KKK~කන්නුම්

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    තමන්ටම කියලා හොද රස්සාවක්, ඒ වගේම තමන්ටම කියලා වාහනයක් තියෙන කොට
    කෙල්ලෙක් ව අල්ලා ගන්න අමුතුවෙන් ගේමක් දෙන්න වෙන්නේ නෑ නේ.
    ලේසියෙන් තමන්ගේම කර ගන්න පුලුවන්.


    ඒ වගේම අපි කාලයක් ඒ කෙල්ලට නොදැනි ආදරයක් බලාපොරොත්තුවෙන් ආදරය කරලා ඒ කෙල්ලගෙන්
    ඒ ආදරයට හොද ප්‍රතිචාරයක් ලැබුනා නම්, ඊට වඩා වෙන දෙයක් නෑ..

    මේ කතාවේ හැටියට ඒ ආදරය සුන්දරව ගලාගෙන යද්දි අතේ තියෙන හැම මුදලක් ම නැති වෙන්නේ තමන්ටත් නොදැනුවත්වයි.
    ඒත් මේ ආදරවන්තයා තම ආදරවන්තියට තමාගේ රස්සාවේ ඇත්ත ස්වරූපය තේරුම් කර තිබ්බේ නෑ.
    තමන්ගේ ආදරවන්තයා හොරෙක් කියලා දැන ගත්තාම කොයි කෙල්ලද ඒ කොල්ලාට ආදරය කරන්න හිතන්නේ.​

    ඒ ආදරවන්තයා තමාගේ හොද මිතුරාත් ඒක්ක ඔන්ලයින් ගණුදෙනු වලින් කරන වංචාවෙන් හොද මුදලක් එකතු කරගත්තා..
    අන්තිම ගේමෙන් වැඩේ පට්ටු වුනා කියලා දැන ගන්න ලැබුන නිසාවෙන්
    තව දුරටත් මේ වංචාව කරන්නේ නැතිව ජිවිතය හොදට ගෙවන්න,
    තමන්ගේම කියලා ව්‍යාපාරයක් තමාගේ ආදරවන්තියත් එක්ක, වෙනත් ගමකට ගිහිල්ලා ආරම්භ කරන්න හිතාගෙන ඒ අය වෙනත් ගමකට සංචාරය කරනවා.

    ඒ සංචාරය කරන්නේ ඒ හොරකමෙන් ලැබුන හැම මුදලත් එක්කමයි.
    ඒත් නොහිතු ආකාරයට ඒ මුදල් සහ තමාගේ ආදරවන්තිය අතුරුදහන් වෙනවා.


    තමන්ගේ හැම හීනයක් ම නැති වෙන්නේ තමන්ටත් නොදැනිමයි...
    ඒත් තමන්ගේ ආදරවන්තිය වගේම නැති වුන මුදල හොයන්න ලොකු මෙහෙයුමක් දියත් කරනවා..

    තමන්ට ඒ ආදරය වගේම ඒ මුදල් ලබා ගන්න පුලුවන් වෙයි ද...





    ( පින්තුරය මත ක්ලික් කිරිමෙන් චිත්‍රපටිය නැරඹිමට හෝ බාගත හැකිය. )
    579MB




    මේ චිත්‍රපටිය නරඹපු අපේ සහෝදර සහෝදරියන් ඇති,
    ඒ අයගෙනුත් මේ චිත්‍රපටිය ගැන දරණ අදහස දැන ගන්න කැමතියි...

    තවත් චිත්‍රපටියක් ගැන වෙන ත්‍රේඩ් එකකින් හමු වෙන්නම්...
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අම්මො බ0 උබ මෙච්චර කල් කොහෙද හිටියේ ?
    අවුරුදු කියකට පස්සෙද ආවෙ යකො ?
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අම්මො බ0 උබ මෙච්චර කල් කොහෙද හිටියේ ?
    අවුරුදු කියකට පස්සෙද ආවෙ යකො ?

    කොහෙද සහෝ, ඉස්සර වගේ ලොකු නිදහසක් නෑ දැන්..
    මේ දවස්වල කවුරුත් වගේ ගෙදර නේ, ඒ හින්දායි මේ පැත්තට ගොඩ වෙන්න ලැබුනේ. කොහොමද ඉතින්..