KWID,Z-100,ALTO,Panda

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මම නම් ගන්නෙ Z100 එක.. මෙන්න හේතු

    ඇල්ටො - ඇල්ටො කියන්නෙ හොද වාහනයක් තමා.. මේන්ටනන්ස් කොස්ට් එක අඩු පාට්ස් එහෙම තියෙන වාහනයක්. හැබැයි සැප පහසුව නම් නැහැ… මටත් ඇල්ටො එකක් තියෙනවා ඒක මම යූස් කරන්නෙ ඔෆීස් යන්න විතරයි. ලඟ දුවන්න කියාපු වාහනේ… තෙල් එහෙමත් කරනවා සාමාන්‍ය විදියට..

    පැන්ඩා - පැන්ඩා කියන්නෙ ඔය කියපු තුනේ තියෙන හොදම වාහනේ. සැප පහසුව ආරක්ෂාව හැම දේම හොදට තිබ්බට පාට්ස් එහෙම හොයා ගන්න අමාරු වෙයි. ඒක නිසා මේකගැන මම හිතන්නෙ නෑ…

    කිවිඩ් - කිවිඩ් කියන්නෙ ජෝක් එකක්… ඇල්ටො එක එක්ක වත් කම්පෙයාර් කරන්න බැරි වෙයි. මම අල්ටො එක ගන්න ගිය වෙලේ ඒ එම් ඩබ්ලිව් එකෙන් කිවිඩ් එකක් දෙන්නම හැදුවා.වාහනේ අදම උනත් ගෙනියන්න පුළුවන් කියලා.. ඒත් මට ඒක ෆීල් වුනේ නෑ… හැබැයි ඇල්ටො එකට වඩා පෙනුම තියෙන වාහනයක්. පොඩි ලස්සනක් තියෙනවා.

    Z100 එක - සැප පහසුව සීට් ආරක්ෂාව හැම අතින්ම හොදයි...ඉඩ කඩ තියෙනවා. කම්පැක්ට් කාර් එකක යන ෆීලින් එක එච්චරම දැනෙන්නෙ නෑ..අනික මැටීරියල් වල කොලිටි එක අනෙත් හැම එකටම වඩා හොඳයි… මම මේක නොගත්තෙ අල්ටො එක ගන්න කොට මේක ගැන කිසිම් අයිඩියා එකක් තිබ්බෙ නෑ...අන්ක ප්‍රයිස් එක සහ මට සෙකන්ඩ්‍රි කාර් එකක් විදියට රෆ් රයිඩ් එකකට හොදම ඇල්ටො කියලා හිතුන නිසා...ඊයෙ පෙරේදා ඇල්ටො එකේ අනුරාධපුරේ ගිහින් ආවා.. ඩ්‍රයිවින් ප්ලෙෂර් එක හොදයි ඇල්ටො එකේ.. ඒත් කොන්ද පොඩ්ඩක් රිදෙන්න ගන්නවා...
     
    • Like
    Reactions: samsri