maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,852
    113
    colombo
    ජින්තුවා;19090280 said:
    හුට්ටෝ සින්ද්වක්කියල කියල ටාම්යි පකෝ අවේ.. සැපක් ගන්න එළකිරි එන්නේ අයි උබට පකඩ කියන්නේ

    :lol::lol: ගමෙ කසිප්පු කරය වගෙ නෙ. උබ නිඋඋව කියල අපිට පුකඩ :lol::lol:
     

    sat_12

    Well-known member
  • Sep 2, 2015
    2,234
    345
    83
    Kuliyapitiya
    නිර්ධන පන්තියේ අපෙ අත් පා වලට​

    ජීවන බර දැනෙයි මහතුනි උපරිමට ​
    සතියේ දින හතම වෙහෙසිය යුතු කලට​
    මත් පැන් පොදක් නම් නැතුවම බෑ අපට​

    ​
    ආතල් ගන්ට අපි කිසිදා බිවුවෙනැති​
    බිවුත් නොබිවු ගානට ඉන්නයි කැමතී​
    ඇඟපත වේදනා දුරු කරගන්ට සිතී​
    කසිප්පු බොන අපි දුප්පත් ගැමියො වෙතී​

    ​
    පිටරට බෝතලය ගන්නට සල්ලි නැත​
    සැන්ඩි කරලන්ට කෝලා, සෝඩ නැත​
    බීගෙන ලගින්නට රෙස් ටූ රන්ට් නොමැත​
    ගමේ අපිට කසිප්පු පමනකි සැපත ​

    ​
    නගරේ මහතුනේ ඔබටත් ඇහෙනවද ?​
    පිටරට බීම ඔබහට රස ඇති නේද ?​
    "කසිප්පු" යන වචනය අහලා ඇත්ද ?​
    ඒවා පෙරන සොයුරන් ගැන දන්නැද්ද ?​

    ​
    හිල් වූ සරම ඉණ වටකර දවටගෙන​
    දැලි පිහියක් බඳ පටියේ ගසාගෙන​
    පතරොම් තුවක්කුව අතකින් දරාගෙන​
    කසිප්පු පෙරති ගැමියන් දුක් ගෙවාගෙන​

    ​
    හිරු රැස් නොවැටෙනා මහ ගන වනේ මැද​
    ගහගෙන වාඩියක් රුදු වන සතුන් මැද ​
    ආතල් නොදන්නා නීතියෙ රැහැන් මැද​
    උන් කල් ගෙවයි දිවියත් මරණයත් මැද ​

    ​
    රතු වූ ඇසින් පොලීසියට මරම බයෙන්​
    නිදි මරමින් කැලේ මැද මදුරුවො තලමින්​
    උන් වගුරද්දී ලේ කඳුලැලි රට වෙනුවෙන්​
    පිට රට බීම බොයි ඔබ ඉඳගෙන හෙළුවෙන් ​

    ​
    සුදු රෙද්දෙන් තැනූ උඩු වියනක් බැඳලා​
    විල්ලුද පාවඩක් ගෙන පොළවට දමලා​
    සඳුන් දර දමා පතුලෙන් ගිනි දාලා ​
    කසිප්පු පෙරයි ඉහළම ප්‍රමිතින් යොදලා​

    ​
    තරු හතරේ පහේ හෝටල වල වැදිලා​
    පිට රටකින් ගෙනා බෝතලයක් කඩලා​
    මොනර සල්ලි කොළ සුද්දන් හට කවලා​
    ලොකු අය ඉඳියි රුපියල බල්ලට දාලා​

    ​
    ගමේ දේට ගැමියන් කවදත් ළැදිය​
    රටේ සල්ලි පිට රට නොයැවිය යුතුය​
    කසිප්පු පෙරීමට අතහිත දිය යුතුය​
    ෆුඩ් සිටි වලත් කසිප්පු විකිණිය යුතුය​

    ​
    කසිප්පු බොන අය නිරෝගි වෙනවාය​
    පිරිමි හිතට සවි බල ගෙන දෙනවාය​
    අපේ පැරැන්නන් මේ ලක් දෙරණේය​
    මහ වැවු තැනුවේ කසිප්පු වල සවියෙන්ය​
    පට්ට