signshop

Well-known member
  • May 30, 2011
    12,377
    9,342
    113
    Dubai
    එල්. ටී. ටී. ඊ. සංවිධානය වෙත පනවා තිබූ තහනම ඉවතට

    යුරෝපා සංගමය විසින් දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය හෙවත් එල්. ටී. ටී. ඊ. සංවිධානය වෙත පනවා තිබූ අවහිර සම්බාධක ඉවත් කරන්නට යුරෝපා සංගම් යුක්තිය පසිඳලීමේ අධිකරණය තීරණය කර තිබේ. මෙතෙක්කල් එල්. ටී. ටී. ඊ.ය යුරෝපයේ තහනම් සංවිධානයක් ලෙස පැවැතීම හේතුවෙන් එම තහනම ඉවත් කරවා ගැනීම සඳහා එල්. ටී. ටී. ඊ.ය වෙනුවෙන් දෙමළ නීතිඥයන් පිරිසක් මේ නඩුව පවරා තිබිණි.

    ඇමෙරිකා එක්සත් ජනපදයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය නිසා ඇමෙරිකාව ක්‍රියාත්මක කළ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය' මුවාවෙන් ශ්‍රී ලංකාව විසින් ඊළාම් රාජ්‍යයේ දෙමළ ජාතිකයන් සමූල ඝාතනය කළ බව මෙම නීතිඥයන් යුරෝපා සංගමයේ යුක්තිය පසිඳලීමේ අධිකරණය ඉදිරියේ පෙන්වා දී ඇති අතර ලොව රටවල් 40කට අධික සංඛ්‍යාවක් ඍජුව හා වක්‍රව 'ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය' මුවාවෙන් එල්. ටී. ටී. ඊ.ය තහනම් සංවිධානයක් බව ප්‍රකාශ කර විවිධ සම්බාධක පනවා තිබූ බව පෙන්වා දී ඇත. මේ නඩු තීන්දුව තවත් මාස 3කට පසුව ක්‍රියාත්මක විය යුතු බව සඳහන් වන අතර ඉන්පසු එල්. ටී. ටී. ඊ.යට පැවැති විවිධ සීමා හා තහංචි ඉවත් කෙරෙනු ඇතැයි පැවැසේ. යුරෝපයේ වෙසෙන දෙමළ ක්‍රියාකාරීන් විසින් එල්. ටී. ටී. ඊ. තහනමට එරෙහිව මේ නඩුව 2011 අප්‍රේල් මාසයේදී පවරා තිබූ අතර එම නඩුව සඳහා ලාගන් සුන්දරලිංගම්, වී. කොපේ, ඒ. එම්. වෑන් එයික් හා ටී. බුරුමා යන නීතිඥයෝ පෙනී සිටියහ.

    යුරෝපා කොමිසමට විරුද්ධව පැවරූ මේ නඩුවේදී විත්ති පාර්ශ්වය වෙනුවෙන් නෙදර්ලන්තය, එක්සත් රාජධානිය හා යුරෝපා කොමිසම පෙනී සිටි අතර තීන්දුවට අනුව පැමිණිලි පාර්ශ්වයේ නඩු ගාස්තු ඇතුළුව සියලු නඩු ගාස්තු ගෙවීමටද විත්ති පාර්ශ්වයට නියෝග කර තිබේ. යුරෝපා සංගම් යුක්තිය පසිඳලීමේ අධිකරණය විසින් ගන්නා ලද මේ තීරණය හේතුවෙන් එල්. ටී. ටී. ඊ. සංවිධානයට හා ඒ හා සබඳතා පැවැත් වූ විවිධ පුද්ගලයන්ට එරෙහිව පනවා තිබූ විවිධ තහංචි හා සීමාවන්ද ඉවත් කිරීමට තීරණය වී ඇත. කෙසේ වෙතත් යුරෝපයේ එල්. ටී. ටී. ඊ.ය සතු දේපොළ හා වත්කම් තහනම එලෙසින්ම පවත්වා ගැනීමට නව තීන්දුවෙන්ද තීරණය කර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.

    අපි මේ ගැන සොයනවා විදේශ කටයුතු අමාත්‍යංශය

    එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙත යුරෝපා සංගමය විසින් පනවා තිබූ තහංචි හා සම්බාධක යුරෝපා යුක්තිය පසිඳලීමේ අධිකරණය විසින් ඉවත් කිරීම පිළිබඳ ශ්‍රී ලංකාවේ රජයේ දැඩිඅවධානය යොමු වී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.අධිකරණය විසින් ලබා දුන් මේ තීන්දුව විත්ති පාර්ශ්ව විසින් වැඩිදුරටත් ගැඹුරින් අධ්‍යයනය කළ යුතු යැයි පවසන විදේශ කටයුතු අමාත්‍යංශය, යුරෝපා සංගමය විසින් එල්.ටී.ටී.ඊ. ය පිළිබඳ ඉදිරියේදී නිසි පියවර ගනු ඇතැයිද විශ්වාසය පළ කර තිබේ.

