි. තනි කෙලින් තියෙන්නේ. :baffled:


    XEctjDJ.png


    හෝර්ටන් ඇතුල්වෙන තැන ඉඳලා කන්දට කිලෝමීටර් 7 ක්ද කොහෙද තියෙනවා මතක විදියට. යන්නයි එන්නයි කිලෝමීටර් 14යි. මුළු ගමනට පැය 8ක් වගේ ගියා අපිට.

    එද්දී තමා මරු වැඩක් උනේ. තැනිතලා හරියේ අඩි පාරවල් එක එක පැති වලට ගොඩක් තියෙනවා. ගෝන්නු, වල් ඌරො, දිවියෝ වගේ උන් ගිහිල්ලා.
    කට්ටිය අතරමං උනා එන ගමන් පාර වැරදිලා. කොහොමහරි පාර තිබ්බේ තැන්නෙන් ඇවිත් කැලෑව ඇතුළෙන් යන්න. කට්ටියක් කැලෑව ඇතුළට ගියා පාර හොයාගෙන.
    තව සෙට් එකක් තැන්න දිගේ එහෙන් මෙහෙන් ගිහින් කැලෑව ඇතුළට ගියා. මමයි තව එකෙකුයි විතරයි ඉතුරු උනේ.
    අපි දෙන්නට කොහෙන් බැලුවත් කැලෑව ඇතුළට යන්න පාරක් පෙන්නේ නෑ.
    අනිත් උන් ටික පේන්නත් නෑ. කරන්න දෙයක් නැති කමට තැන්න දිගේම ගියා ඉස්සරහට මඩේ එරී එරී වලවල් වල වැටි වැටි :rofl::P
    අන්තිමට හෙන දුරක් ගිහින් හරි පාරට සෙට් උනා. හැබැයි ඉතින් මඩ නාගෙන :(

    ඔය තියෙන්නේ අතරමං වෙලා තැන්න දිගේ යන ගමන් :baffled:


    XJIwebr.png

     
    Last edited:

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    Kirigalpoththa Hike - Horton Plains

    අපි හවස 4.30 වගේ වෙද්දී ආපහු හෝර්ටන් ඔෆිස් එක ගාවට ආවා.
    අපි රෑට නතර වෙන්න Camping site එකක් බුක් කරලා තිබ්බේ.
    ඉතින් බඩු ටිකත් අරන් කට්ටියම ආපහු ගියා බුක් කරපු camping site එකට.
    ගිහින් අපි ගෙනාපු ටෙන්ට් ටිකත් ගැහුවා.


    fx34Tjy.png


    8OZOa4r.png


    Checkoint එකෙන් යද්දී සේරම බලනවා අරක්කු, සිගරට් එහෙම ගෙනියන්න බෑ. රෑට සීතලේ නිකන් ඉන්නත් බෑනේ අනික කොල්ලොනේ ගියෙත්.
    ඉතින් අපි බෝතලයක් අරන් sprite මෙගා බෝතලේකට පුරවලා අනිත් වතුර බෝතල් ටිකත් එක්ක තියලා අරන් ගියා :rofl:

    අපි රෑට කන්න නූඩ්ල්ස් තමා හැදුවේ. ඔතන තමා පට්ටම සීන් එක උනේ.
    නූඩ්ල්ස් තම්බන්න වළඳට වතුර දානකොට උට අමතක වෙලා අරක්කු දාපු බෝතලෙන් බාගයක් හලලා වළඳට :no:
    දැන් ඉතින් විසික් කරන්නත් බෑ අපරාදෙනේ :angry: අමද්‍යප සෙට් එකත් මුණ කට හෝදගන්න camp site එක අයිනෙන් යන ගඟට ගිහිල්ලා.
    ඒක නිසා මං කිව්වා ඕකට ඔහොම්ම වතුර දාලා ලිපේ තියපන් කියලා :P
    කොහොමහරි අන්තිමට කට්ටිය අරක්කු දාලා තම්බපු නූඩ්ල්ස් කෑවා රසයි කිය කිය :lol: කාලා ඉවර උනාට පස්සේ තමා අපි කිව්වේ මෙහෙම සීන් එකක් උනා කියලා :rofl:


    කාලා ඉවර වෙලා කට්ටිය තමන්ගේ ටෙන්ට් වලට ගියා අපිත් ඉතින් අපේ ටෙන්ට් එකට ගිහින් අර ඉතුරු වෙච්ච බාගේ ගහන්න සෙට් උනා.
    බෝතලේ කටේ තියන්ම ගහලා දැම්මා කට්ටියම සීතල නිසා දැනෙන්නේවත් නෑ :dull:

    අපිට ටෙන්ට් වලට rain covers ගේන්න අමතක උනා. රෑට වැස්සා ටිකක් සැරට.
    ආයේ කියන්න ඕන නෑනේ ෆීලින්ග් එක :( ටෙන්ට් ඇතුළට වතුර උණලා බෑග් තෙමිලා රෙදිත් තෙමිලා අපිත් තෙමිලා එළි වෙනකන් ඔක්කොම උන් ඇහැරන් සීතලේ හිටියා :sorry::P

    ඊළඟ දවසේ උදේ අපි නුවරඑළියේ Victoria Park එකටයි Gregory Lake එකටයි ගියා. ඊටපස්සේ රෑ 8ට එහෙන් තියෙන nigh mail එකේ ආපහු කොළඹ ආවා.
    8ට කිව්වට කෝච්චිය එද්දී රෑ 12යි :(
    ඔන්න ඔහොමයි අපේ Kirigalpoththa Hike එක :):)
     
    Last edited:

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    නියමයි මචං..!අපිත් ගියා දෙසැම්බර් 17..අපේ set එකකටත් පාර වැරදුනා බන්.rep දුන්නා..
     
    Last edited:
    • Like
    Reactions: guyzon

    Asiththa

    Active member
  • Apr 1, 2008
    398
    38
    28
    Kandy
    Machan

    mama next week kellath ekkayanna inne..
    ehema yanna puluwanda?
    Guid kenek oneda?
    Saththu ehema godak innawada? bayanakada?
    Ohiya to Horton thanna 3 wheel charges ehema kohomada?
     
    • Like
    Reactions: guyzon

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Patta.

    Machan hiking trail eka thiana map ekak thiyanawada. Anith eka camp karana tent hire karanna puluwanda.
     
    • Like
    Reactions: guyzon