උඹේ මේ කතාව කියවගෙන එද්දී මට උඹේ අඩු පාඩුවක් දැනුන. මම එක උඹට මෙහෙම ප්රසිද්දියේ ලිව්වට වරදවා හිතන්න එපා. උඹ සමහරක් වෙලාවට උඹට ආදරේ කරන උදවිය ගැන care කරනවා අඩුයි. උඹ උඹේ පලවෙනි පඩියෙන් උඹට පන වගේ love කරන කෙල්ලට මුකුත් අරන් දුන්නේ නැහැ . එහෙම අරන්දෙන්න උඹට හිතුනේ නැත්තේ හිත ඇතුලේ තියන මොකක් නමුත් අඩුපාඩුවක් හින්දයි.
උදාහරණයක් විදිහට මෙහෙම දෙයක් ලියන්නම්. තාත්ත කෙනෙක් එයාගේ කන්තෝරුවේ උත්සව අවස්ථාවකදී ලැබෙන රසකැවිල්ලක් එතැනදී නොකා ඒක ගෙදර අරන් ඇවිත් දරුවොන්ට දෙනවා. ඒ තාත්ත එහෙම කරන්න ඒ දරුවන් ගැන තියන අසීමිත ස්නේහය නිසා. උඹටත් උඹේ කෙල්ල ගැන අසීමිත ස්නේහයක් තිබුනානම් උඹට පලවෙනි පඩිපත ලැබුන ගමන් උඹට මතක් වෙන්න ඕන උඹේ හිත ඇතුලේ තදින්ම ආදරය කරන උදවිය. එහෙම හිතල උඹේ හිත අතුල විශ්ලේෂණය කරලා බලන්න.
මම හිතනවා KM උඹට ආදරේ කරපු තරමට උඹ KM ට ආදරේ කරෙකරන්නේ නැහැ කියල. එහෙම උනානම් ඔය වෙච්ච සිදුවීම් වෙනස් වෙන්න තිබුන ඔයිට වැඩිය. උත්සහ අරන් තියන දුර්වලකම් හදාගන්න. මම මේ ලිව්වේ මට දැනෙන දේ විතරයි . වරදවා හිතන්න එපා.