    එල්.ටී.ටී.ඊ. ය යුරෝපයේදී තහනම් කරන්නට ශ්‍රී ලංකාව තොරතුරු ලබාදුන් බවත්, එලෙසින්ම ඉදිරියටත් යුරෝපා සංගමය හා එහි සාමාජිකයන් හට එල්.ටී.ටී.ඊ. ය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කරන්නට අවශ්‍ය තොරතුරු හා සහයෝගය ශ්‍රී ලංකාව විසින් ලබාදෙනු ඇති බවත් විදේශ කටයුතු අමාත්‍යංශය අවධාරණය කර තිබේ.
    එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම්වලට විරුද්ධව සමහර යුරෝපා රටවල් තවදුරටත් විවිධ පරීක්‍ෂණ මෙහෙයවන බවත්, සමහර කාරණාවලට විරුද්ධව නීතිමය කටයුතු පවා ආරම්භ කර ඇති බවත් පෙන්වා දෙන විදේශ කටයුතු අමාත්‍යංශය, එල්.ටී.ටී.ඊ. යට එරෙහි මේ තහංචි ඉවත් කිරීම යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්‍ෂාවට බලපානු ඇත්දැයි අවධානයෙන් සිටින බවත් සඳහන් කර ඇත.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,377
    9,342
    113
    Dubai
    දැන් කට්ටියටම සනීප ඇති. විදේශ කටයුතු අමාත්යන්ශයේ ඉන්න සක්කිලි හැතිකරේ එකතු වෙලා රටට වැඩක් කරපු වැඩක් කරන තානාපතිවරු ඔක්කොම අයින් කරා.. මේ හැම දෙයකින්ම වාසියක් ගත්තේ කොටි සංවිදානය. සජින් වාස්ලා වගේ තක්කඩියො මේ රටේ ඉන්නකල් මේ රටට සෙතක් වෙන්නේ නෑ.. මට පේන්නේ මේ ආරම්භයක් විතරයි වගේ.. මුන් කොහොම හරි මුන්ගේ වැඩේ කර ගන්නවා.. අපේ ගොන් හරක් එකාට එකා කපා ගන්නවා
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    ආණ්ඩුව ගත්ත හොද පියවර ගැන විස්තරාත්මකව ම&#3545

    ආණ්ඩුව ගත්ත හොද පියවර ගැන විස්තරාත්මකව මේ ලිපියේ තියෙනව මේක හෝදට කියවල බලපල්ලා.

    ආණ්ඩුව කිසිවක් නොකර යුරෝපා එල්ටීටීඊ තහනම ඉවත් වෙන්න ඉඩ හරින්නේ දැන් නිදහස් වන එල්ටීටීඊ ගිණුම් වල ඇති කෝටි ගණනක යුරෝ කේ.පී. හරහා ලබා ගන්නයි -මංගල සමරවිර-------

    (ලංකා ඊ නිව්ස් -2014.ඔක්.16, ප.ව.11.00) එල්ටීටීඊ සංවිධානය ත්‍රස්තවාදී ලැයිස්තුවට ඇතුළත් කිරීමේදී යුරෝපා කවුන්සලය විසින් අනුගමනය කරනු ලැබ ඇති ක්‍රියා පටිපාටිමය පදනම යුරෝපා අධිකරණය විසින් නිශ්ප්‍රභා කරමින් එල්ටීටීඊය පිලිබඳ ලිහිල් පිලිවෙතකට මාරුවීමට ඉඩ සැලැස්වීම වත්මන් ආණ්ඩුවේ විදේශ අමාත්‍යාංශයේ නොසැලකිල්ලට වඩා එය රාජපක්ෂ රෙජීමය විසින් සිතා මතා සිදුකළ ඉඩ හැරීමක් යයි එල්ටීටීඊය යුරෝපයේ තහනම් කිරීමෙහිලා විශාල වැඩ කොටසක් කළ හිටපු විදේශ ඇමැති මංගල සමරවීර මහතා ‘ලංකා ඊ නිව්ස්‘ වෙත පැවසීය.

    අද සවස යුරෝපා සංගමයේ අධිකරණය විසින් දුන් ආන්දෝලනාත්මක තීන්දුව සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් හිටපු විදේශ ඇමැතිවරයාගෙන් කළ විමසීමකට පිළිතුරු වශයෙන් ඔහු එසේ කීය. වැඩිදුරටත් අදහස් දැක්වූ මංගල සමරවීර මහතා...

    ‘‘එල්ටීටීඊය යුරෝපා සංගමය තුල තහනම් කිරීමට වැඩ කටයුතු කෙළේ මමයි. ඊට හේතු වුනේ එල්ටීටීඊය සතුව විශාල වශයෙන් විදේශ වත්කම් තිබුනේ යුරෝපා රටවලයි. එම වත්කම් යොදා ගත්තේ ලංකාවේ ත්‍රස්තවාදය සඳහා බැවින් අපට එල්ටීටීඊ ක්‍රියාකාරකම් මෙන්ම එහි මූල්‍යමය පදනම අහෝසි කිරීම අත්‍යාවශ්‍ය වී තිබුනා. එකළ යුරෝපා සංගමයට රටවල් 25 ක් අයත් වුනා. මා වෙන් වෙන් වශයෙන් සෑම රටක් සමගම සාකච්ඡා කරලා එල්ටීටීඊය තහනම් කරන්න යෝජනා කළත් රටවල් 7 ක් කැමැති වුනේ නෑ. යුරෝපා සංගමයේ ප්‍රතිපත්ති අනුව තීන්දුවක් ගන්නවා නම් සංගමයට අයත් සියළු රටවල් ඒකමතිකව කැමැති විය යුතුයි. එසේ නැතිව බහුතරයක කැමැත්තෙන් යුරෝපා සංගමය තීන්දු තීරණ වලට එන්නේ නෑ. ඒ නිසා අකමැති වූ රටවල් 7 කැමැත්ත ලබා ගැනීම අපට ගැටළුවක් වුනා. ඉන්පසුව මා ඇමරිකානු එවක රාජ්‍ය ලේකම් වරිය වූ කොන්ඩලීසා රයිස් මහත්මියත්, ගලේන් බර්න්ස් ආසියාව බාර ලේකම්වරයාත් සමග සාකච්ඡා කළා. පසුව ඒ දෙදෙනා අර අකමැති වූ රටවල් හතේ රාජ්‍ය නායකයන් සමග පුද්ගලිකව සාකච්ඡා කර ඒ අයගේ කැමැත්ත ලබා ගත්තා. එහෙම විශාල ප්‍රයත්නයකට පස්සේ තමයි 2006 මැයි 29 වෙනිදා යුරෝපා සංගමය එල්ටීටීඊය ත්‍රස්ත සංවිධානයක් ලෙස පිලිගෙන තහනම් කර ඒ අයගේ තිබුනු මහා විශාල ධනයක් සහිත බැංකු ගිණුම් සහ වත්කම් යුරෝපය තුල වාරණය කරන්නේ.

    දැන් එච්චර අමාරුවෙන් කර ගත්ත දෙයක් රැක ගැනීමට රාජපක්ෂ රෙජීමය අසමත් වෙලා තියෙනවා. ඒකට ප්‍රධාන හේතුවක් තමයි වත්මන් ආණ්ඩුවට නිසි විදේශ ප්‍රතිපත්තියක් නැති කම. මෙතැන කේපී කරුණා වැනි එල්ටීටීඊ නායකයන්ට සුර සැප දෙන ගමන් අසරණ දෙමළ ජනයා එල්ටීටීඊ කියා සිරගත කරගෙන සිටිනවා. මේවා මගින් ලෝකයාට දෙන පණිවුඩය කුමක්ද..? ලංකාවේ එල්ටීටීඊ නායකයන්ට නිදහසේ එන්ජීඕ කරගෙන යන්න පිලිවන් නම් ලෝකයේ අනෙක් රටවල් එල්ටීටීඊය තහනම් කරගෙන සිටීද? මේ සියල්ලටම වඩා මට ලැබී තිබෙන ආරංචි අනුව එල්ටීටීඊ තහනම යුරෝපයේ දිගටම පවත්වාගෙන යෑමට අදාල කටයුතු විදේශ අමාත්‍යාංශ විසින් අරගෙන නෑ. ඒකට හේතුවක් තියෙනවා. එල්ටීටීඊ තහනම ඉවත් වුනාම යුරෝපයේ අර තහනම් කර තිබුනු ගිණුම් වල සල්ලි සහ විශාල වත්කම් යලින් නිදහස් වෙනවා. ඒ කෝටි ගණනක යුරෝ මුදල් සහ දේපොල තිබෙන්නේ වැඩියක්ම කේ.පී. යටතේ. මොකද දැන් ප්‍රභාකරන් ඇවිල්ලා ඒවායේ අයිතිවාසිකම් කියන්නේ නෑනේ. මේ අති විශාල ධනය කේ.පී හරහා රාජපක්ෂ රෙජීමයට ලබා ගන්න පිළිවන් නිසා තමයි එල්ටීටීඊ වාරණය යුරෝපයේ දිගටම තබා ගැනීමට ආණ්ඩුව කිසිවක් සිදු නොකෙළේ. “ මංගල සමරවීර මහතා පැවසීය
    .